පාසල් ළමයින්ගේ අවධානය නිරවුල් කරගැනීමත් සිත එකඟකරගැනීමත් සඳහා උපකාරයක් වශයෙන් භාවනාව ප්‍රගුණ කිරීම බ්‍රිතාන්‍ය පාසල් කාලසටහනට ඇතුළත් කිරීම අරඹා ඇත.
ළමා සිත්හි ඇති ව්‍යාකුල සිතුවිලි වලින් අත්මිදීම සඳහා සතිපට්ඨාන භාවනාව පුරුදු කිරීමෙන් සාර්ථක ප්‍රතිපල ලබාගැනීමට හැකිවූ බව මේ පිළිබඳව අදහස් දැක්වූ ගුරුවරියක් පැවසුවේය. භාවනා වැඩසටහන් සඳහා ස්වේච්ඡාවෙන් සහභාගී වීමට සතුට පලකල සිසු සිසුවියන් කණ්ඩායමක් යොදා සිදුකළ අත්හදා බැලීමකින් ළමා සිතුවිලි යහපත් තත්වයකට හරවා ගැනීමටත් ඉගෙනීමේ කටයුතු සඳහා ඇති අවධානය සෑහෙන දුරකට වර්ධනය කර ගැනීමටත් ආතතිය අඩුකර ඉගෙනුම දියුණු කර ගැනීමටත් හැකිවූ බව ඒත්තු ගිය නිසා බාලාංශ පන්තිවල සිට සතියකට පැය භාගයක් සියලුම සිසුන්හට භාවනාව ප්‍රගුණ කරගැනීම සඳහා පන්තියක් පැවැත්වීමට ආරම්භ කල බව එම ගුරුවරිය කීවාය.
පාසල් අධ්‍යාපනයෙන් ශාස්ත්‍රීය කාර්ය සිද්ධිය ඉස්මතු කර ගැනීම ඉතාමත් වැදගත් වන බව පිළිගන්නා බවත් ඒ සඳහා භාවනා ක්‍රම උපයෝගී කරගනිමින් ධනාත්මක ප්‍රතිපල ලබාගත හ්කිනම් එයද වැදගත් ලෙස සැලකිය යුතු බවත් පසුගියදා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බ්‍රිතාන්‍ය අධ්‍යාපන ඇමතිනි නිකි මෝර්ගන් පවසා ඇත.
භාවනාව ප්‍රගුණ කිරීමෙන් දරුවන්හට කිසියම් හෝ ගැටළුවක් ඇත්නම් එය අනුන් ලවා විසඳා ගැනීම කෙරෙහි විශ්වාශයක් තබාගෙන සිටිනවාට වඩා තමන් විසින්ම විසඳා ගැනීමට අවස්තාවක් ඇතිබව ඒත්තු ගැන්වීමට හැකියාවක් ඇතිබවත් සතිපට්ඨාන භාවනාව බ්‍රිතාන්‍ය පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීම සඳහා දැනට කටයුතු කරගෙන යන බවත් බර්ක්ෂයර් ප්‍රාන්තයේ පාසලක සේවය කරන භාවනා උපදේශක වරයෙක් පැවසුවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුක්කුස, නොදන්නා බෞද්ධ ඉතිහාසය නොකියා ඉන්න. මොකක්ද ඔච්චර ලංකාවේ පන්සල් එක්ක තිබෙන වෛරය? ඔයා ගැන අපි දන්නවා. (නි)
සේනකගේ මතය අගය කළයුතුයි. එය සත්‍යයක් (නි)
හොඳ දේ කොහේ කළත් හොඳයි (නි)
අපේ පාසල් වල ළමයින්ට අනිවාර්ය කළයුතු දෙයක් තමයි භාවනාව. පාසල් වල විතරක් නෙවෙයි හැම බන්ධනාගාරයකම සිරකරුවන්ට දවසකට පැයක් භාවනා කිරීම අනිවාර්ය කළයුතුයි (නි)
හොඳ ලිපියක් (නි)
අගය කළයුතු වැඩක්. (නි)
බෞද්ධ දර්ශනයේ අග්‍ර ඵල වනුයේ සමථ හා විදර්ශනා භාවනාවයි. බටහිර රටවල ජීවත්වන ඇත්තෝ මේ අග්‍ර ඵල වලින් උපරිම ඵල නෙලා ගන්නවා. ලංකාවේ බහුතර බෞද්ධ ජනයා බෞද්ධාගම අදහනවා විතරයි. බෞද්ධ දර්ශනය අනුගමනය කර ඉන් උපරිම ඵල නෙලා ගැනීමට වෙර දරන්නෝ විරලයහ.(හේ)
ලංකාවේ පන්සල් වලින් කෙරෙන සේවය කියා නිමකළ නොහැක. නමුත් හිත දියුණු කිරීම , මෛත්‍රීය , කරුණාව දියුණු කිරීම කිරීම ගැන මීටවඩා වැඩ කොටසක් සිදුවිය යුතුය. බෞද්ධ රටක් වුණත් අපේ අය සතුටින් සිටින වෙලාවක් සොයා ගැනීම අපහසුය. (නි)
කෝ බෞද්ධ අපේ රටේ මේවා? (නි)
ඇමෙරිකාවේ සෑමතැනම වගේ භාවනා සමිති සමාගම් තිබෙනවා. (නි)
විපස්සනා භාවනා ක්‍රම ප්‍රගුණ කිරීමෙන් ඉතාමත් යහපත් ප්‍රතිඵල රාශියක් ලැබේ. මා දැනට එංගලන්තයේ කුඩා පිරිස් වලට නොමිලයේ දේශනා කර පුහුණු කරමි. මාගේ දොස්තරවරිය කෙතරම් පැහැදුනේද යත් ඇය තම නිවසෙහි භාවනාව සඳහාම කොටසක් වෙන්කර සාදා ඇත. ශ්‍රී ලංකාවේ මෙය සෑම නිවසකම ප්‍රගුණ කළයුතු දෙයක් බව මගේ හැඟීමයි. (නි)
ලංකාවෙ පාසල් වල මීට ගොඩක් කලින් පටන් ගතයුතු දේවල් තමා මේ. එංගලන්තෙ හරි මේ පටන්ගැනීම ගැන අසන්න ලැබීම විශාල සතුටක්. කොහොමත් ඉතින් අපේ රටේ එංගලන්තෙ පැත්තෙන් පටන් අරගෙන එනකොට තමා පිළිගැනීමක් තියෙන්නෙ. වැඩි කලක් නොගොස් ඔය යහපත් දේ අපිටත් පටන්ගන්න පුලුවන් වේවි (නි)
හොඳ වැඩක් (නි)
ළමයින්ට පමණක් නෙමෙයි, ඇත්තටම අපි සියළු දෙනාටම භාවනාව තුළින් සිතේ සහනය ලබාගත හැකියි (නි)
අපි දන්නවා ඔය පුක්කුස කවුද කියලා. ලන්ඩන් බෞද්ධ විහාරයෙන් කෙරෙන සේවය අමරණීයයි. (නි)
මේය නම් සතුට උතුරා යන ලිපියක් , සුද්දාවත් මේ ලියන දේ නම් දන්නේ නැහැ , පාසල් මට්ටමින් සිසු දරුවන්ට විදර්ශනා භාවනාව උගන්වන්න පටන් ගත්තොත්, ලෝකය මෙතෙක් බිහි නොකළ අග්‍රගනයේ විද්‍යාඥයින් බිහිවීම ඇරඹෙනවා , ඒ විතරක්ද සියලු සමාජ ප්‍රශ්න නිරාකරණය විම, ඒ දෙකම වෙන්නේ හේතු දෙකක් නිසා 1 බුදුදහම තමයි ලෝකයේ ඇති අග්‍රගන්‍ය විද්‍යාව. 2 මං මුළාවී ඇති මනුෂ්‍යාට සැබැ තතු අනාවරණය කරදීම. මෙන්න කාලෝචිත ප්රශ්නය අද බෞද්ධ භික්ෂුව බුදුදහම දන්නෙහිද ?(බ)
පුක්කුස මිලානෝ හා පිටිගල මිලානෝ ලා මිලානෝ පන්සල් දෙකක දායකයෝ වගෙයි. අර කඨින පිංකම දවසේ කඹ ඇදීමේ තරගයත් තියනවද කියල අපිටත් දන්වනවද? මම අහල තියනවා රෝමයේ පන්සල් 18ක් තියනවා කියල. තරගෙට පින් කරන දායක මහතුන් භාවනා වැඩමුළුවක් පැවැත්වුවොත් හොඳයි නේද? (බ)
පුක්කුස නමින් ලියන කෙනා කවුරු උනත් පොඩ්ඩක් ලන්ඩන් බෞද්ධ විහාරයෙන් කෙරෙන ධර්මදුත වැඩකටයුතු ගැන පොඩ්ඩක් අහල බැලුවොත් හොඳයි. බ්රහ්මවන්ශ හිමියෝ පැවිදිභාවයට පත්වනන්ට පෙර ජීවත් වුනේ ලන්ඩන් බෞද්ධ විහාරය අසලයි. දැනුත් උන්වහන්සේ එම විහාරයට වැඩමකර ධර්මදේශනා පවත්වනවා. අපේ සමහර අය තවමත් ලංකාවේ කවුරුහරි කරන හැම දෙයකම දෙයක ඇද කුද දකින අතරේ පිටරට අය මොනවා කලත් ඒවා ඉස්තරම් කියල කියන්න පුදුම ආශාවක් දක්වන බවක් පෙනෙන්න තියෙනවා. බැන බැන හරි මේ අය ඔය කියන ලංකාවේ පන්සල්වල තමා දාන මාන වැඩ කරන්නේ.මොකද තායිලන්ත, ටිබට් හෝ බුරුම පන්සල්වල සිංහලෙන් හෝ අප දන්නා පාලි බසින් වන්දනා මාන කෙරෙන්නේ නැහැ.ඒ තැන්වලට පිනක් දහමක් කරගන්නවාට වඩා සෝබනේට යන එන අපේ කට්ටියත් ඉන්නවා.(රේ)
ලන්ඩනයේ විහාරයක දේවාලයක් අටවාගෙන කපුවෙකුත් වැඩසිටියා.(රේ)
භාවනාවේ අගය සුද්දාට වැටහුනේ අජාන් බ්‍රහ්මවංශ හිමි ඇතුළු එංගලන්තයේ තායිලන්ත පන්සල් වලින් මිසක් එංගලන්තයේ, ඉතාලියේ සහ ප්‍රංශයේ තියෙන ලංකාවේ පන්සල් වලින් නම් නොවේ. අපේ පන්සල්වල කෙරෙන්නේ නැටුම් මුලික කර ගත් උත්සවයන්ය. නච්ච, ගීත, විසුක දස්සන අත් හැරීම නොව ඒවා දෙස අප්රියයෙන් හෝ බලා සිටීමටයි මේ පන්සල් වලට ගියාම වෙන්නේ. නිර්මල බුදුදහම පසෙක දා කරන කටයුතු නිසා මේ පන්සල් වලට විදේශිකයන්ගේ සහ මේ රටවල ඉපිද යමක් දන්නා ලාංකික ළමුන්ගේ පැමිණීම අඩුය. (බ)
සුද්දෝ කරන නිසාවත්, ලංකාවේ අය කරන්න පටන්ගත්තොත් ලොකු දෙයක්. අපේ අය තමන්ගේ දේවල අගය දන්නේ නැහැ. (බ)
අපේ අයට ඉතින් සුද්දෙක් මේවා කළාම තමයි මහා ලොකුවට පේන්නේ? ඕක හොඳට ගැලපෙන්නේ සුද්දන්ට නෙමෙයි නොහික්මුණු අපේම අයටයි. සුද්දෝ දිහා බලලා හැදෙනවට වැඩිය ලංකාවේ පන්සල් වල මේවා ක්‍රියාත්මක කලොත් නරකද?(හේ)
බෞද්ධ රටේ මේවා පෙනෙන්නේ නෑ අපිට (ම)
මව් කුසෙන් එලියට පැමිණි මොහොතේ සිට අවසන් සුසුම් පොද හෙලන තුරු නොනැවතී පන්චේන්ද්රියන්ගෙන් ලැබෙන සැපයුම නිසා ලෞකිකත්වයෙන් වියවුල් වන මනස භාවනාව මගින් එම සැපයුම නවතා මොහොතක් ලෝකෝත්තර ස්වභාවය කුමක්ද කියා වටහා ගන්න.(හේ)
අපිට නොවටිනා අපේම දේවල් නේද මේ? (නි)
බොහොම හොඳ වැඩක් (නි)