ඇෆ්ගනිස්තානයේ සඳුදා පෙරවරුවේ සිදුවූ භූ කම්පනයෙන් මිය ගිය ගණන 250 කට ආසන්න බව අලුත්ම විදෙස් ප්රවෘත්ති වාර්තා පවසයි.
ඇෆ්ගනිස්තානයේ හින්දුකුෂ් කඳුකර ප්රදේශයේ සිදුවූ භූකම්පනය රිච්ටර් මාපකයේ 7.5 ක් ලෙස සටහන් වී ඇත.
පාකිස්තානය, ඉන්දියාව, තජිකිස්තානය ඇතුළු රටවල්වලටද භූ කම්පනයේ බලපෑම් ඇතිවූ බවත් පාකිස්තානයේ බාලිකා පාසලක සිසුවියන් 12 දෙනකු සිරවී මියගොස් සිටි බවත් වාර්තාවේ.
පාකිස්තානයේ පමණක් 154 දෙනකු භූ කම්පනය හේතුවෙන් මියගොස් ඇතැයි කියති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස් රුධිරයෙන් තෙත්ව තිබෙන මේ දේශයට කවදා සමාවක් ලැබේද? (ර)
කව්රුවත් කලබල වෙන්න එපා මේක දෙවියන්ගේ කැමැත්ත! (බ)
අනේ දෙවියනේ! (නි)
දුකට පත් එම අසරණයන්ට හැකි සෑම උදව් උපකාරයක්ම කිරීම අප සැමගේ යුතුකම වෙනවා.ඒ අතින් අපි ජීවත් වෙන දේශයන් මොනතරම් වාසනාවන්තද.....? (බ)
පවු අහිංසක මිනිස්සු! (නි)
මිනිස්සු අහිංසකයි. හැබැයි වැඩිපුර ජීවිත හානිවෙන්නෙ නොසැළකිළිමත් ජීවන රටාව සහ නිලධාරීන්ගේ නොසැළකිළිමත්බව නිසා. තමන්ගෙ රටට වන ස්වභාවික විපත් ගැන නියමිත ආයතන විමසිල්ලෙන් ඉන්නවා නම් අනතුරු ප්රමාණය සෑහෙන අඩුකරගන්න පුළුවන්. ජපානය හොඳම උදාහරණයක්. (නි)
මිනිස්සු මහපොළොව නුහුලන අපරාධ කරද්දී ස්භාවධර්මයා පවා කම්පාවෙන එක අහන්න දෙයක්ද. (ර)
මෙහෙම හරි කමක් නෑ අඩු වෙනවා නම්.(බ)
නිවන්සුව පතමි. (ර)
නිවන් සැප ලැබේවා.! (ර)
ලාංකිකයන් හැටියට අපි කණගාටුව පළ කරමු. මොකද අපි සේරම මිනිස්සුනේ (ම)
අනේ දෙවියනේ! (නි)
හරිම මෝඩ අදහස් දාන අයත් ඉන්නවා නේද? ඔය සොබාදහම. ඒවා වළක්වන්න කාටවත් බැහැ. (නි)