එදා මෙදා තුර වාර්තා වූ ලොව විශාලතම වන්දිය ඉල්ලා අධිකරණය ඉදිරියේ චෝදනා පත්‍ර කිරීමට ඇමරිකාවේ නිව්යෝර්ක් නගරවැසියෙක් කටයුතු කර තිබේ.
තම මැදගිල්ල බල්ලෙකු සපා කෑම නිසා තමන්ට සිදුවූ අගතියට ඔහු ඉල්ලා සිටින මුදල ඩොලර් 2 000 000 000 000 000 000 000 000 000 000 000 කි.එනම් ඩොලර් අන්ඩෙසිලියන 2 කි. ඇමෙරිකා අන්ඩෙසිලියන බිංදු 36 කි.මහා බ්‍රිතාන්‍ය අන්ඩෙසිලියන බිංදු 66 කි.ශ්‍රී ලංකා මුදලින් එම මුදල අන්ඩෙසිලියන 264 කි.
මෙය දැනට පෘථිවියේ විවිධ රටවල් සතු සියලූ මුදල් එක්කළද සපුරා ලිය නොහැකි තරමේ මුදල් ප්‍රමාණයක් වන බවද සදහන්ය.
බල්ලාගේ හිමිකරුවාගේ සිට,ඔහු බල්ලා සපා කන අවස්ථාවේ ගමන් කරමින් සිටි බස් රිය හිමි සමාගමත්,ඔහුට ප්‍රතිකාර කළ රෝහලත්, දක්වා සියලූදෙනා නඩුවේදී වග උත්තරකරුවන් ලෙස ඔහු තම චෝදනා පත්‍රයේ හදුන්වාදී ඇත.
ඇගිල්ල සපා කෑමෙන් පසු තමන්ගේ සිවිල් අයිතිවාසීකම් උල්ලංඝණය වීමේ සිදුවීම් වලටද,ඇගිල්ලේ තුවාළයක්ද,තාඩන පීඩන වලටද,වංචාවන්ටද, හසුවීමට සිදුවූයේ යැයි චෝදනා පත්‍ර ගොනු කර ඇති 62 හැවිරිදි ඇන්ටන් පුරිසිමා කියයි.
මෙය තමන් මරාදැමිමට කළ උත්සාහයක් ලෙසද හදුන්වාදීමට ඔහු කටයුතු කර ඇත.
නඩුව විභාගයට ගන්නේදැයි තවමත් සදහනක් නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහේෂ් බලාගෙන අපේ පාර්ලිමේන්තුවට අපහාස කලා කියලා ඔයාටත් මේ වගේ වන්දියක් ගෙවන්න වේවි.(නදී)
ෂුවර් එකටම මද ඇගිල්ලේ කුණු කරෝල ගඳ එන්න ඇති. එකයි බල්ලා හපා කන්න ඇත්තේ. අ)
කවුරුත් තේරුම්ගන්නෙ නැහැනේ හරි කතාව. වන්දිය ඉල්ලන්නේ බල්ලට දත්සෙට් එකක් අරන් දෙන්නලු (නි)
මොහු ඇඟිල්ල පෙන්නගෙන ඉන්නේ හරියට මහා ලොකු තුවාලයක් තියෙනවා වගෙයිනේ... (නි)
මෙහෙමත් පිස්සු මනුස්සයෙක්! (නි)
ඇගිල්ලේ තරමට ඕන ඉදිමෙන්න.(නදී)
පිටගල නිකම් බොරුවට
වන්දිය වගේද දැන් මුළු ලෝකෙම මිනිහගේ ඇඟිල්ල ගැන කථා කරන එක. ඕක පුංචි සෙප්පඩ විජ්ජාවක්..! (දී)
අමෙරිකාවත් බල්ලෙකුට වටින්නේ නැහැනේ.(නදී)
මෙයත් හරියට කොස්තාපල් පුන්යසොම වගේද කොහෙද ? (නදී)
මොහු බල්ලට ඇඟිල්ල මේ විදියට පෙන්නන ගිහිල්ලා බල්ලට කේන්ති ගියා. ඒක නිසා තමා හපා කෑවේ. (ස)
බින්දු ගැන වැඩියි වගේ.(දිල්)
බල්ලා කාලා දඩ මුදල මෙච්චර නම් අර කුඩු ගෙනා අයට කීයක් දඩ ගහන්න වෙයිද? (නි)
වැඩේ බල්ලට යයි වගේ.(නදී)
මේ ඉලක්කම දාලා කොළයක් ප්‍රින්ට් කරලා දුන්නා නම් ඉවරනේ ඕනෑ තැනකින් මාරු කරගන්න කියලා (නි)
බල්ලා කීයක් වටිනවද දන්නෙ නැහැ (නි)
අයියෝ වන්දි මුදල මදි වගේනේ.තව ටිකක් ඉල්ලන්නනේ තිබුනේ.... (නි)
මේකත් අර ඵෙශ්චර්යාට ආදරය කරලා ලක්ෂ දාහතක් ඉල්ලුවා වගේ වැඩක් තමයි. (නි)
නඩුකාරයටත් ඔය ඇඟිල්ල ඔය විදියටම පෙන්නන්න. හොඳට වන්දිය හම්බවෙයි. සුභ අනාගතයක් අයියේ. (අ)
මේ වාගේ මානසික රෝගීන් ඉන්නවා.ජනප්‍රිය තාවය බලාගෙන කවදාවත් නොලෑබෙන දේවල් කරන.(ස)
අය්යෝ මෙහෙමත් බල්ලෝ, හපන්නකො අපේ ඇඟිලි. (ස)
අම්මෝ
සාරාසංඛ්‍යය කල්ප ලක්ෂයක් යනු අවුරුදු 4x10 (148) [දහයේ එකසිය අටවන බලය](දී)
අපි ඉන්න රටවලදී මේ විදියට ඇඟිල්ල පෙන්නුවොත් අම්බානට ගුටි කන්න වෙනවා !!නවසීලන්ත වීරයා (අ)
කොහොම වුණත් බල්ලා තව තව තැන් හැපුවා නම් කොහොමද? මෙයා බල්ලගෙන් වන්දි ඉල්ලුවේ නැත්තේ මොකද දන්නේ නැහැ (නි)
අමිල කිව හරි, ඇමෙරිකාවේ ඉන්නේ අමුතුම මිනිස්සු. 2010 වසරේ නිව් ජර්සි ප්‍රාන්තයේ එක හොරෙක් නඩු දාල තිබුන ඔහු හොරෙන් ගෙට ඇතුළු වෙද්දී ජනේලේ තිබුණු ඇනයක් නිසා ඔහුගේ කකුල දරුණු ලෙස සීරි තුවාල වෙච්ච එකට විරුද්දව . පුදුමේ කියන්නේ ඔහු එම නඩුවෙන් දිනා වන්දියකුත් ලැබීමයි. (ස)
මේ නඩුව ඔහු දිනුවොත් මමත් බල්ලෙකුට කියලා හපාගන්නවා (නි)
දිනේෂ්,හැබැයි නිව්යෝර්ක් බල්ලෙක්ම වෙන්න ඕනෑ (නි)
මෙන්න ලෝකයේ හොඳම වටිනාම ඇඟිල්ල (නි)
බල්ලෙක් හපා කාලා මෙහෙම නම් හරකෙක් ඇන්නොත් කීයක් විතර ගන්න පුලුවන්ද දන්නේ නැහැ නේද? (නි)
පාරේ ඉන්න වල බල්ලෙකුට කියල හපාගන්න. නගර සබාවෙන් වන්දිය ඉල්ලලා නඩුවක් දාන්න. (ස)
ඔයතරම් මුදලක් ඉල්ලන්නේ කුමකටද කියල තේරෙනවා. අමාරු උනාම ගහගන්න බැරිනිසා. (ස)
එහෙම බලද්දී ඒ බල්ලත් සෑහෙන්න වටින්න එපැයි (නි)
නඩුකාරතුමා මොහුව මානසික රෝහලට ඇතුළත් කරන්න නියෝග නොකළොත් පුදුමයි. අහිංසකයෙක්. පව් අනේ! (නි)
නඩුව දිනුවත් වැඩක් නැහැ, ඔය මුදල දෙන්න නෝට්ටු ගණන් කරලා අවසන් වෙද්දී ඔහු ජීවතුන් අතර ඉඳීද දන්නෙ නැහැ (නි)
ඇමරිකාවේ ඉන්නේ මේ වගේ අය තමයි.ළඟදි දවසක් වාහනයක යද්දී සැඩ පහරකට අහුවෙලා ගිලිලා මැරෙන්න යද්දී ජීවිතාරක්ෂකයන් විසින් බේරාගත් මිනිහෙක් නඩු දාලා තිබුණා මිනිහව ගොඩටගත් විදිය වැරදියි කියලා (නි)
අමිලගේ අදහසට මට හිනායනවා. (නි)
මේ වැඩේ ආයෙ කවුරුවත් කරන්න හිතන්න එපා . මේ මිනිහට වන්දි ගෙවුවම ආයෙ ලෝකෙ කොහේවත් සල්ලි ඉතුරු වෙන්නෙ නැති නිසා. (ස)
ඒ වන්දිය හොඳටම මදි. (නදී)
එතකොට බුදුහාමුදුරුවෝ බුදුවෙන්න පෙරුම් පිරුවයි කියන "අවුරුදු සාර අසන්ඛේයිය කල්ප ලක්ෂයක්" කියන්නේ කොච්චර කාලයක්ද කියලා දැනගන්න ඕන කාටද? හැබැයි බන පොතේ සඳහන්වෙන විදිහට. (ස)
මේ බල්ලා මැද ඇඟිල්ලම තෝරලා හපා කෑවේ ඇයි කියලා මට ටිකක් සැකයි.අනික් ඇඟිලි නොහැපෙන්න. (ස)
අමිලගේ කතාවට මටත් හොදට හිනා ,(ස)
මේ නඩුව ලංකාවේ ඇහුවනම් හොඳයි මොකද තීන්දුව දෙනවිට සියලුම පාර්ශවයන් මැරිලා ඉවරයී ....හා ..හා (ස)
වගකිවයුත්තෙක් නිල ප්‍රකාශයක් නිකුත් කරනතුරු මා හට කිසිම ප්‍රකාශයක් කළ නොහැක. (නි)
සමන්ති වගේමයි අපේ සමහර ප්‍රකාශ කලාත්.(නදී)
පිස්සු බල්ලෙක් කාලද මන්දා (නි)
අනිවාර්යෙන්ම මේ මනුස්සයා උසාවිය හෑල්ලු කිරීමේ වරදට වැරදි කාරයෙක් වෙනවා.!(දිල්)
මේක ලංකාවේ උනා නම් කියල හිතෙනවා. එහෙනම් අපේ අය ඔය මනුස්සයාට ඕන වන්දිය අරන් දෙන්නම් කියා පොරොන්දු වෙලා ජීවිත කාලෙටම නඩු අහන්න හොඳ ගානක් එයාගෙන් කඩාගනී. (ස)
ඔය මුදල බල්ලෙකුට වටින්නේ නැත.(නදී)
මේක කවදාවත් ලැබෙන්නේ නැහැ. හානියේ තරමට වන්දිය ලැබෙන්නේ. නීතිය කියන්නේ මිනිස්සුන්ට හිතෙන දේවල් ඉල්ලන්න පුළුවන් දෙයක් නෙවෙයි. බෙක්සේන්දිල් නඩුවේ මේ සංකල්පය පැහැදිලි කරලා තියෙනවා. (ස)