බ්‍රසල්ස් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට එල්ල කෙරුණු ප්‍රහාර වලට පෙර ගුවන් තොටේ ඇති වූ ආරක්ෂක දෝෂයන් සම්බන්ධයෙන් අවධානය යොමු නොකර සිටි බවට කෙරෙන චෝදනා හමුවේ බෙල්ජියමේ ගමනාගමන අමාත්‍යවරිය ජැකලින් ගාලන්ට් ඉල්ලා අද (15) ඉල්ලා අස්විය.
බෙල්ජියමේ ගුවන්තොටුපොළ වල ආරක්ෂක තත්වය විවේචනය කරමින් 2015 වසරේ යුරෝපා සංගමය විසින් නිකුත් කළ රහස්‍ය වාර්තාවක් එරට විපක්ෂය ඉදිරිපත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ නම් වෙනස්. ගේට්ටුවේ වැඩකළ දෙතුන් දෙනෙක්ගේ සහ ඊට ඉහළින් ඉන්න නිලධාරියකුගේ වැඩ තහනම් කළාට පස්සේ විෂයභාර ඇමති වගකීමෙන් නිදහස්.. (නි)
අපේ රටේ ඇමතියන්ට එහෙනම් සියපාරක් විතර අස්වෙන්න වෙලා. ඔවුන් හොර කරලා අතටම අහුවුණත් මහජනතාව හොරකම් කළා වගේ ඉන්නේ. වෙන රටවල වැරදි කරපු අය අල්ලන්න කියලා උද්ඝෝෂණය කරන්නේ. ලංකාවේ ඔවුන්ව බේරන්න කියලා උද්ඝෝෂණය කරන්නේ. පුදුම වෙනසක්. වසර 2500 ක් පැරණි නිසා වෙන්න ඇති (නි)
මෙන්න නියම නායකයෝ. එ්කට අපේ රටේ? (නි)
ලංකාව කියන්නේ මහා අරුම පුදුම රටක්. ඔලුව තදින් නරක වෙච්ච මිනිසුන් පිරිසක් පිරිච්ච අරුම පුදුම රටක්. (නි)
තවමත් දියුණු තත්වයකට පත්නොවුණ, ම්ලේච්ඡ, වනචාරී ගෝත්‍රිකයන් සිටිනා රටක් වන ශ්‍රී ලංකාව තව අවුරුදු 1000 කින්වත් මේ වගේ තත්වයකට පත්වෙයි කියා සිතන්නට නොහැකියි. (නි)
එයත් ඒරටේ ගමනාගමන මණ්ඩලෙන් කෝටි ගණන් පිල්ලි ගහලද? තම තමන්ගේ නෑදෑයන්ට හොර ජොබ් දීලද? අපේ රටේ ඇමතියන්ට නම් ලැජ්ජාවක් කියලා දෙයක් නැහැ. (නි)
ලංකාවේ වාගේ ඉල්ලා අස්වෙන්න කිව්වත් අස් නොවී ඉන්න තිබ්බේ , අපේ රටෙන් උදාහරණ නොගන්න එක තම ඔය ප්‍රශ්නේ (අ)