තුර්කියේ කුතාහායා නුවර ජිවත්වන ඉබ්බ්‍රහිම් උචෙල් (42) වෘත්තීයෙන් ස්වයං ව්‍යාපාරිකයෙකි. අත්‍යවශ්‍ය කටයුත්තකට හැර නිවසින් පිටව නොයන උචෙල් තම වියාපාර කටයුතු නිවසේ සිටම කරයි.
එහෙත් ඔහු මේ දිනවල මුහුන හා හිස ආවරණය වන පරිදි කම්බි කුඩූවක් පැළැද සිටිති. ඉබ්බෙකු දමා ඇති කම්බි කුඩුවේ යතුර ඇත්තේ තම බිරිද සතුව බවත් කෑමට බිමට හැර ඇය කුඩුව විවර නොකරන බව පවසන උචෙල් තම බිරිදත් දියනියත් තමාට ඈති අසිමිත ආදරය නිසා අධික දුම් පානයෙන් තමාව බේරා ගැනිමට තමාගේ අවසරය මත මෙම ක්‍රමය අනුගමනය කළ බව කියයි.
මට දුම්බීම නවත්තගන්න බැරිව හිටියේ. නමුත් තව ටික දවසක් මේ කුඩුව දාගෙන හිටියාම අවුරුදු 26ක් පුරාවට ගෙනාපු ඒ නරක පුරුද්ද අතහරින්න මට පුලුවන් වෙයි. උචෙල් මාධයට එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන ඉබ්බන් දැම්මත් තමන් ඒ පුරුද්ද හිතින් අත අරින කම්,මෙයාට දුම් බීම නවත් වන්න බැහැ (ත)
සල්ලි වලට මටත් එකක් ගන්න පුලුවන්ද දැන් නැහැ.මගේ මනුස්සයටත් දාන්න. (ත)
තව කොහෙට දායිද දන්නේ නෑ. (ත)
සැබැ බිරිදක් සැමියෙක් සහ දුවණියක්...වාසනාවන්..............!!!!!!!!!!!!!!!!!! (ත)
යසයි. ලංකාවෙත් මේ වගේ කළොත් නියමයි. (නි)
ඔන්න බේබදු සැමියන් ඉන්න බිරින්දෑවරුන්ට සුබ ආරංචියක්. (ත)
පෙරේත කමට කාලා කාලා මහත වැඩි වෙන අයටත් කරන්න ඕනෙ මේක තමයි.(නදී)
සමහර බිරිඳ ළඟ කටට තමයි මේක දන්නා ඕන. (අ)