බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වන්නේ ද නැද්ද සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා වන ජනමත විචාරණය අද පැවැත්වීමට නියමිතය.
බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් සහ ඔහුගේ ප්රතිපක්ෂ යුරෝපා සංගමයට විරුද්ධ පාර්ශව අවසන් සටනට වැද ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා පවසයි.
එංගලන්තය, වේල්ස්, ස්කොට්ලන්තය හා උතුරු අයර්ලන්තයේ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිත අතර යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු බවට තීරණයක් ලැබුණහොත් බ්‍රිතාන්‍ය මූල්‍ය අර්බුදයකට ලක්විය හැකි බවත් විදේශ විනිමය පහත වැටිය හැකි බවත් ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.
යුරෝපා සංගමයෙන් ඉවත්වීම ඔබේ පවුලේ අනාගතය අවදානමේ හෙළීමක් වනු ඇති බවත් බ්‍රහස්පතින්දා ඡන්දය ඒ සඳහා පාවිච්චි කළහොත් එය සිකුරාදාට වෙනස් කළ නොහැකිවනු ඇති බවත් බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් පවසයි.
මේ අතර යුරෝපා සංගමයෙන් ඉවත් නොවිය යුතුය යන ස්ථාවරයේ සිටි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ද පසුගියදා ඝාතනය කැරිණි.
එසේ හෙයින් ජනමත විචාරණය ඉතා උණුසුම් එකක් වනු ඇතැයි විචාරකයෝ පෙන්වා දෙති.
ඡන්ද විමසුම සඳහා බ්‍රිතාන්‍ය පුරවැසියන්ට මෙන්ම එරට පදිංචිව සිටින ආසියාතිකයන්ටද සහභාගී විය හැකි නමුත් එරට වෙසෙන යුරෝපා ජාතිකයන්ට එම අවසරය ලබාදී නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වන්නේ නම් එම රටට හොඳක් වාගේම, යුරෝපයටත් හොඳක් වන්නේය, මා කැමතියි බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වෙනවට. (ර)
වෙන්වීම බ්‍රිතාන්‍යට පමණක් නෙවෙයි, ආසියනුවන්ටත් හොඳයි. නමුත් ඒක සිද්ධ වෙන්නේ නැහැ. (ර)
දැන් යුරෝපා සංගමය කියන්නේ ජර්මන් කොලනියක් එංගලන්තයත් දැන් ඉන්නේ ජර්මනියට ඕන විදියට. (ර)
එංගලන්ත අගමැති කියන්නේ නියම නායකයෙක්. (ර)
එංගලන්තය්ෙ සිටින කළු සුද්දාෙ යුරා්ෙපා හවුලෙන් ඉවත් විය යුතුයි කියන්නේ ආමාර්ථකමට සහ අනවබා්ෙධය නිසා. එහි සිටින ආසියාතිකයන් තවමත් වහල් යුගය්ෙ පසුවන්න්ෙ ඹවුන්ට තවමත් පිට පලාත්වලට ගිහින් ජීවත් වෙන්න බැහැ සුද්දාෙ හිරිහැර කරනවා. (බ)
සුද්දන්ට වෙන්නොවී එකට හිටියොත් ආර්ථිකයට හොඳයි කියන කට්ටිය අපේ රටේ මිනිසුන්ට එකතුවෙලා ඉන්න නොකියන්නේ අපේ ආර්ථිකයට පහරදෙන්නද? (නි)
එංගලන්තය දැන් අච්චාරු හැලියක් වාගේ. (ර)
යහපාලනයටත් පාඩුයි කැමරන් ඇද වැටුනහම. හිතාගෙන හිටපු සෙල්ලම් කරන්න අමාරුයි දැන් (නි)
එංගලන්තය මොනවගේ රටක්ද කියලා මම දැනගත්තේ මේ ප්‍රතිඵල අැහුවහමයි. (නි)
මෙයට එකගව ඡන්දෙ දුන්නේ, ජාතිවාදය නිසා.සාමාන්‍ය ජනයා, මෙහි ප්‍රතිපල ගැන අවබෝධයකින් සිටියේ නැ.වෙන්වීමට කැමැත්තෙන් ,වැඩිපුර ඡන්දය දුන්නේ මහලු උදවිය. (බ)
මේ අදහස මම ලියද්දි ඔය ඡන්දෙ අවසන් වෙලා බ්‍රිතාන්‍ය යුරෝපා හවුලෙන් වෙන්වෙන්න තීරණය කරලා හමාරයි. ඒ විතරක් නොවෙයි අයර්ලන්තයත් බ්‍රිතාන්‍යයෙන් වෙන්වෙලා යුරෝපා හවුලට එක්වෙන්න උත්සාහ ගනිමින් සිටින තත්වයක් ඇතිවෙලා තිබෙන අවස්ථාවක්. ලෝකයේ නාවික ගමනාගමනයත් වෙළඳාමත් පාලනය කිරීමේ අරමුණින් ලංකාව අවුරුදු තිහක යුද්ධයකට තල්ලු කර අවුරුදු තිහක් යුද්ධය දික්ගස්සවපු ඔය අධිරාජ්‍යවාදී බලලෝභින්ට ඔහොම වෙලා මදි. (නි)