ලිබියාවේ ට්‍රිපෝලි අගනුවර පිහිටි බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලාය තාවකාලිකව වසා දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකරයි. ලිබියාවේ දැනට පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් මේ තීරණය ගත් බව බ්‍රිතාන්‍ය විදේශ ලේකම් කාර්යාලය පවසයි. ට්‍රිපෝලි අගනුවර සිටින බ්‍රිතාන්‍ය ජාතිකයන්ට වහාම ආරක්ෂක ස්ථානවෙත යොමුවන ලෙස දන්වා ඇති බ්‍රිතාන්‍ය රජය ඔවුන් හැකි ඉක්මණින් යලි සියරට ගෙන්වාගැනීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කැර ඇත.
පසුගිය සති දෙකක කාලයේ දී ඇතිවූ ගැටුම් හේතුවෙන් පුද්ගලයන් 200ට වැඩි පිරිසක් මියගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනට අවුරුදු ගනනකට පෙර හොදට තිබුන ලිබියාව මේ තත්වයට පත්කර විනාශ කලේ කවුද.? (නදී)
ලේ පිපාසෙන් ඉන්න මිනිස්සු අමුතුවෙන් විනාශ කරන්න දෙයක් නැහැ ! (දී)
ලිබියාව මේ තත්වයට පත්කල ප්‍රධාන රටවල් 2 තමයි බ්‍රිතාන්‍ය හා ප්‍රංශය (නදී)
බටහිර රටවල් සමග ඇමරිකාව ඇති කළ අරාබි වසන්තය ඔවුනටම පාරා වළල්ලක් වෙලා ආපසු එනවා. මේවා හොඳ පාඩම් අපේ විරුද්ද පක්ෂවල දේශපාලකයන් හට. ඔවුනුත් සැරසෙන්නේ මේ ටික කර ගන්නට (නදී)
නුවන්,ඔබේ අදහස වැරදියි. ඇසළගේ අදහස හරි. (නදී)
මානව හිමිකම් කට්ටිය කෝ !!!.. (දී)
ලංකාවටත් ඔය ටික කරන්න තමා අපේ සමහර නපුන්සක දේශපාලකයෝ හා බටහිර රටවල් හදන්නේ. මේ ගොන්නුන්ට එ්ක තේරෙන්නේ නැහැ (නදී)
මම 2011 ට පෙර ලිබියාවේ අවුරුදු 2 ක් වැඩ කරපු නිසා හොඳට දන්නවා එහෙ මිනිස්සුන්ට ගඩාෆි එපා වෙලා තිබ්බ විදිහ (හොරකම,රටේ සල්ලි මංකොල්ල කෑම සහ භීෂණය නිසා) ඒ නිසා ඔවුන් බටහිර ආධාර ඉල්ලුවා. සියයට 95 කටම ගඩාෆි එපාවෙලා තිබුනේ. බටහිර රටවල් සමග ඇමරිකාව, ලිබියානු ජනතාව සහ විපක්ෂය ඉල්ලු නිසා ගඩාෆි මර්දනයට සහය දුන්නා. ලංකාවේ ජනමාද්‍ය ගඩාෆි ගැන වර්ණනා කර කර හිටියා ඔහු අපේ ලොක්කන්ගේ යාලුවෙක් නිසා. ඉහත කොමෙන්ට් දාපු හැමෝම ලිබියාව ගඩාෆි යුගයේ තිබුණු තත්වය ගැන හරියට දන්නේ නැති බව පෙනේ. දැන් තියෙන්නේ බලය සඳහා ලිබියානු විපක්ෂයේ විවිද කණ්ඩායම් අතර අරගලයක්.(නදී)
බටහිර රටවල් ටික එකතු වෙලා ලිබියාවට අරගෙන දීපු සාමය තමයි මේ. ඇස් ඇරගෙන හිටියොත් කාටත් තේරෙන්න් ඕනේ. ලංකාවටත් මේ ටිකම තමයි කරන්න හදන්නෙ.(නදී)