වසර 13කට පෙර, ඩයිනමයිට් සහ මෝටාර් තුවක්කු උපයෝගී කරගෙන විනාශ කර දැමු බාමියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ පිළිබඳව, ඇෆ්ගනිස්ථානයේ සිට ඕස්ට්‍රේලියාවට පැමිණි වයස අවු 80ක් ඉක්මවූ සරණාගත කාන්තාවක් පැවසුයේ එම ප්‍රතිමා වනසද්දී ආහාර පවා නොගත් බවයි.
ඇය ඇතුලු පවුලේ අය ඇෆ්ගනිස්ථානයේ බාමියන් බුද්ධ ප්‍රතිමා වහන්සේට වැදුම් පිදුම් කර ඇති බවත්, එය නතර කළේ ඇයගේ වයස අවු විසි ගණන් වලදී බවත්, පසුව තමන් අප්රසිද්ධියේ තම මිත්තනිය සමග තම නිවසේදී බෞද්ධ වැදුම් පිදුම් කළ බවත් ඇය කියා සිටියාය.
ඇෆ්ගනිස්ථානයේ බාමියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ විනාශ කළ දිනවල තමන් ඇතුළු පවුලේ අය නිරාහාරව සිටි බවත්, ඕස්ට්‍රේලියාවට පැමිණි පසුව නිදහසේ බෞද්ධ කටයුතුවල යෙදෙන බවත් දැනට ඇය වියට්නාම් භිකෂූණියක් සමග භාවනා කටයුතු කරගෙනයන බවත් ඇය කීවාය.
ලෝක බෞද්ධයාගේ ගෞරවාදරයට ලක්ව තිබූ, පස්වන ශතවර්ෂයේ දී පමණ ගන්ධාර කලාවට අනුව නිර්මාණය කළ, අඩි 175 පමණ උසකින් යුත්, ඇෆ්ගනිස්ථානයේ බාමියන් බුද්ධ ප්‍රතිමා වහන්සේව, ලෝක නායකයන්ගේ ඉල්ලීම් පවා තුට්ටුවකටවත් මායිම් නොකොට, අන්තවාදී ඉස්ලාම් මූලධර්මවාදීන්ගේ බලපෑම මත විනාශකර මාර්තු මස 11 වන දිනට හරියටම වසර 13කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ද කයිට් රනර් කියල ඉංග්‍රීසි පොතකුත් ඒ ඇසුරින් නිර්මාණය උනා. ලෝක ප්‍රසිද්ද චිත්‍රපටියක් තියනවා ඇෆ්ගනිස්තානේ ගැන. කැමති කෙනෙක් හොයල කියවන්න. චිත්‍රපටිය වටිනවා පොතට වඩා.(නදී)
මේකට අදහස් දාන සමහර අයට මෑත ඉතිහාසයවත් මතක නැ. මේ පිළිම අන්තවාදීන් විනාශ කලේ 2001 මාර්තු වල ඇමෙරිකාව ආක්‍රමණය කලේ 2001 ඔක්තොම්බෙර් වල. මේ පිළිමේ ඔලුව මුලින්ම විනාස කලේ 18 වෙනි සියවසේ.(නදී)
ඔය අය ඔය ප්‍රතිමා විනාශ කළේ මට මතක විදිහට 1996 නැතිනම් 1997. ඒ අයටත් වැඩිකල් යන්න ඉස්සර විපාක හම්බ උනා. මෙවැනි මිලේච්චයන් ඉන්න රටකට ශ්‍රමිකයෝ යවන්න අපේ පාලකයෝ කතා කරනවා.(නදී)
අවුරුදු සිය ගණනක්, තලේබාන් මුලධර්මවාදීන් ඔය ප්‍රතිමා ආරක්ෂා කළා නැතහොත් ඒවාට කිසිදු හිරිහැරයක් කලේ නැහැ. මේ ගැන ඔවුන්ට මා ස්තුති වන්ත වනවා නමුත් සිදු කල හානියනම් විසාලයි. (දී)
පාල අයියේ, මටත් ඇමරිකා වීසා ලැබුනොත් මමත් යනවා. ඒ ගොල්ලෝ අපෙන් ඇදුම් ගන්නවා කියල එයාල කරන හැම දේම හරි කියල කියන්න බෑ. ඇමරිකන් කාරයෝ වියට්නාමයට ගහපු එක හරිද ? ලංකාවට කෙනෙහිලි කම් කරන එක හරිද ? (නදී)
පාල , අපි ඇමරිකන් කාරයට හොඳ පාඩමක් උගන්වමු . ටික දවසක් ඇදුම් මහන්නේ නැතිව ඉමු එතකොට ඇමරිකාව ඇඳුම් අඳින නැතිව ඉදී . ලංකාව නිදහස ලබල මෙපමණ කල් ගිහිල්ලත් දියුණු කරන්න බැරිව ගිහිල්ල තියෙන්නේ ඔය වගේ පරාධීන මානසිකත්වය ඇති උදවිය ලංකාවේ ජීවත් වීමයි , ලංකාවේ ත්‍රස්තවාදය නැති කලා වගේම ඔය වගේ සුදු සෙවනැලි නැති නොකලොත් අප සමද අඳුරේ .(අ)
බොරු ඇමෙරිකන් විරෝධයක් මවන්න එපා විජයසිංහ. ලංකාවෙන් 3 න් 1 ක් ජීවත් වෙන්නෙත් ඇමෙරිකාවට ඇඳුම් යවලා. ඒක නැත්නම් වෙන විකල්පයක් කියන්න ( හැලප ෆැක්ටරියක් දම්ම්මොත් මුළු ආසියවටම හැලප දෙන්න පුළුවන් ද ? තව කියන්න දේවල් හුගක් තියෙනවා.(නදී)
ධම්ම ඔයා හරි. අවුරුදු දහස් ගණනක් ඇෆ්ගන් මිනිස්සු බුදු පිළිම ආරක්ෂා කලා. ඇමරිකන් කාරයෝ රිංගුවට පස්සේ තමයි මේ හැම දේම සිද්ද උනේ.(නදී)
මම දන්නා විදිහට තලයිබාන්, අල් කයිදා, බින් ලාඩන් මේ ඔක්කොම ඇමරිකානුවෝ බිහි කරපු අයයි.(නදී)
අපේ අය ගිවිසුම් ගහන්නේම ලෝකේ හිඟන්නෝ එක්ක.(නදී)
අනිකුත් ආගම් වලට අසාදාරණව කටයුතු කරන රටවල් විනාශ විය යුතුයි.(නදී)
ලංකාවේ පෙරේදාත් කොතක් කඩලා කියල ප්‍රවෘත්තියක් තිබුනා නේද ?කෞතුකාගාරය කඩලා බඩු ගෙනිච්චා නේද ? මේ බෞද්ද රටේ. වෙනත් රටවල තියෙන ආගම් වල අය කඩනවාට කෑගහන්න ඉස්සෙල්ල අපේ රටේ ඒවා ගැන හොයන එක හොඳයි නේද ? (නදී)
ලංකාවට පාකිස්තානේ හරහා එන කුඩු සියල්ලම ඇෆ්ගනිස්තානේ නිෂ්පාදිතයි. ලොව හොරොයින් නිෂ්පාදනයෙන් සියට අනුවකටත් වැඩිය ඇෆ්ගනිස්තානේ. අන්න එහෙම රටවලට අපේ කොල්ලෝ රස්සාවල් වලට අරින්ට ලැහැස්තියි.(නදී)
සමන්ති.... නැසෙන සුළුයි කියල.... බලෙන් අපි දේවල් නසන්න ඕන නැහැ. නිකන් දොඩවන්ට කලින් හිතන්න.මොකෝ උල්කාපාතයක් කඩා වැටිලා මේවා විනාස උනේ නැහැනේ... මානසික උන්මත්තකන්ට පිස්සු වැඩි උනා මිසක. එහෙම උන්ට ගහද්දි ඒ ගහන උන්ට විරුද්දව ලංකාවේ පෙළපාලි යන උන් ඊට වඩා පිස්සෝ...(නදී)
බුදු දහමේ සදහන් පරිදි සියලු දේවල් විනාශවන සුළුය. එයයි සත්‍යය.(නදී)
තමන්ගේ ඊනියා ඇමරිකන් විරොදේ හරි කියල ඔප්පු කරන්ට ඉස්සරලා ඉතිහාසේ විකෘති නොකර කියවලා ඉන්ට. ලෝකේ හෙරොයින් ආදායම කර ගත්තු, සහල් සහ තිරිඟු වගේ හැට අට ගුණයක් පොපි වගා කරන මේ අයට ගහන්නේ කව්ද? උන්ට විරුද්ද වෙන්නේ මානසික රෝගියෝ.(නදී)
මේ ප්‍රතිමා විනාශ කලේ ඇමෙරිකාව ඇෆ්ගනිස්තානයට පහර දෙන්නට පටන් ගත්තායින් පසුවයි. එතෙක් කාලයක්, අවුරුදු සිය ගණනක්, තලේබාන් මුලධර්මවාදීන් ඔය ප්‍රතිමා ආරක්ෂා කළා නැතහොත් ඒවාට කිසිදු හිරිහැරයක් කලේ නැහැ. ඉතින් මේ ප්‍රතිමා විනාශ කිරීමට ඇමෙරිකාව සම්බන්ධ නැහැ කියා කිවහැක්කේ කාටද? (අ)
ද්‍රෝන නමැති දෙවිකෙනෙක් දැන් කාලයක් තිස්සේ හොඳට සලකනවා එහාට.... නිකන් නොවේ පොකුරු බෝම්බ වලින් සලකන්නේ.... පරමාණුවක් වගේ දෙකින් සැලකුවත් මන් නම් අනුමෝදන් වෙනවා හිතේ සතුටට.(නදී)
ඇෆ්ගනිස්තානෙට ඇමරිකාව ගහන්ට කලින් සෝවියට් රුසියාවෙන් අවුරුදු දහයක් එක දිගට ගැහුවා. ලංකාවේ ඉන්න රුසියන් පුරෝහිතලා මීක් සද්දයක් නොකර හිටියේ ඒ දවස් වල. ඇමරිකාවෙන් ගහනකොට හරි හිතේ අමාරුයි කට්ටියට. ඒ ඇයි.? (නදී)
කෝ අපේ මුසල්මානු සහෝදරයෝ මේකට කමෙන්ට් දන්නේ නැද්ද? (දී)
බටු ගෙදර- ඇමෙරිකාව අපේ දෙවියා. නැහැ නැහැ මේ ප්‍රතිමා විනාශ කිරීමට ඇමෙරිකාව සම්බන්ධ නැහැ කියා කිවහැක්කේ කාටද? (දී)
බල ලෝභී දේශපාලනය නිසා ලංකාවෙත් මෙවැනි තත්වයක් ඇති වීමට ඉඩ තිබෙනවා.(නදී)
පසුගිය සතියේ ඇෆ්ගන් ජනාධිපති තුමා මෙහෙ අවවෙලාවේ ඇෆ්ගනිස්ථානයේ ජිවත්වන බෞදයින් ගැන කව්රුත් ඇහුවේ නැහැ , (දී)
ඉක්මනට සසර කතරින් එතෙර වේවි.(දිල්)
ඇමෙරිකාව අපේ දෙවියා. (අ)
මුදිත,ඔබ හරියටම හරි.ඒ පින්වත් මෑණියන්ට සසර කෙලවර අමාමහ නිවන් සුවයම අත්වේවා! (අ)
ඒ අයට ලැබුනා දඩුවම් ඇමරිකාවෙන් (දී)
ඒ දිට්ඨධම්මවෙදනීය කර්ම විපාකය ඇෆ්ගනිස්ථානය තවමත් විඳිනවා. (දී)
පින් ඇති කාන්තාවක්. අපිට වැඩිය ඉක්මනට සසර කතරින් එතෙර වේවි. (දී)
බුදු දහම වනසන්නට කාටවත්ම බැහැ ලෝක දහම එයයි (දී)
කරන කලට පව් මිහිරිය මි සේ ...... (දී)