බංග්ලාදේශයේ ඇඟලූම් කම්හල් ගොඩනැගිල්ලක් ඊයේ (24* හදිසියේම බිමට සමතලා වීමෙන් 70 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 30 දෙනෙක් තුවාල ලැබූහ.
බිමට සමතලා වී ඇත්තේ මහල් අටකින් සමන්විත ගොඩනැගිල්ලකි. එහි ඉහළ මහලවල වෙළෙඳ සැල් තිබුණු බව ද පැවැසෙයි.
අනතුරට පත්වූ ගොඩනැගිල්ල පිහිටා ඇත්තේ සවාර් දිස්ති‍්‍රක්කයේය. රානා ප්ලාසා නමින් හැඳින්වෙන එම ගොඩනැගිල්ල කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. සුන්බුන් අතර සිරවූවන් සෙවීමේ කටයුතු ඊයේ දිනය පුරා සිදුවිය. සහන සේවකයන් පැවැසුවේ මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවය.
|
කඩාවැටුණු ගොඩනැගිල්ල |
|
සුන්බුන් අතරින් තුවාලකරුවන් බේරාගනිමින් |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කල කම් පල දේ.(නදී)
නියම ප්‍රමිතියකට හදලා තියන බව නම් පේනවා. ලඟදි කොළඹත් බිල්ඩිමක් ඇල වුනා නේද? අහල පහල අය ටිකක් කල්පනාවෙන් ඉන්න. (නි)
අනේ දෙවියනේ ! පව් අසරණයින්ගේ ජිවිත ... අපේ හදවත් කම්පා වෙන සිදුවීම් හැමදාම දකින්නේ. කවදාද හිතට සතුටක් දැනෙන ප්‍රවෘත්තියක් දැකලා , සිතේ මහන්සිය දුරු කර ගන්නේ ...? (නි)
දැන් ඊනියා සුචරිතවාදියෝ කියන්න එපා මේක දිට්ට ධම්ම වේදේ කියලා හොදේ. මොකෝ එහෙම වුණොත් අපේ අවුරුදු 30 යුද්ධය,සුනාමිය එහෙම මොන ගනේටද වැටෙන්නේ....? (නි)
බුදු දහමට කරන විනාශයට ලැබුණු දඩුවමක්වද්ද? (නි)
ළගදි අපේ රටේ බස් 1ක් හැප්පිලා 30 දෙනෙක් අමාරුවේ වැටුනේ දිට්ඨ ධම්ම වේදෙටද? (නි)
70 ක් නෙවෙයි දැන් 200 කටත් වඩා මිය ගිහින්ලු.(නදී)
ලංකාවෙත් කොහොමද දන්නේ නැහැ ඕවායේ ප්‍රමිතිය? (නි)