ඇමෙරිකාවේ ඔහියෝහී සාප්පු සංකීර්ණයක ඇති වු ගැටුමක් විසුරුවා හැරීමට පොලිසිය ගම්මිරිස් ඉසු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගම්මිරිස් වැදුණු බව කියන එක් පුද්ගලයකු හා පොලිස් නිලධාරියකු රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
ඔහියෝ බීච්වුඩ් සාප්පු සංකීර්ණයක විශාල පිරිසක් අතර ගැටුමක් ඇති බවට පොලිසියට දැනුම් දී විනාඩි කිහිපයකදී පොලිසිය එම ස්ථානයට පැමිණ ඇත ගැටුම අතරතුර වෙඩි ශබ්ද කිහිපයක් ඇසු බවද බලධාරීහු කියති.
පොලිස් නිලධාරියකුට පහර දුන් බව කියන අයෙකු අත්අඩංගුවට ගෙන ඇත.ගැටුමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෙවන් සිද්ධි කිහිපයක් නත්තල් දිනට පසුදින ‘බොක්සිං‘ දිනයේ දී වාර්තා වූ බව මාධ්‍ය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිරිස් කුලයේ ශාඛ ඵල නිස්සාරකයෙන් ලබා ගන්නා කැප්සසින් නැමති රසායනිකය කැප්සිකම් හෝ පෙපර් ස්ප්‍රේ ලෙස හැඳින්වූවාට එය කිසිම ආකාරයකින් ගම්මිරිස් වලට සම්බන්ධ නැහැ (බ)
අපේ රටේ පොලිසිය මිරිස් ගෝනි අස්සේ දාලා සාක්කි ලබාගන්න දෙන පුජාවත් මීට ටිකක් සමානයි වගේ නේද?
අපේ රටටත් මෙහෙම ක්‍රමයක් නරකම නැහැ (නි)
අනේ මෙහෙම අැමරිකානුවෝ! ‘බොක්සිං‘ දිනයේ මිල අඩුකර දෙන බඩු ගන්න ගිහින් ගුටි ඇනගන්නවා. ලස්සන වැඩේ කියන්නේ මොවුන් මේ සීතලේ උදේ 4-5 සිට පෝලිම් වල ඉන්නවා ලාබෙට දෙන බඩු ගන්න. (නි)
බොක්සින් දිනයේ මිනිස්සු අඩු මිලට බදු ගන්න එක බටහිර රටවල සාමාන්‍ය දෙයක්... එක පහත දෙයක් නෙමේ.. ලංකාවේ මධ්‍යම පන්තියේ මිනිහෙක් පාවිච්චි කරන භාණ්ඩ ඇමරිකාවේ දුප්පත් මිනිහෙක් පාවිච්චි කරනවා (ම)
නාමල් ඔව් ඔව් ඒවා අපි ඇමෙරිකානු පොලිසිය කුඩු අල්ලන්න පනින වාර්තා චිත්‍රපටිවල දකිනවා.(බ)