දියවැඩියා කෝමා තත්ත්වයට ගොදුරු වී මරණය පෙනි පෙනී සිටි සිය පියාට නිවැරදිව එන්නත ලබා දුන් පස් හැවිරිදි දැරියක් බ්‍රිතාන්‍යයේ වීරවරියක වී සිටියි.
හෝලි ප්‍රයිස් නමැති මේ දැරිය සිය පියා සමග කන්ටිඩර්හැම් හි ස්ටැන්ලි නගරයේ ජීවත් වූවාය.
සිය කාමරයේ සිට විසිත්ත කාමරයට පැමිණි මේ දැරිය දැක ඇත්තේ සිය පියා සිහිසුන්ව මෙන් නිවසේ සෝපාව මත වැතිර සිටින ආකාරයයි. කලබල නොවූ දැරිය රුධිරයේ සීනි මට්ටම වැඩි කරන ග්ලූකොජන් නමැති එන්නත සීතකරණයෙන් ගෙන පියාගේ උදරයට එන්නත් කර ඇත.
පසුව මේ බව තම මවට ජංගම දුරකතනයෙන් දන්වා ඇති ඇය මව එන විට පරිගණක ක්‍රීඩාවක යෙදෙමින් සිට ඇත. මව පියාගෙන් වෙන්ව වාසය කරයි. හෝලි ගේ පියාවන බාර්කිස් මහතා අවුරුදු 33 ක් තිස්සේ දියවැඩියා තත්වය පාලනය සඳහා ඉන්සියුලින් භාවිතා කරන්නෙකි. බාර්කිස් පවසන්නේ තම දියණිය විසින් ඔහුව මරණයෙන් බේරා ගත් බවයි. තම දියණිය නොවන්නට සෝපාව මත අවසන් හුස්ම හෙලන්නට සිදුවන බව බාර්කිස් කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුව ඔයා වීරවරියක්. ජේසු පිහිටයි.(නදී)
වාසනාවන්ත දරුවෙක් (දිල්)
සත්‍යා ජෙසුපිහිටයි තෙරුවන් සරණයි දෙකම ආශිර්වාද!ආගම් වලට ගරු කරන්න ඉගෙන ගන්න! (දී)
තක්ෂිලා මධුභාෂිනී! ඇත්තෙන්ම දෙවියෙක් හිටියනම් ඇගේ තාත්තාව බේරගන්න දියණියට ඉදිරිපත් වෙන්න ඕනේ නැහැ. මේ කුඩා මිනිස් දියණිය දෙවියන්ටත් කරන්න බැරි හපන් කමක් කරලා තියෙන්නේ. මේ දරුවාටත් රෝගී ඇගේ පියාටත් තෙරුවන් සරණයි. (අ)
මද්දුම බන්ඩාරලා වගේ එඩිතර දරුවෝ ඉපැදුනු රටක් මේක ලංකාවෙ මෙහෙම අය නැහැයි කියලා හිතන එක ඹබලාගේ දැනුම පිලිබඳ ප්‍රශනයක් (අ)
අපේ රටේ මේවගේ දරුවෝ ඕන තරම් ඉන්නවා (අ)
ලසන්ත, මෙවැනි වීර ක්‍රියාවන් කරන ස්ථානෝයිත ප්රග්ඥාවන් ඇති දරුවන් ගැන ලෝකයේ ඉඳහිට අසන්නට ලැබේ. ඇත්තෙන්ම මේ දරුවා කර ඇත්තේ ඇය ගෙදරදී නිතර දකින දෙයකි. ඇයට පියාගේ හදිසි අවස්ථාව ගැන පැහැදිලි අවබෝධයක් තිබී ඇත. ලංකාවේද මෙවැනි දරුවෝ සිටිති. ඔවුන්ගේ වීර ක්‍රියා ගැනද අසන්න ලැබේ. කරණාකර වරදවා තේරුම් නොගන්න. මෙය පුරාජේරු කීමක් නොවේ. ලංකාදීපයේ, පහත වෙබ් අඩවිය බලන්න .(දී) http://www.lankadeepa.lk/index.php/articles/36920 (දී)
ආඩමිබරයි පුතේ........ (දී)
ලංකාවෙත් මෙහෙම අය ඉන්නවා කියා පුරාජේරු කතා කියන අය හරහා මෙය පහත් කොට කතා කරන කෙනෙක් මොනවා හරි කියන කන් මන් මේ බලන් උන්නේ.(නදී)
නියම පුංචි වීරවරිය.සුබ පැතුම් චුටි දුවට.(දී)
මේ වගේ දරුවෝ හරි වාසනාවක් . (නදී)
වාසනාවන්ත පියෙක් සහ නැණවත් දියණියක් දෙදෙනාටම දිගාසිරි පතමි (දිල්)
දරුවන්ට හරි දේ හරි විදිහට කියල දීමේ ප්‍රතිඵල. (දිල්)
මැය දෙස බලන කල්හිද මැයගේ පින්වන්ත සිරියාවක් පෙනේ. වාසනාවන්ත දැරිවියකි.!(දිල්)
මවත් ළඟ නොසිටි අවස්තාවක, ලා බාල දුවණියගේ කාර්යශීලී නුවණ අනාගතයේ දොස්තර කෙනෙක් වීමේ ලක්ෂණ පිළිබිඹු වෙයි.දුවට සම්මානයක් ලැබීම මෙන්ම ,වෙන්වූ මව නැවත එකතු කිරීමත් හේතුකොට ගෙන ඊටත් සම්මානයක් දීම ,වැදගත්ය.(දී)
මේ සුරතල් සිගිති දියණිය ඇත්තටම පුංචි වීරවරියක් (දී)
චුටි දූ පැටියා තාත්තාට ගොඩාක් ආදරෙයි.කොහොමටත් දුලා තම පියාට තමයි වැඩියෙන් ආදරේ.මොනවා වුනත් චුටි දු පැටියාට තෙරුවන් සරණ හා දේව ආරක්ෂාව ලැබේවා.(දී)