අබු සයියාෆ් නමැති ඉස්ලාම් සටන්කාමීන්ගෙන් ප්‍රහාර එල්ල වීමේ අවදානමක් ඇතැයි ඇමෙරිකාව, බි්රතාන්යය, කැනඩාව සහ ඕස්ටේ්රලියාව පිලිපීනයේ මැනිලා අගනුවර සිටින තම රට වැසියන්ට අනතුරු අඟවයි. පිලිපීනයේ සංචාරය කිරීමෙන් වැළැකී සිටින්නැයි ද ඒ ඒ රටවල් තම රට වැසියන්ට අනතුරු ඇඟවීම් කර ඇතැයිද තානාපති වාර්තා පවසයි. එම අනතුරු ඇඟවීම් මුලින්ම නිකුත් කළේ ඇමෙරිකාවය. ඉන්පසු බි්රතාන්යය, කැනඩා සහ ඕස්ටේ්රලියා තානාපති කාර්යාල ද අනතුරු ඇඟවීම් නිකුත් කළේය. විදේශිකයන් ඉලක්ක කර ගනිමින් මැනිලා අගනුවර ප්‍රහාර එල්ල වීමේ අවදානමක් ඇතැයි ඇමෙරිකානු සී.අයි.ඒ. බුද්ධි අංශය පිලිපීන රජයට දන්වා ඇති අතර එම අනතුරු ඇඟවීම ලබන 10 වැනිදා සිට කි‍්‍රයාත්මක වේ. මැනිලා අගනුවර සිටින විදේශිකයන්ගේ පමණක් නොව පිලිපීන වැසියන්ගේ පවා ආරක්ෂාව තහවුරු කිරීමට විශේෂ ආරක්ෂක වැඩසටහනක් ආරම්භ කළ බව පිලිපීන ජනපති බෙනිග්නෝ අකිනෝ පවසා ඇත. පිලිපීනයේ සංචාරක කර්මාන්තය අඩාල කිරීමට බෙදුම්වාදී සටන්කාමීන්ට කිසිසේත් ඉඩ නොදෙන බව ද ජනපති අකිනෝ අවධාරණය කර තිබේ. අබු සයියාෆ් යනු දැඩිමතධාරී ඉස්ලාමීය සටන්කාමී කල්ලියකි. 1990 දශකයේ පිහිටුවන ලද මෙම සංවිධානයට මූල්‍ය ආධාර ලැබෙන්නේ අල් කයිඩාවෙනි. පසුගිය වසර කිහිපයේ දී ඔවුන් පිලිපීනයට පැමිණි ඇමෙරිකානුවන් ඇතුළු විදේශිකයන් පැහැර ගෙන ගොස් ඝාතනය කළේය. අබු සයියාෆ් සටන්කාමීන් සමඟ සටන් කිරීමට දශක කිහිපයක් තිස්සේ පිලිපීන ආරක්ෂක අංශ ශක්තිමත් කරන්නේ ඇමෙරිකාවය. කෙසේ නමුත් අබු සයියාෆ් සටන්කාමීන් සහ රජය අතර පවතින ගැටුම්වලට සෘජුව මැදිහත් වීම පිලිපීන රජය ඇමෙරිකාවට තහනම් කර තිබේ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාව ඩබල් ගේමක් ගහන්නේ. මෙහේ කියන තරම් අවුලක් නැහැ. නමුත් මේ අය දැන් මුලු ලෝකයටම වසංගතයක් වේගෙනයි එන්නේ. (නි)
ලොවෙන් තුරන් වේවා (ස)
මුස්ලිම් ආගම ලොවින් තුරන් වෙනවාත් සමගම ලෝක විනාශයත් වෙනවා. (නි)
මධූ, ඒඩ්ස් රෝගයවද්ද? (නි)
බල්ලෝ බිරුවට කඳු පහත්වෙන්නේ නෑනේ. (ස)
මම හිතනවා ඔයාට මේ කියන රෝගයයි, මොළේ අමාරුවයි දෙකම තියෙනවා කියලා. (නි)
මෙතන තියෙන්නේ ආගම්වාදී ජාතිවාදී ප්‍රශ්නයක් නෙමෙයි (නි)
මුස්ලිම් අය නිසා අපි ජීවත් වෙනවා. ලෝකයෙන්ම හරි ආගම එයයි. (නි)
අසිතට මොළය කළදක්වත් නැති බව පෙනෙනවා. (නි)
මුස්ලිම්වරුන් හදන්නේ මුලු ලෝකයේම අණසක පතුරවන්න. (නි)
සමහරු ආගම් අතර ඇති තරහත් මෙමගින් පිරිමහන්න උත්සාහ කරනවා (නි)
මුස්ලිම්වරුන් හැමතැනම. (නි)
නුවන්, ඔයා කොහොමද මුස්ලිම් ආගම විතරක් හොදයි කියන්නේ? (නි)