ඇමෙරිකාවේ නියෝක් නුවර රාජ්‍ය ගොඩනැගිලි කිහිපයක් ඉලක්ක කර ගනිමින් බෝම්බ පුපුරුවා හැරීමට සැලැසුම් කළ බංග්ලාදේශ තරුණයකු පුපුරන ද්‍රව්‍ය තොගයක් ද සමඟ අත්අඩංගුවට ගැනීමට නිව්යෝක් පොලිසිය පෙරේදා (17) සමත් විය. ක්වාසී මොහොමඞ් රෙස්වනූල් අෂාන් නෆීස් නමැති 21 හැවිරිදි එම තරුණයා අත්අඩංගුවට ගෙන ඇත්තේ මැන්හැටන්හි සිදු කළ සෝදිසි මෙහෙයුමකදී යැයි පොලිසිය වැඩි දුරටත් කියා සිටී. ඔහු අල් කයිඩා සංවිධානය සමඟ සම්බන්ධකම් පවත්වන අයකු බව ද පොලිසිය පවසයි. නෆීස්, ඇමෙරිකාවට පැමිණ ඇත්තේ මෙම වසරේ ජනවාරි මාසයේදීය. ඔහු ඇමෙරිකාවට පැමිණ ඇත්තේ ඇමෙරිකාවේ අල් කයිඩා ජාලයක් පිහිටුවීමට යැයි ද ආරක්ෂක අංශ හෙළිකරගෙන ඇත.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd