ඕස්ට්‍රේලියාවේ විශාලතම ප්‍රාන්තය වන නිව් සවුත් වේල්ස්හි ආණ්ඩුකාර බැරී ඕ ෆ්‍රැරල් සිය ධුරයෙන් ඉල්ලා අස් විය.
ඕ ෆ්‍රැරල් ඉල්ලා අස් වූයේ 1959 නිෂ්පාදිත ඇමෙරිකා ඩොලර් 3000ක් (රුපියල් 391830ක්) වටිනා වයින් බෝතලයක් අල්ලසක් වශයෙන් ගත්තැයි චෝදනාව එල්ල වීමෙන් පසුවය.
‘අල්ලස් දූෂණ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියා ස්වාධීන පරීක්ෂණ කොමිසම‘ හමුවේ පෙනී සිටීමට ද ඔහුට සිදු විය.
පරීක්ෂණ කමිටුව හමුවේ ෆැරල් කියා සිටියේ තමා දැනුම්වත්ව එවැනි වයින් බෝතලයක් තමන්ට ලැබුණේ නැති බවයි.
‘වයින් බෝතලය ලැබුණු බවට මට මතකයක් නැහැ. මට එය අමතක වීම වරදක්‘ යැයි පරීක්ෂණ කමිටුව හමුවේ ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් කියා සිටියේය.
බැරී ඕ ෆ්‍රැරල්, පාලක ලිබරල් පක්ෂයේ ප්‍රබලයකු පමණක් නොව, අගමැති ටෝනි ඇබට්ගේ ද සමීපතමයෙකි.
අගමැති මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ බැරී සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ගැන තමන් පසුතැවෙන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය ඉදිරියේ වරදකරු වනතෙක් කිසිවෙකු වරදකරුවෙකු නොවේ යනුවෙන් කයිවාරු ගහන ලාංකිකයින් යැයි කියා ගන්නා අයට ඕස්ට්‍රේලියානු දේශපාලඥයා දී ඇති ආදර්ශය කොතරම් උතුම්ද? අපි මෙහිදී සළකා බැලිය යුත්තේ ඕස්ට්‍රේලියානු මිනිසුන් සංවර වී ඇත්තේ කෙසේද යන්නය. හැබැයි එකක් කිව හැකිය. ඔවුන් සංවර වී ඇත්තේ ආගම හරහා නොවන බවත් , එසේ වී ඇත්තේ රටේ පොදු නීතිය තුලින් බවත්ය.(නි)
පුළුවන් නම් අපේ දේශපාලකයන් ආදර්ශයට ගනිත්වා!. අපේ ඇත්තන්ට මේ පුවත් ඇස ගැටේවා ! (ස)
අපේ රටේ වුණා නම් මුලින්ම ගෙදර යන්න වෙන්නේ අල්ලස් කොමිසමේ සාමාජිකයන්ට! (නි)
මෙම ප්‍රාන්ත අගමැතිවරයාගේ වයින් බෝතලය අල්ලසක් ලෙස ඉල්ලා ලබා ගත් දෙයක් නොව තෑග්ගක් වශයෙන් ලැබුණු දෙයක් වුවත්, ප්රශ්නය වනුයේ ඕස්ට්‍රේලියානු නීතිය අනුව දේශපාලකයන්ට ඩොලර් 500/= වැඩි වටිනාකමක් ඇති තෑගි ලැබුනහොත් එය රජයට බාර දිය යුතුවීමයි. ප්‍රාන්ත අගමැතිවරයා නොකරුවේද එයයි. (නි)
අපේ රටේ අල්ලස් ගැනීමක් ගැන ජේ.ආර්. ජයවර්දන මහතාගේ පාලන කාලයේ පොතුවිල් මන්ත්‍රීවරයෙකුට ඉල්ලා අස්වීමට සිදුවිය එම සිදුවීමෙන් පසු අල්ලස් ගැනීමක් ගැන ආරංචියක් නැත. (අ)
ඒ ඉස්සර .දැන් එවැනි සිදුවීම් ලංකාවේ සිද්ධ වන්නේ නැත.ඕස්ට්‍රේලියාවේ සිද්ධ වුනත්.(ස)
චමින්ද,අපේ රටේ ඔය නීතිය ක්‍රියාත්මක කළොත් අපේ මිනිස්සු ඕකෙනුත් පැනලා යනවා. අපේ අය තෑග්ග 500 ඩොලර් වලට කඩලා කොටස් වශයෙන් ගනිවී. (නි)
හරියටම හරි චින්තක ඔය කියන කතාව. අපි කොහොමද මිනිසුන්ගේ හිතන විදිය වෙනස් කරන්නේ. හැබැයි අපිට එහෙම කරන්න යුතුකමක් තියෙනවා.(නදී)