මහ වැසි සමඟ පැයට කිලෝ මීටර් 113 ක වේගයකින් හමා ආ ප්රචණ්ඩ සුළි කුණාටුවක්, ඊයේ (28) නිරිත දිග බි්රතාන්යය හරහා හමා ගියේය.
බි්රතාන්ය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එම සුළි කුණාටුව ගැන අනතුරු අඟවමින් කියා සිටියේ, එය බිහිසුණු සුළි කුණාටුවක්’ කියාය. එය නම් කර ඇත්තේ, ‘ශාන්ත ජූඞ්’ යනුවෙනි.
මෙවැනි සුළි කුණාටුවක් මීට පෙර බි්රතාන්යය කළඹා ඇත්තේ, 1987 සහ 1990 වසරවලදී යැයි කාලගුණ විද්‍යාඥයෝ පෙන්වාදෙති.
ප්‍රදේශ රැුසක් ජලයෙන් යටවී ගිය අතර, ගස් කඩා වැටීමෙන් විදුලි බල සැපැයුම්වලට බාධා සිදුවිය. නිවාස, ගොඩනැගිලි සහ මෝටර් රථවලට ද හානි සිදුවිය.
ප්‍රධාන පෙළේ ගුවන් තොටුපොළ කිහිපයක ගුවන් ගමන් කටයුතු තාවකාලිකව නවතා දැමුණු අතර, නිරිත දිග ප්‍රාන්තවලට පැමිණෙන ගුවන් යානා වෙනත් ගුවන්තොටුපොළවලට හරවා යැවීම සිදු විය. මීට අමතරව දුම්රිය ගමන් කටයුතු ද අඩපණ වී ඇතැයි ද වාර්තා වේ.
සුළි කුණාටුව ගැන කල්තියා අනතුරු ඇඟවූ නිසා, වෙරළාශි‍්‍රත අවදානම් ප්‍රදේශවල සිටි ජනතාව ආරක්ෂිත ස්ථානවලට යොමු කෙරුණි. සුළි කුණාටුවෙන් ප්‍රාන්ත කිහිපයකට බලපෑම් එල්ල වනු ඇතැයි බලධාරීහු බිය පළ කරති.
අනතුරු ඇඟවීම් සැලකිල්ලට නොගෙන, මුහුදේ පිහිනීමට ගිය 14 හැවිරිදි ගැටවරයකු, මුහුදට ගසා ගෙන ගිය බව වාර්තා විය. ඔහු බේරා ගැනීමට වෙරළාරක්ෂක නිලධාරීන් උත්සහ කළ ද එය අසාර්ථක විය.
ඊයේ උදෑසන වෙද්දී, බි්රතාන්ය පුවත් සේවා වාර්තා කළේ, අත්ලාන්තික් සාගරයේ සිට හමා ආ ‘ශාන්ත ජූඞ්’ කුණාටුව හේතුවෙන් 15,000 කට විදුලි බලය අහිමි වූ බවය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, මිලිමීටර් 20 ත් 40 ත් අතර වර්ෂාපතනයක් ඊයේ දිනයේදී ලැබුණු බවය.
|
සුළිසුළඟට ගස් කඩාවැටී ඇතිඅයුරු |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එච්චරටම ප්‍රචණ්ඩද? (නි)
සිදුවුණු අකරතැබ්බය ගැන අපේ කණගාටුව. සියලු සත්වයෝ නිදුක් වෙත්වා! (නි)
ඒ ගස්වල මුල් නැහැනෙ..? (ස)
රූපවතී, ඒ ගස් වල මුල් තියෙන්නේ වෙන රටවල් වල ! (ස)
ඔය කියන තරම් බරබතල නෑ,,හිතුව තරම් යකා කළු නෑ.. (ස)
ඉන්දික මල්ලි..! ඔයා කිව්ව වචනේ අර්ථකතන ගොඩක් ගැබ්වෙලා තියනවා..! (දිල්)