ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ලබන සතියේ ඇමරිකාවේ ෆිලඩෙල්ෆියා සංචාරයේදී අයිඑස් ත්රස්තවාදීන්ගේ කීම පිට ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටි බව කියන 15 හැවිරිදි ඇමරිකා ළමයකු එෆ්බීඅයි පරීක්ෂකයන් විසින් අත් අඩංගුවට ගනු ලැබිණි.
අයිඑස් ත්රස්තවාදීන් කුඩා දරුවන් නොමග යැවීමට සමාජ ජාල වෙබ් අඩවි කෙතරම් දුරට යොදාගන්නේද යන්න මෙමගින් පැහැදිලි වන බව ඇමරිකාව කියයි.
ගිනි අවි බහුවිධ පිපුරුම් ආදිය පිළිබඳව අයිඑස් ත්රස්තවාදීන්ගෙන් පුහුණුවක් ලද බව කියන මෙම ළමයාට පුපුරන ද්‍රව්‍ය පිළිබඳ උපදෙස් සියල්ල සමාජ ජාල වෙබ් අඩවි මගින් දී ඇතැයි කියති.
ත්‍රස්තවාදී සංවිධානයකට ආධාර අනුබල දීමට උත්සාහ කළැයි ඔහුට එරෙහිව නඩු පැවරීමට යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම මුස්ලිමානුවෙක්ම ත්‍රස්තවාදියෙක් නොවේ..උදාහරණ :- යුද හමුදාවේ සේවය කර මියගිය ක'නල්වරුන් වන මුතාලිෆ් සහ මීඩින් (බුද්ධි අංශය) (ම)
අයි.එස්. අයි.එස්. කියන්නේ ත්රස්තවාදීන් කියලා මම නම් පිළිගන්නේ නැහැ (නි)
අනේ මෙහෙමත් පවුකාරයෝ! (නි)
මේවන් උත්තමයකුට කිසිදු කෙනෙකුට අතක් උස්සනවා කියන්නේ තව මොන කතාද (ම)
මෙි තරමි උත්තමයෙක්ට කිසිම ආගම කෙනෙක් අත උස්සන් නැ කවුද මෙවන් වැඩ කරන කෙනා (ම)
මේ අයි.එස්.අයි.එස්. අන්තවාදය ලෝකෙටම පිළිලයක් (නි)
අනේ අම්මපා මේ මිනිස්සුන්ට මේ පාපකාරී සිතුවිලි වලින් මිදෙන්න බැරි හැටි? (නි)
කවුද කියන්නේ අයිඑස්අයිඑස් ත්රස්තවාදීන් කියල. ඒ ඊශ්‍රායල් ත්‍රස්තවාදී සංවිධානයක් (අ)
මුසල්මානුවන් ත්‍රස්තවාදී ලේබලයෙන් හැඳින්වීම මම කිසිසේත් අනුමත නොකරමි. නමුත් ලෝකය දිහා බැලුවහම එයාලගේ රටවල් යුද්ධ වලින් පිරිලා (නි)
හ්ම්ම් එක් ජාතියක පිළිකාව (බ)
දෙවියන් වහන්සේ නුබ සමග වේවා (ම)
මුස්ලිම් අන්තවාදය ලොවටම තර්ජනයක්.(හේ)
මේ පාපතරයින් නැතිකරන්න හැදුවේ මොනතරම් වටිනා ජීවිතයක්ද දෙවියනේ? (නි)
යුධ වෙළඳාමට ලොවපුරා යුද්ධය වපුරන අයට යුධ අපරාධ චෝදනා නැද්ද? (නි)
පාප්තුමාට මොකුත් වෙන්නේ නැහැ. එතුමාට දීර්ඝායුෂ ලැබේවා! (නි)
ලේ පිපාසිතයින් මහ පොළවටම බරක් (නි)
පාප්තුමා ඝාතනය කරන්න? දෙවියනේ මට දැනෙන තරහ... (නි)
මේවට වගකියන්න ඕනෑ කවුද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ (නි)
කවදාද මේ ලෝකයෙන් මේ කුරිරු ම්ලේච්ඡ අදහස් ඇති අය නැතිවෙන්නේ? (නි)
මේ අයි එස් අයි එස් ලොකු හිසරදයක්.(හේ)
මුස්ලිම් අන්තවාදයෙන් ලෝකය ගලවා ගැනීමට ඇමරිකාව ප්රමුඛ බටහිරට ශක්තිය ලැබේවා..(ම)