පාකිස්තාන අගවිනිසුරු ඊෆ්ටිකා චෞද්රිගේ පුතු අල්ලස් ගැනීම සම්බන්ධයෙන් අගවිනිසුරුවරයා දැන සිටි බවත් ඒ ගැන කිසිවක් නොදන්නවා යැයි ඔහු පැවැසීම මුසාවක් බවත්, ඇමෙරිකන් ඩොලර් මිලියන 3.6 ක එම අල්ලස් මුදල චෞද්රිගේ පුතුට දුන් පාකිස්තානයේ කෝටිපති ව්‍යාපාරික මලික් රියාස් පවසයි.
මලික් රියාස් එම අල්ලස් මුදල චෞද්රිගේ පුතු අර්සලාන් චෞද්රි ට ලබා දී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගවලට බලපෑම් කිරීම සඳහාය. අල්ලස් මුදල ගැනීම සම්බන්ධයෙන් ලිඛිත සාක්ෂි රැුසක් මලික් රියාස් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
චෞද්රිගේ පුතුට එරෙහි එම අල්ලස් ගැනීමේ චෝදනා මේ වනවිට විභාග වෙමින් පවතී. චෝදනා විභාග කිරීමට ද්වි පුද්ගල විනිසුරු මඬුල්ලක් පත් කිරීමට අගවිනිසුරු චෞද්රි පියවර ගත් අතර එම නඩු විභාගයේ අපක්ෂපාතී බව පෙන්වීමට ඔහු එම විනිසුරු මඬුල්ලෙන් ඉවත් වී සිටී. වරදකරු වුණොත් පුතුට එරෙහි තදින්ම නීතිය කි‍්‍රයාත්මක කරන බව අගවිනිසුරු කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙ කවද්ද මේ වගේ දෙයක් උනේ..??
ආ ...........මේ පකිස්තානේ..ඒත් මම බැලුවා මෙහේ කවුද මේව කරන්නේ කියලා...මෙහේ එහෙම අය නෑනේ...
නියම අගවිනිසුරු කෙනෙක්
ඔන්න දෙනවනම් අල්ලස් !!! ඒකට ලංකාවේ ....අල්ලස්වල ගාණ හොඳටම මදි...
නීතිය නීතියම තමයි. නීතිය හදාරන්ට ඕනෑ නමි යන්න පාකිස්තානයට.
ඔච්චර අපිත් එක්ක කිට්ටු රටක් වෙලත් ඇයි අපේ අයගෙන් ඕවා කරන විදිය හරියට ඉගෙන නොගන්නේ.අපේ අහවලා හම්බ වෙන්නකෝ
අපේ නම් ගත්තෙ පුතා නෙමේ. දැන් අපිට බණ කියන, ඒ කාලෙ අනියම් පෙම්වතිය සමග මෝටර් රියේ පෙම් කොට පොලීසියට අසුවුන හිටපු අගවිනිසුරු තුමෙකුගෙ කාලෙ,... මහනුවර වැව රවුමෙ හෝටලයක් තියෙන, උපුල් ශාන්ත සන්නස්ගලයින්ගෙන් ඇහුවොත් දන්න එක්කෙනා, ලේකම් කෙනෙකුත් සමග අල්ලස් ගත් බව, නොදන්නා කෙනෙක් නොමැත.
අනේ ලංකාවේ NSB එකේ වෙච්ච දේවල් නම් අපේ අධිකරණයේ අය දන්නෙත් නැ