මෙතෙක් මිනිසා විසින් තැනූ බලගතුම දුරේක්ෂ සියල්ල අභිබවමින් විශ්වයේ ජීවීන් සොයාගත හැකි තරම් අති ප්‍රබල දුරේක්ෂයක් නිපදවමින් සිටින බව නාසා ආයතනයේ විද්‍යාඥයෝ කියති.
ඉතා විශාල කාච විවරයක් සහිත මේ දුරේක්ෂයෙන් ආලෝක වර්ෂ ලක්ෂ 100 ක් ඈතින් පිහිටි වස්තුවක් වුව ද ඉතා සවිස්තරාත්මකව දැන ගැනීමට හැකිවනු ඇතැයි ඔවුන් පවසයි. එය 2018 දී අභ්‍යාවකාශගත කිරීමට හැකිවනු ඇති බවත් එතැන් පටන් වසර 30ක කාලයක් දුරේක්ෂයේ සේවය ලබාගැනීමට අපේක්ෂිත බවත් ඔවුහු කියති.
විශ්වයේ අප තනිවී නැතැයි යන සංකල්පය සනාථ කැර ගැනීමට මේ දුරේක්ෂය නිපදවන බව නාසා ආයතනය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටසක්වල දෙවියන් ඉන්නවා. මනස දියුනුකරගෙන බලන්න (නදී)
සිත මිස කය නෙති බඹලොව සතරකි. කය මිස සිත නැති බඹලොව සතරකි. මේවා බලන්නට පුළුවන් උන හොත් මෙම උපකරණ සහ තාක්ෂණයෙන් බුදු දහම සත්‍ය වෙනවා (නදී)
චින්තක මහතාණනි !! මම දන්නා සැටියට දෙවියන් ඉන්නේ පිට සක්වල නොව , අප අතරමය , බුදුන් කිසිම තැනක දේශනා කර නැහැ දෙවියන් පිට සක්වල සිටිනවා කියා. ඔවුන් සිටින්නේ අපිව පෙනෙන තැනක. අපට බොහෝ ලඟින් (නදී)
බොරු පම්පෝරි නැතුව අර නැතිඋනා ගුවන් යානය හොයාගත්තා නම් නරකද? ඔක්කොම කියන්නේ තව වසර 30කින් 50 කින්. අද හෙට කරන දෙයක් නෑ. අපිටත් කියන්න පුළුවන් ලංකාව තව වසර 30කින් රොබෝ කෙනෙක් හදනවා මිනිස්සුත් එක්ක තරඟ කරන්න කියලා. එ්ත් එ්ක වෙන්නේ නැති එක හැමෝම දන්නා දෙයක්.(නදී)
මට පෙනෙන්නේ සමහරු ලිපිය හරියට කියවලා නැතුව වගේ (නි)
සිත දියුණු කරගත්ත අය තමයි සක්වල යන්න යානාවක් හැදුවේ, මගේ බලාපොරොත්තුව, ඉන්නවද නැද්ද නොවෙයි , ඉන්නේ අයව හොයනෙක අලුත් දෙයක් වෙව්වී, එහම නැතුව, දෙවියනුත් ඔයාලට හොයාගන්න බැහැ (අ)
තිලා, නසා ආයතනයට නැති වෙච්ච ප්ලේන් හොයනවට වඩා වෙන වැඩ කරන්න තියෙනවා. අනික එක මැලේසියාවේ ප්‍රස්නයක් නේ. (අ)