ඇෆ්ගන්/පාකිස්තාන දේශසීමාව අසල පාකිස්තාන හමුදාවට අයත් මුරපොළ දෙකකට ඇමෙරිකා හමුදා ඩ්‍රෝන යානා යොදා ගනිමින් ඉකුත් සෙනසුරාදා (26) මිසයිල ප්‍රහාර එල්ල කළේ එම මුරපොළවල සිටි පිරිස නේටෝ සහ ඇෆ්ගන් හමුදා සෙබළුන් කණ්ඩායමකට පහර දුන් නිසා යැයි ඇෆ්ගන් හමුදාව පවසයි.
ඇමෙරිකා හමුදා එල්ල කළ එම මිසයිල ප්‍රහාරයෙන් පාකිස්තාන හමුදා සෙබළුන් 24 දෙනකු මියගිය බව පාකිස්තානය පවසයි. එම ප්‍රහාරයත් සමඟ ඇමෙරිකා/පාකිස්තාන ඇයිහොඳයිකම් බිඳ වැටුණු අතර පාකිස්තානයේ සිට ඇෆ්ගනිස්තානයේ විදෙස් හමුදාවලට භාණ්ඩ ප්‍රවාහනය කෙරෙන මාර්ග සියල්ල වසා දැමීමට ද පාකිස්තාන රජය පියවර ගත්තේය.
ඉකුත් සෙනසුරාදා සිදුවූ සිදුවීම් මාලාව සම්බන්ධයෙන් ඇෆ්ගන් හමුදාව ඊයේ (28) විශේෂ වාර්තාවක් ඉදිරිපත් කළ අතර එහි සඳහන්ව ඇත්තේ පාකිස්තානයේ පෙෂවෝර් නුවරට නුදුරින් පිහිටි මුරපොළවල සිටි පිරිස ඇෆ්ගන් සහ නේටෝ හමුදා භටපිරිසක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කළ හෙයින් ඇමෙරිකා හමුදාවේ ඩ්‍රෝන යානා ගෙන්වා එම මුරපොළවලට පහර දීමට පියවර ගත් බවය.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd