පාකිස්තානයේ පෙෂවෝර් නුවර පෙරේදා (29) සවස සිදුවුණු කාර් බෝම්බ ප්‍රහාරයෙන් මියගිය ගණන 42 තෙක් ඉහළ ගොස් ඇති බවත්, තුවාල ලැබූවන්ගේ ගණන 85 ක් බවත් රෝහල් ආරංචි මාර්ග කියා සිටී.
බෝම්බය පුපුරා ගියේ පෙෂවෝර් වෙළෙඳපොළක කාර්ය බහුල වේලාවකදීය. පෙෂවෝර් නුවර ලේඩි රීඩං රෝහලේ වෛද්‍ය අර්ෂාද් ජවේද් පවසා ඇත්තේ, තුවාල ලැබූවන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතළ බවය.
මියගිය පිරිස අතර කාන්තාවෝ අට දෙනෙක් සහ වයස අවුරුදු පහත් නවයත් අතර කුඩා දරුවෝ හය දෙනෙක් ද සිටිති.
පෙෂවෝර් යනු තලේබාන් සහ අල් කයිඩා ත්රස්තවාදීන්ගේ ප්‍රහාර නිතර සිදුවන ප්රදේශයකි. කෙසේ නමුත් ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකු විසින් බාර ගනු ලැබ නැත. ආරක්ෂක අංශ අනුමාන කරන්නේ එය තලේබාන් ප්‍රහාරයක් විය හැකි බවය.
ප්‍රහාරයෙන් කඩ සාප්පු 50 ක් මුළුමනින්ම විනාශ වූ බව පොලිසිය කියා සිටී. බෝම්බය පුපුරා යෑමත් සමඟ බොහෝදෙනා හිස්ලූලූ අත දිවයන්න වූ බව ද වාර්තා විය.
එක්සත් ජාතීන්ගේ 68 වැනි මහා මණ්ඩල සමුළුවට සහභාගී වෙමින් සිටින පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් ප්‍රහාරය හෙළා දකින බව පවසා ඇත.
පාකිස්තානයේ ප්රචණ්ඩ කි‍්‍රයා සිදුවන්නේ අගමැති ෂරීෆ් තලේබාන් සංවිධානය සමඟ සාම සාකච්ඡා පැවැත්වීමට සූදානම් වන අවස්ථාවකදීය.
එම සාකච්ඡුා සාර්ථක කර ගැනීමේ අරමුණින් පාකිස්තාන අගමැතිවරයා ප්රමුඛ රජය සිය අත්අඩංගුවේ සිටින තලේබාන් නායකයන් කිහිප දෙනකු නිදහස් කිරීමට ද කටයුතු කළ බව මීට දින කිහිපයකට පෙර වාර්තා විය.
|
තුවාලකරුවෙක් රෝහල වෙත ගෙනයමින් |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුස්ලිම් රටවල මිනිස්සුන්ට හිත සතුටින් ජීවත් වෙන්න කිසිම දිනක ලැබෙන්නේ නැද්ද? අල්ලාහ් දෙවියන් වහන්සේ මුස්ලින්ම් වරුන්ටම මෙච්චර වෛර කරන්නේ වෙන හේතුවක් නිසා නෙවෙයි අල්ලාහ් දෙවියන් වහන්සේගේ කැමැත්තට විරුද්ධව යන්නෙම මුස්ලිම් අය හන්දා... (ස)
හා හා කෑගහන්න එපා. මේවා සිද්ධ වෙන්නේ අල්ලා දෙවියන් වහන්සේගේ කැමැත්තට.... (ස)
මුස්ලිම් යන්නෙහි අරුත “ලේ වගුරන්න“ ද? දන්න කෙනෙක් කියලා දෙන්න. (ස)
නයින්ට කොච්චර කිරි පෙවුවත්, නයා දෂ්ඨ කරනවා. තලෙයිබාන් කියන්නේ ඉස්ලාම් අකුරටම පිළිපදින ම්ලේච්චයෝ ටිකක්. (ස)
දෙවියන්ගේ කැමැත්තලුනේ. මෝඩ කමට බෙහෙත් නැහැනෙ මොනවා කරන්නද තවමත් ඒකේම ඇලිලා ඉන්නවා. (ස)
මේ කරන විනාශය නවත්වන්න ලෝකයම එකතු වෙන්න ඕනෑ. බලන්න පසුගිය දිනවල, නයිජීරියාවේ කෙන්යාවේ වූ දේවල්. ආගම් ව්‍යාප්ත කරන්න ලේ වැගීරීම් කරනවා. ආගම හරි නම් මිනිස්සු ඒක අදහයි. ඒක බලහත්කාරයෙන් මිනි මරලා කරන්නෙ ඇයි? (නි)
සමහර අය ඉස්ලාම් ආගම හරියට දන්නවා වගේ අදහස් දානාවා. ආගම් වලට අපහාස කරන්න එපා.(නදී)
ක්‍රිස්තියානු පල්ලිය තුල බැතිමතුන් 81ට වඩා පිරිසක් මරාදැම්මා. කෙන්යාවේ නයිරෝබී සුපිරි වෙලද සැලක් තුල 68 කටවඩා මරා දැම්මා. 200කට වඩා තුවාල කරුවන් රෝහල් ගතවුනා. එතකොට මේ ප්‍රහාරය අහිංසක මිනිසුන්ට දෙවියන්ම විසින් මවපු අයට තෑග්ගක් වෙන්න ඇති. කෝ නිසාර්ල, මොහොමඩ්ල, ගෆූර්ලා, රිසාඩ්ලා අපි දන්නවා ඔයාලා මේවා අනුමත කරනව කියලා. අල්ලාගේ කැමත්ත මෙහෙම වුනොත් ඔයාලත් විනාශ වෙනවා වැඩිකලක් නොගොස් . වරද කොතනද?දෙවියන්ද? ත්රස්තයන්ද?(නදී)
මානුශික අයිතිවාසිකම් බලන්න අරයා එන්නේ නැද්ද? (නි)
අනේ අපොයි! මේ අයත් අසරණ මිනිස්සු නේද? අවුරුදු කීපයකට පෙර ලංකාවෙත් බෝම්බ පිපුරුනේ මෙහෙම නේද? දුක වේදනාව මේ අයට නොදැනේද? (නි)
පිල්ලේ නෝනද? අරයා එහෙ ගියා නම් ඒවි (නි)
මම හිතනවා අන්තවාදී නොවෙන මුස්ලිම් අය සියල්ල එකතු උනොත් මේ වගේ ආගමේ නාමයෙන් ඇතැම් මුස්ලිම් අය කරගෙන යන විනාශ කාරී කටයුතු නවතන්න පුළුවන්. මේක කල හැක්කේ ඒ අයට පමණයි. එහෙම නැතුව ලෝකයේ අනෙක් අය මේවට විරුද්ධ වෙන්න ගියාම ඒ අය හංවඩු ගැහෙනවා මුස්ලිම් විරෝධීන් කියල. (නදී)
අපේ රටවලට කුඩු එවලා......අපිව විනාශ කරලා තම තමන්වත් මරා ගන්නා ජාතියක්..... (ස)
ඉස්ලාම් ආගමේ මේ දේවල් වෙන්නේ සාමය හොයා ගෙන යන නිසයි. බුදුහාමුදුරුවෝ කිවේ සාමයට මගක් නෑ සාමය තමයි මාර්ගය කියලාැ. සාමය එළියේ නොව තිබෙන්නේ තම ඇතුලේයි. මේක වැටහිච්චි දවසට මේ ඔක්කොම නවතීවි.නැත්නම් හැමදාම මේක මේ විදියටම පවතීවි.මුස්ලිම් අය ගෙන් ඇහුවොත් ඇයි ඉස්ලාම් කියලා.එයාලා කියන්නේ සාමය සදහා.අනික හැම සිකුරාදාවකම පල්ලියෙන් කියන්නේ ආගම පතුරුවන්න කියලයි කියන්නේ.ඒ කියන්නේ සාමය හොයාගෙන යන්න කියලයි කියන්නේ. ඉතින් සාමය හොයාගන්න ගිහින් හම්බෙන්නේ මේවා තමයි.සාමය එළියේ හොයන්න බැරි දෙයක් කියලා වටහාගත්ත නම් ඉස්ලාම් ආගමත් සාමකාමී ආගමක් වේවි.. (ස)