ඉන්දු පාකිස්තාන දේශසීමාවේ ජම්මු කාශ්මීර ප්‍රදේශයේ පාකිස්තාන සහ ඉන්දීය හමුදා සෙබළුන් අතර ඊයේ (6) සිදුවුණු වෙඩි හුවමාරුවකදී ඉන්දීය සෙබළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කියා සිටියේ පාකිස්තාන හමුදා සෙබළුන් දේශසීමා හරහා ඉන්දීය පාලන ප්‍රදේශයට පැමිණ එම වෙඩි තැබීම සිදුකර ඇති බවය. ප්‍රහාරයට ලක් වී මිය ගොස් ඇත්තේ මුර සංචාරයේ යෙදී සිටි ඉන්දීය සෙබළුන් කණ්ඩායමකි.
වෙඩි තැබීම සැලවූ සැණින් පාකිස්තාන රජය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තම සෙබළුන් කිසිවකු ඉන්දීය සෙබළුන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල නොකළ බවය.
ඉන්දීය රජයත් පාකිස්තාන රජයත් මේ වනවිට එම සිද්ධිය ගැන පරීක්ෂණ කඩිණමින් ආරම්භ කර ඇති බව ද පැවැසෙයි.
මෙම වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් යළිත් වරක් ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදයක් නිර්මාණය වීමේ අවදානමක් ඇති බව දෙරටේම දේශපාලන විචාරකයෝ බිය පළ කරති.
මීට මාස කිහිපයකට පෙර ද පාකිස්තාන සහ ඉන්දීය සෙබළුන් අතර මේ අයුරින් වෙඩි හුවමාරුවක් සිදුවිය. එහිදී පාකිස්තාන සෙබළු පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.
හටගත් එම අර්බුදය සමථයකට පත් වූයේ දෙරටේ හමුදාපතිවරුන් කළ සාකච්ඡුාවලින් පසුවය.
නවාස් ෂරීෆ් පාකිස්තාන නව අගමැති ලෙස දිවුරුම් දුන් අවස්ථාවේදී ද කියා සිටියේ ඉන්දියාවත් පාකිස්තානයත් අතර පවතින දේශසීමා අර්බුද විසඳා ගැනීමට කටයුතු කරන බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිද්ධිය වුනේ කොහොමද කියලා පරීක්ෂණයක් පටන් ගන්නත් පෙර ඉන්දීය මාධ්‍ය කියනවා "පාකිස්තාන සෙබළුන් දේශසීමා හරහා ඉන්දීය පාලන ප්‍රදේශයට පැමිණ වෙඩි තැබූ බව". මේකෙන් පෙනෙන්නෙ කුමක්ද? (නි)
ඉතා භයානක අවස්ථාවක්.නායකයන් එකතුවී දෙරට අතර සහෝදරත්වය ගොඩ නැගිය යුතු වෙනවා. (නි)
අනවශ්‍ය වැඩ. කොච්චර ප්‍රශ්න තියෙනවද මිනිස්සුන්ට? (නි)
පකිස්ථානයේ එකට එක වැඩක්. මේ අය නිසා කාශ්මීර ජනතාව දුක් විදිනවා (නි)
කාශ්මීරය නිදහස් රටක් වෙන්න ඕනෑ, බ්‍රිතාන්‍යයෝ කාශ්මීරේ ඉන්දියාවට අමුණලා ඉන්දියාව හදලා තියෙන්නේ. ඒ වගේ නාගලන්තය, මිස්රාම්, බෙංගාලය ඉන්දියාවට අයිති ප්‍රදේශ නොවෙයි පැරණි ඉතිහාසෙට අනුව. තව ටිකෙන් ඉංග්‍රීසින් ලංකාවත් ඉන්දියාවට අමුණන්නයි බලාගෙන හිටියේ. (නි)
ගැහුවොත් ගහනවා දෙගොල්ලොම නයයි මුගටි සටන ගෙනියනවා (අ)
වල ඌරො කැකුණ තලනකොට හබන් කුකුලන්ට රජ මගුල් කිව්වලු (දී)