නිව්යෝක් නුවර ක්යින්ස් බෞද්ධ විහාරයේ කඨින පිංකම පසුගිය ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වුණි.
එදින රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහ පසුදින සංඝගත දක්ෂිණාවක්ද පැවැත්වූ අතර විහාරාධිපති කුරුණෑගොඩ පියතිස්ස හිමියන්ගේ අනුශාසනා පරිදි පිංකම සිදු කෙරිණි.
මෙවර කඨින පිංකමේ දායකත්වය සඳහා විහාරයේ දායක දායිකාවන් 18 දෙනකු සම්බන්ධවී ඇති අතර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ නිව්යෝක් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිත්‍ය නියෝජිත ආචාර්ය රොහාන් පෙරේරා විශේෂ ආරාධිතයකු ලෙස පිංකමට සහභාගි විය.
බංගලිදේශය, නේපාලය, චීනය හා කොරියාව ඇතුළු රටවල බෞද්ධ පිරිස්ද ඊට එක්වූහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම ලස්සන පුණ්‍ය කර්මයක්. සුද්දෝ දෙතුන් දෙනෙකුත් ගෙන්වා ගන්න බලන්න....(රේ)
මේක යුරෝපයේ පන්සල් වලට වඩා වෙනස් , සුද්දෝ නැති උනත් වැදගත් ලස්සනට ඇඳපු කට්ටිය ඉන්නවා පේනවා , යුරෝපයේ පන්සල් වල පිංකම දානය අවසානයේ එයට සහබාගි වන පිරිමින් පන්සල ගාවම තම වාහන නවතා , ගෙනෙන මත් පැන් බී තමා දානයට සහබාගි වන්නේ , ඇමරිකාව එසේ නොවන වගය පෙනෙන්නේ ...(රේ)
මෙරටේ ඉන්න අපේ වැසියන් සෑම පින්කමකදීම නීතිය අකුරටම පිළිපදිනවා (නි)
යහම්පත් මහතා ලියු දෙය මම සනාථ කරනවා , අපේ පන්සල් වල වෙන දේවල් ඔය ඇමරිකාවේ සිදු නොවන්නේ , එහි බහුතරය උගත් වැදගත් රැකියා කරනා අය නිසා බව මමත් කියනවා (බ)
ඇමරිකාවට බහුදින ධීවර යාත්‍රා වලින් යන්නට නොහැකි නිසාත් , එම රටේ සරණාගත විසා ලබා ගන්නට හැකියව නොමැති නිසාත් යුරෝපයේ මෙන් නොව එහි යන්නට හැකියව ලැබෙන්නේ උගත් වැදගත් කොටසකට බව මමත් පිලිගනිමි (බ)
සාදු සාදු සාදු! අනේ ඉතින් අපිට නම් යන්න වෙන්නේ නැහැ. (නි)
මේ වගේ රටකට යන්න ලැබීමත් ජිවත් වන්නට ලැබීමත් වාසනාවක් , මෙම දරුවන්ට ලක් දිවයින වෙනුවෙන් කරන මෙවෙනි කටයුතු වලට සුබ පතමි ,...(රේ)