තට්ටු නිවාසයක සිව්වැනි මහලේ සිටි හිවලකු පිළිබඳ වාර්තා වන්නේ එංගලන්තයේ ලන්ඩන් නුවරිනි.
ජෝ විලියම්ස් (40) සහ ඇගේ හය හැවිරිදි දියණිය පමණක් එදින රාති්රයෙහි නිවසෙහි සිටියහ.
දියණියගේ කාමරය අසල කාමරයෙහි සිටි විලියම්ස්ට දියණියගේ කාමරයෙන් අමුතු ශබ්දයක් ඇසී තිබේ. ඇය වහා දියණියගේ කාමරයට ගොස් බැලූ විට දියණියගේ ඇඳ උඩ සිටි හිවලකි.නිදා ගෙන සිටි තම දියණියගේ මුහුණ, කට එම හිවලා ලෙවකනු ඇය දිටීය.
දුටු දෙයින් ඇයට විශාල බියක් ඇති වූවත් දියණිය බේරා ගැනීමට ඇය මහත් වෙහෙසක් දැරීමට සිදු වීය. අසල්වැසියකුගේ උදව් ඇතිව පැය කිහිපයක් වෙහෙස දරා හිවලා ගෙයින් එළියට දමා තිබේ.
මුහුණේ වියළි බව නැති කිරීමට පළතුරු රසැති කී්රම් වර්ගයක් මුහුණේ තවරා තිබීම නිසා හිවලා ඇගේ මුහුණ ලෙව කන්නට ඇතැයි ඇගේ මව විලියම්ස් කියයි.
මීට පෙරත් අවස්ථාවන් කිහිපයකදීම හිවලූන්ගෙන් තුවාල ලැබූ කුඩා දරුවන් පිළිබඳ ලන්ඩන් නගරයෙන් වාර්තා වී ඇත. හිවලූන් නගරයට ඒමට හේතුව නගර වැසියන් ලබා දෙන ආහාර වලට ඔවුන් පුරුදු වී සිටීම බව බලධාරීන් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිගිරිය පැත්තේ දඩමස් වලට කෑදර විදේශික කාර් රියදුරන්ට ඒ දවස්වල මුව මස් කියලා නරි මස් දීලා තිබුනා
විනෝදාස්වාදය නරි දඩයම කරගත් අපේ කට්ටියට දැනුම් දෙන්නයි තිබුණේ (නි)
හිවලා හරි ලස්සන සතා නේද? (නි)
නැතුව,නැතුව... අපේ ආච්චිලා සීයලා කුඹුරු කෙටුවට මුනුබුරු මිනිබිරියෝ ඕවා දන්නේ නැහැ නෙව අයියේ. (නි)
නරිත් දැන් කාලේ පොටකට ඇවිල්ලා වගෙයි (නි)
ද සිල්වා ,අමර, සරත් ඇතුළු කිහිප දෙනෙක් සත්යපාලගේ අදහස් තේරුම්ගෙන තිබෙනවා.එහෙත් සත්යපාලව විහිලුවට ගත්ත අපේ අයට ඔය ටික තේරෙනකොට කෝච්චිය ගිහිල්ලා ඉවරයි. (නි)
මෙන්ටල් සත්‍යපාල, මිනිස්සු මරාගෙන කන්නේ ඉක්මනින් බෝවෙන සතුන්. එම නිසා ඔබේ ඔය මෝඩ කතා මෙහෙ කියන්න නැතුව ඉන්න එක හොඳයි... (ස)
සත්‍යපාල, ඇත්ත තරම් තිත්ත දෙයක් ලෝකේ නෑ. ඕක තේරුම් ගන්න මේ ප්‍රතිචාර ටිකම ඇති. (ස)
සත්‍යපාල, දියුණු රටක ජිවත් වෙනවා වගේ පෙනෙන්නේ. ඔබ කියන සියලු දේ, වැරැද්දක් කියලා මිනිස්සුන්ට පෙනෙන්නේ නැති තරමට, ලංකාවේ සාමාන්‍යකරණය වෙලා තියෙන්නේ. (නි)
නරින්ට ගිය ලෝකේ. අපේ නරි තාම හූ ..කියනවා ඇහෙනවා. පේනවා. (නි)
කව්ද මේ තව මාටින් සහෝදරයෙක් ඉන්නේ? මම හිතන්නේ සහෝදරයා නරි මස් නෙමෙයි බලු මස් වෙන්න ඇති. මොකද නරි මස් මුව මස් වලට වඩා ගණන්, සහ හොයාගන්න හරි අමාරුයි (නි)
ඇත්තෙන්ම සත්‍යපාල මහත්මා කියනදේ වෙනුවට වෙන මෝඩ දේවල් තේරුම්ගෙන මෙතන අදහස් දාන අය වගේ කට්ටිය තමයි අපේ රටෙත් වැඩිපුරම ඉන්නේ. හරිදේ කියන... දකින කෙනාව අනික් අයට දැන් ජෝකර් කෙනෙක් වගේ පේන්නේ. අපේ රට විනාශ වෙන්න පටන් අරගෙන ඉවරයි. ඒ දේ තේරෙන්නේ සංවේදී පුරවැසියන්ටම විතරයි. (නි)
මගේ දෙයියෝ! "සංවේදී පුරවැසියන්ටම විතරයි" (නි)
ඔය හිවල්ලු ලෙව නොකන දෙයක් නැහැ (නි)
සත්‍යා කියන දේ නොතේරෙනවා වගේ ඉන්න අයට මොනවා කිවුවත් වැඩක් නැහැ. ඒත් සත්‍ය ඕක තමා. (නි)
පිටරටවල සතුන්ට ආදරේ කරද්දී අපේ රටේ මිනිස්සු ගෝත්‍රික යුගයේ ජිවත් වෙමින් සත්තු මරාගෙන කනවා (නි)
කොහොමත් එංගලන්තයේ වැඩිහරියක් ඉන්නේ හිවල්ලු තමා. වෙනසකට තියෙන්නේ වලිගෙ නැති එක විතරයි (නි)
නිසල්, අනේ අල්ලපු ගෙදර නෝනා මස් කඩේ යන්නේ නැහැ.උදේට ඇට කටු බල්ලන්ට දානවා පේනවා.. (නි)
චන්ඩි, මෝඩකම පෙන්නන්න එපා. සත්‍යපාල ලියලා තියෙන දේ හරියට කියවලා බලන්න (නි)
එංගලන්තයේ ලන්ඩන් වල හිවල්ලු වගේ සත්තු හිටියට අපේ ලංකාවේ ඈත ගම් පළාතකවත් සත්තු ඉතුරුවෙලා නෑ.මරාගෙන කාලා.මේවා නවත්වන්නට ඕන කියලා හිතන්නට තරම් ලංකාවේ අය දියුණු නෑ.දැන් ගස් ටිකත් කපල ගලවල ඉවරකරමින් ඉන්නේ.වතුර ටිකටත් වසවිස කලවම්වෙලා.කර්මාන්තශාලා වාහන සර්විස් කරන තැන ඔක්කොම තියෙන්නේ වතුර ගලයන ඇල දොළ ආසන්නයේ.ඔක්කොම තෙල් රසායන ද්‍රව්‍ය ලේසියෙන් වතුර පාරට හොරෙන් හරවන්න පුළුවන් නිසා.වතුර සමඟ පොලවට යන වස විස තව අවුරුදු 500 -1000 වත් යනතුරු පරම්පරා ගණනාවක් ලෙඩ කරනවා.මේවට ඉඩදෙන අපි අපේ දරුවන්ගේ දරුවන්ටත් කළ හැකි ලොකුම විනාශය කරලා ඉවරයි.ඒත් ඉතින් තේරෙන මිනිස්සු රටේ බොහොම හිඟයි.වැඩි දෙනෙක් කපුවන්ට සාස්තරකරයන්ට දේවාලවලට අණ වින හූනියම් වලට රැවටෙන, නැවත නැවතත් සක්විතිලට,කොතලාවලලට,දැඩි දඩුවම්ලට රැවටෙන, කතරගම දෙවියන් පණපිටින් එනතුරු අහස දෙස බලාගෙන ඉන්න රටක වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද.අනේ අපේ රට. (ස)
බලනකොට කකුල් හතරේ හිවලුන් කකුල් දෙකේ අයට වඩා හොදයි.(නදී)
ලෙව කාලා ඉතිරි කෙරුවා ඇති. මුහුනේ පැත්තක් හෙම කඩාගෙන නොකා. ටිරෝනි කිව්වා වගේ කුකුල් දෙකේ එකෙක් නම් ඔයින් නවතින්නේ නැහැ. (නදී)
නරි බෑනා.(නදී)
සත්‍යපාල - යකෝ නරි මරන් කන එවුනුත් ඉන්නවද - අපොයි මාළු (නදී)
මන් අහල නැහැනේ සත්‍යපාල ඇත්ත කියනවා ., ඔයා ඉන්න ගමේ අය හිවල් මසුත් කනවද ..?(නදී)
හිවල්ලු මිනි මස් කන්නේ නැහැ ඒවා කන්නේ ලංකාවේ ගැනු (නදී)
ගමේ මිනිස්සු හිවල් මසක් වත් නොකෑවත් සත්යපල සර්විස් ස්ටේෂන් එක ගැන කියන දෙවල් ලොකු සත්‍යයක් තිබෙනවා. වාහන සර්විස් කරන ස්ථානවලින් ඉවතලන ලිහිසි තෙල් සහ රසායන ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කරන්න යුරෝපයේ නිසි වැඩ පිළිවෙලක් තිබෙනවා , තෙල් බින්දුවක් වත් පසට මිශ්‍ර වෙන්න ඔවුන් ඉඩ දෙන්නේ නැහැ , ලංකාවෙ නම් මේවා නිකම්ම කානුවකට දමනවා මේ වගේ අධිනවා අපිට ලැබෙන්නේ තව අවුරුදු කිහිපයකින් , රජරට ප්‍රදේශයේ ජලයට වෙලා තිබෙන විනාශය පෙනෙනවා නේ ?(නදී)
මෙගේ පාරවල් වල හරියට නරි ඉන්නවා රෑට.නමුත් අනතුරක් නැහැ.(නදී)
මෙහෙත් නරි ඉන්නවා. උන්රූට කැලයෙන් එලියට ඇවිත් කාර්වල බොනට් එක උඩ නිදාගන්නවා එන්ජිමේ උනුහුම ලබාගන්න. මිනිසුනට කරදර නෑ.(නදී)
සත්‍යපාල මහතාණනි, මෙය ඔබේ සත්‍ය නම නොවෙන්න පුළුවන්. ඒත් සඳහන් කර ඇති නමට ඉතාම ගැලපෙන අදහස ඔබ ඉදිරිපත් කරලා තියෙනවා. ඔබට මම හදවතින්ම ස්තුති කරනවා. අපේ රටේ ආත්මාර්ථකාමී බත් කන හරක්ට නොතේරෙන දේත් ඕකයි.(නදී)
සත්‍යපාල ඇත්තක් කිවුවා. අමර මොකද හරකෙක් වගේ අනින්න පනින්නේ? (නි)
අනේ සත්‍යපාල, ඔබ දන්නා දෙයක් නැහැ. එංගලන්තේ නරි හිටියට ලංකාවේ ගෙවල් අස්සේ නරි නැහැ. මේක අපේ ලංකාව, ශ්‍රී ලංකාව (නි)
ලංකාවේ හිවල්ලු එංගලන්තෙට යවමුද?සත්‍යපාල ඉඳලා හිටලා ඇත්ත කියනවා. හිවලා හා නරියා එකාමද. (නි)
ඊ ළඟ මැතිවරණයේදී සත්‍යපාල ජනාධිපතිවරණයට ඉදිරිපත් කරවමු. ඡන්ද ලකුණ කුකුලෙක් කටින් ගත් නරියෙකු විය යුතු වේ (නි)
සත්‍යපාල කියන එක ඇත්ත. (නි)
සත්‍යපාල, ඔබේ කතාව වෙනුවෙන් යමක් නොලියා සිටීම ගුණමකුකමක්. රතු ඉන්දියානු ගෝත්‍රික සියැටල් නොහදුනන, ඕස්ට්‍රේලියානු ජාතික මහාචාර්ය ටිම් ගැන නොදන්නා ලංකාදීප පාඨකයන්ට ඔබ කියන දෙය තේරුම් ගැනීමට තවත් වසර මිලියනයක් යාවී (නි)