ඇමෙරිකා ගුවන් සේවයට අයත් යානයක් සඳුදා රාත්‍රී ෆීනික්ස් ගුවන්තොටුපොළේ සිට බොස්ටන් ගුවන්තොටුපොළට පියාසර කරමින් සිටිය දී යානයේ ප්‍රධාන නියමුවා මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස මියගොස් ඇත්තේ මිචෙල් ජොන්ස්ටන් (57) නමැති අයෙකි.
යානයේ ප්‍රධාන නියමුවා හදිසියේම අප්‍රාණික වීමත් සමග ඔහු පරීක්ෂා කළ සහායක නියමුවා තම ප්‍රධානියා මියයන්නට හෝ සිහි මුර්ජා තත්ත්වයට පත්වන්නට ඇතැයි අනුමාන කරමින් හැකි ඉක්මණින් යානයේ සම්පූර්ණ පාලනය සියතට ගෙන ඇත. ඉන් අනතුරුව යානය ආරක්ෂිතව නිව්යෝර්ක් ගුවන්තොටුපොළට ගොඩබැස්සවීමට ඔහු කටයුතු කළේය.
මේ යානයේ මගීන් 147 දෙනකු සහ කාර්ය මණ්ඩලයේ පස් දෙනකු ගමන්කරමින් සිටි බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රධාන නියමුවා 2006 වර්ෂයේ දී බයිපාස් සැත්කමකට මුහුණ දී සිටි බවත් ඔහුගේ මරණයට හේතුව හෘදයාබාධයක් විය හැකි බවත් වෛද්‍යවරු කියති. මරණය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුවන් නියමුවෝ වාසනාවන්තයි (නි)
මම ඉන්න රටේ ,ලෙඩා වයස අවුරුදු 16ට වැඩි නම් තීරණ ගැනීමට වයස මුහුකුරා ඇත්නම් ඔහුගේ හෝ ඇයගේ අවසරය නැතුව ශක්‍රයාටවත් වෛද්‍යවරයා හමුවීමට කාමරයට පැමිණිය නොහැක. මට මතක් වෙනවා 2004 දී මම ඉස්සර වැඩකරපු කොළඹට ආසන්න රොහලේ ඕ.පී. ඩී එක. අපි වෛද්‍යවරු 10 දෙනෙක් පෝළිමට මේසවල ලෙඩ්ඩු බලනවා තනි හෝල් එකේ.ඒක ඇතුළේ යුද්දේ වගේ. බොහෝ ලෙඩ්ඩු කට ඇරගෙන තමාගේ ලෙඩේ පැත්තක තියාගෙන අනුන්ගේ ලෙඩ ගැන අහගෙන ඉන්නවා. පැයකින් මුළු ලංකාවම අර මනුස්සයාගේ ලෙඩේ දන්නවා. දැන්නම් එය මහා රෝහලක් නිසා හොඳ ඇති. හැබැයි මම ගිය ජූනි මාසේ පිළිකා රෝහලට ගියා. සමහර වාට්ටු තාම නරලොව අපායවල්. (නි)
මේකටත් යහපාලනයට දොස්කියන පිවිතුරු යහපාල උන්නැහේ කෝ අද නැද්ද? (නි)
මගේ අසනීපය ගැන පව්ලේ අයට දැනුවත් වීමට මා කාටවත් කිසිම ලිපියක් බාර දුන්නේ නැහැ. මගේ පව්ලේ උදවිය සමග ඕනෑම වෙලාවක දොස්තර මහතා හෝ රෝහල් බලදාරින් මුණ ගැසීමට පුළුවන් කම ලැබුනා. (ර)
මමනම් දන්නා විදිහට බටහිර රෝගියා රෝහලට ඇතුල් වෙනකොට එයාල අහනවා කව්ද ඔයා ගේ බාර කාරය කියල (නෙස්ට් ටු කින් ). එයාට විතරයි රෝගියා ගැන විස්තර දෙන්නේ . එයා පව්ලේ කෙනෙකුම විය යුතු නැහැ . රෝගියා කැමති කෙනෙක් (අ).
මැටි පහන මහතා. උගත් කමක් තියෙනවනම් ඕනෑම රටක ඕනෑම කෙනෙක් සලකනවා. හොඳ රැකියා තිබෙනවා. මම කියූ රියදුරාගේ ඔපරේෂන් එකට සම්පුර්ණ වියදම කොම්පැනි එකෙන් කලේ.(අ)
බයි පාස් සැත්කමක් කරාට පස්සේ හිටියටත් වැඩිය නිරෝගියි. අනෙක සෑම ගුවන්/නාවික සමගමකම කෙනෙක් වසරකට සැරයක් ගුවන් හෝ නාවික වෛද්‍ය සහතිකයක් ගැනීම සිදුකරනවා. එහෙත් හෘදයබාදයක් නැවත සෑදීම වලක්වාගැනීමට බැහැ. දියුණු රටවල ප්‍රධාන නියමුවාට අමතරව අනෙක් සහයක නියමුවන්ටද ප්‍රධාන නියමුවන්ගේ සුදුසුකම් සහ එක්ස්පීරියන්ස් එක තියෙනවා. ලංකාවේ නම් අරලියගහ මන්දිරේ ලුණු සුද්ද කරපු එකාත් සහයක නියමුවා හැටියට ගිය කාලයක් තිබුනා (බ)
අනේ මන්දා මෙතන අදහස් දාන අය රෝහණ, ඉනෝකා නාමල්, එකිනෙකාට පරස්පර විරෝධී අදහස්. වෛද්‍යවරු 41 දෙනෙකුගෙන් ප්‍රතිකාර ගත්තාලු. අන්තෙර්ජාලයට ගොස් බලන විට "ජෙර්මන් වින්ග්ස්" සහය නියමුවා හතලිස් එක් දෙනෙකුගෙන් ප්‍රතිකාර අරගෙනත් දෙමාපියන් පවා එය දැනගෙන ඉඳලා නැහැ. ඔක්කොම හංගාගෙන ඉඳලා තමයි සිය දිවි නසාගෙන තිබෙන්නේ. එහෙම නම් ගුවන් සමාගම දැනගෙන ඉන්න එපාද? (ර)
ලෙඩා මෙරුනත්, බඩ සුද්ද වෙලා වගේ වැඩක්. (ර)
චන්න , චන්ද්‍රසිරි , රොෂාන් , ..සෞදියට ගිහිල්ල අර කාටද ගල් ගහල ආපසු එන අය හිටියනම් කියයි ,, නියමුවා මැරුනේ ඒ අයගේ වාසනාවට කියලා ..එ්ත් ඉතින් සහය නියමුවා නිසා අවාසනාවක් වුනේ කියලත් කියයි ... (බ)
රුපවතීගේ අදහස් ප්‍රතික්ෂේප කිරීමට සිදුවෙනවා.නැත්නම් බලන අය වැරදි විදිහට හිතාගන්න ඉඩ තියෙනවා බිරිඳගේ අසනීප තත්වයන් ගැන දැනුවත් කිරීමට සැමියාට හෝ වෙනත් වැඩිහිටි දරුවෙකුට කිසිම ලිකිත දැනුම් දීමක් අවශ්‍ය වන්නේ නැහැ.වෛද්‍ය වරයා ගාවට කෙලින්ම ගොස් ලෙඩා සමගින් විමසිය හැකියි. නමුත් වරක් මගේ රුධිර සාම්පල් වාර්තාව දුරකතනයෙන් සැමියා ඉල්ලා සිටි විට නම් කීවේ අයිති කාරයාට පමණයි දැනුම් දිය හැක්කේ කියා. (ස)
සහය නියමුවා නිසා මගින් බේරුනා. (ර)
රූපවතී, සැමියාගේ ලෙඩේ හරි බිරිඳගේ ලෙඩේ හරි අනිවාර්යෙන් කියනවා දෙනාගෙන් එක්කෙනෙකුට.නැත්නම් වැඩිහිටි දරුවෙකුට.දැනුවත් කරනවා පවුලේ කෙනෙක්ව.ඒ ලෙඩාට සාත්තු කරන්නේ ගෙදර කෙනෙක්නෙ.වැඩිය ඕනෑ නැහැ ලෙඩාටත් කියනවා. අපිත් ඉන්නේ යුරෝපයේනේ අනේ (නි)
මෙතැන අදහස් දාන අය වෛද්‍යවරුන්ටත් වඩා දන්නවා වගේ. ගුවන් සමාගමකින් තම නියමුවන්ව වසරකට දෙවරක් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කරනවා. නමුත් සමහර හෘදයාබාධ එකවිටම ඇතිවෙනවා. මෙතැනත් වෙන්න ඇත්තේ ඒ වගේ දෙයක් (නි)
පිටිගල මිලානෝ තවත් වෛද්‍යවරයකුට කාගේවත් කෙනෙක්ගේ වෛද්‍ය තොරතුරු ඕනි නෑ එ්ත් ඔහුගෙන් වෛද්‍ය උපදෙස් ගැනීමට ගියොත් අනිවාර්යෙන් සියලු තොරතුරු ලබා දිය යුතුයි. තව දෙයක් ගුවන් යානා නියමුවෙක්ට තමන්ට ඕනි ඕනි තැන් වලින් වෛද්‍ය උපදෙස් ගැනීමට හෝ ප්‍රතිකාර ගන්න බැ. එ්ක බොරුවක් . ගුවන්යානා සමාගමේ වෛද්‍ය සායනයක් තියෙනවා .එතනින් තමයි සේරම වෙන්නේ. ගුවන් යානා නියමුවෙක් (සැම නියමුවෙක්ම බස් කෝච්චි පවා) සැම තුන් මසකට වරක් වෛද්‍ය පරීක්ෂණයකට යන්න වෙනවා.ප්‍රතිපල අනිවාර්යෙන් ගුවන් සමාගමේ වෛද්‍යවරයාටත් යනවා .එතන දෝෂයක් ඇත්නම් ඔහුට හෝ අැයට තව දුරටත් වැඩ කිරීමට නොහැකිය. (බ)
හොඳ වෙලාවට සහය නියමුවා ඇහැරලා හිටියේ ! (ම)
සහය නියමුවාගේ දක්ෂතාවය අගය කරනවා (නි)
සවුදි ගොඩක් හොඳ මිනිස්සු ඉන්නවා (ම)
ඇයි මැටිපහන, සෞදියෙත් හොඳ මිනිසුන් ඉන්නවා. හැමෝම නරක නැහැ (නි)
චන්න බුවනෙක, සෞදිය ඔයාට හොඳට සළකලා වගේ... (නි)
මීටවැඩිය නියමුවන් ගැන හොයලා බලලා, නුසුදුසු අය විශ්‍රාම යවන්න ඕනෑ. මේක සෙල්ලමක් නෙමෙයිනේ.මිනිස්සු කීයක් ගුවන් යානයක යනවද? (නි)
මාගේ දරුවාගේ රුධිර පරීක්ෂණ වාර්තාව ඉල්ලා සිටිවිට මටවත් එය ලබාදුන්නේ නැහැ.පවුලේ කෙනෙකුගේ වුණත් වෛද්‍ය වාර්තා,(බාල වයස්කරුවකුගේ හැර)අපට ලබාගන්නට බැහැ. බටහිර රටවල් ඒ තරමට රෝගියාගේ රහස්යබාවය රකිනවා.එය එක අතකින් හොඳ වුණාට මෙවැනි සිදුවීම් වලින් නම් පෙන්වන්නේ එය කෙතරම් අනර්ථකාරිද කියා නොවේද......? සහාය නියමුවාගේ දක්ෂකමින් මඟීන්ගේ වටිනා ජීවිත බේරුණු එක නම් සතුටට කරුණකි. (නි)
පිටිගල මිලානෝ සොයුරාගේ කියමන 100% නිවැරදියි.ඒ වගේමයි ආරක්ෂක අංශයත්, රූපවාහිනි පුවත් සේවයත්, අපේ රටේ වගේ නොව කපලා මරලා අතවර කරලා ... තියන කෙනෙකුගේ ලේ බිඳුවක්වත් මාධ්‍ය තුළින් මහා ජනයට නොපෙන්වන අතර වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගන්න පුද්ගලයාගේ විස්තර ඉතාම රහසිගතයි. වෛද්‍යවරු, හෙදියන් වැඩ බාරගනිද්දී දෙන දිවුරුම තමයි ඒ. කිසිවෙකුට ඒ ලෙඩාගේ විස්තර පිටවෙන්නේ නැහැ.බිරිඳගේ අසනීප වැඩි විස්තර ස්වාමියට දැනගන්න ඕනෑනම් බිරිඳ ඒ වෛද්‍යවරයාට ලිඛිතව දැනුම්දීමක් කළයුතුය. ඒකටත් එක්ක අපේ රටේ? (නි)
මට මතකයි මේ අවුරුද්දෙ මාර්තු මාසේ ෆ්‍රෙන්ච් ඇල්ප්ස් වල සිදු වූ ගුවන් අනතුර.එහි සිටි එක් ගුවන් නියමුවෙක් දොස්තරවරුන් 41එක් දෙනෙකුගෙන් ආතතියට ප්‍රතිකාර අරගෙනත් කිසිවෙකුවත් නොදැන නේ එම අනතුර වෙලා 150ක් මිය ගොස් තිබෙන්නේ. පිටිගල මිලනොගේ සටහන කියවද්දී මට මේකත් සිහියට නැගුනා. (අ)
සෞදි වල මම වැඩකරන ආයතනයක ට්‍රේලර් රියදුරෙකුට කළ හදවත් සැත්කමකින් පසුව අයිතිකරු විසින් නැවත රැකියාව ලබාදී ඔහුට වැඩ කිරීමට කුඩා වාහනයක් ලබාදුන්නා. එහිදී ඔහු රියදුරාගේ රැකියාවේ වගකීම බැරෑරුම්කම ගැන සිතුවා. නමුත් මෙම ගුවන් සමාගම ජීවිත 152 ක් ගැන නොසළකා තිබෙනවා. (නි)
ඇමෙරිකාව ද? ලෝකෙට පරකාසේ, ගෙදරට මර ගාතේ! (බ)
ගුවන් මඟීන් සියල්ලෝම වාසනාවන්තයෝය (නි)
හදවත් රෝගියෙක් වූ ප්‍රධාන ගුවන් නියමුවාට යානය පැදවීමට ඉඩදීම වැරදි දෙයක් කියලයි මට හිතෙන්නේ. එය සිදුනොවිය යුතු දෙයක්. (නි)
බටහිර රටවල කෙනෙක්ගේ වෛද්‍ය තොරතුරු හුදෙක් රහසිගත වන අතර එම දේවල් තවත් වෛද්‍යවරයකුට පවා ලබා ගතහැක්කේ ඔහු කැමති නම් පමණි. රහස්‍ය බව රැකීම දියුණු ලෝකයේ වැදගත් ලක්ෂණයක් වන නමුත් මෙයින් සමාජයට මෑතකදී වුණ හානි බොහෝය. ඉන් ගුවන්යානා සම්බන්ධව ගතහොත්, මෙම මියගිය නියමුවාගේ තොරතුරු දන්නේ ඔහු සහ වෛද්‍යවරු පමණි. නැත්නම් ගුවන්යානා සමාගම ඔහුට මෙතරම් වගකීමක් බාර නොදී ගොඩබිම උසස් තනතුරක් දෙනු ඇත. (නි)