නේපාලයේ සිදුවූ භූකම්පනයට පෙර නේපාල හින්දු ජනයා අතර ප්‍රචලිත ලොව විශාලතම සත්ත්ව බිලි පූජාව ලෙස සැලකෙන ගාධිමායි උත්සවය පැවැත්වූ බව විදෙස් ප්රවෘත්ති සේවා කියයි.
එම උත්සවය වෙනුවෙන් බරියාර්පූර්වල ස්වායම්බූනාත් කෝවිලට පැමිණෙන හින්දු ජනයා හරකුන්, කුකුළන්, මීයන්, පරවියන් හා ඌරන් ඇතුළු සතුන්ගේ බෙලි කපා ලේ තුළින් ශුද්ධත්වය ප්‍රාර්ථනා කරති. තම ජීවිතයට සුබදායීත්වය බලාපොරොත්තු වෙති.
2015 වසරේ එම උත්සවය පසුගියදා පැවති අතර එහිදී මීහරකුන් 5000කට වැඩි ප්‍රමාණයක් බෙලි කපා ඝාතනය කර ඇතැයි කියති.
මෙය සිදුකරන ස්වායම්බූනාත් කෝවිල් පරිශ්‍රය පසුගියදා ඇතිවූ භූකම්පනයෙන් විනාශවී සුන්බුන් පමණක් ඉතිරි වූ බව බීබීසී ප්රවෘත්ති සේවය වාර්තා කළේය.
මේ වන විට නේපාලයේ කත්මණ්ඩු නුවර ආශ්‍රිතව ඇතිවූ භූකම්පන තත්ත්වය හේතුවෙන් මිය ගිය ගණන 3600 ඉක්මවා ඇතැයි එරටින් වාර්තාවේ.
කෝවිල විනාශයට පෙර හා පසු
වීඩියෝ දර්ශන තුළ සංවේදී දසුන් ඇති බව කරුණාවෙන් සලකන්න.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතුන් මරණ එක නම් වැරදි තමය නමුත් ලංකාවට සුනාමිය ආවේ සතුන් මරලද ? අනික මේකෙන් මරුනේ සතුන් මරපු අය විතරද ? (ම)
ඉගෙනගන්නවා නම් පළමු පාඩම! (නි)
නේපාලය බුදුන් උපන් රට වුණත් පන්දහස් කල් බුදු දහම රැකෙන්නේ ලක්දිව කියලයි ලක් බොදුනුවන් විශ්වාස කරන්නේ. ගැමුණු රජතුමා අපේ රට රැකගැනීමත් ආගම රැකගැනීමත් එකක් සේ සළකා කටයුතු කළෙත් ඉතිහාසය පුරා අපේ මහා සංඝරත්නය රට රැකගැනීමෙහිලා පෙරමුණ ගත්තෙත් එබැවිනි. එහෙත් කණගාටුවට කරුණ වන්නේ අද උන්වහන්සේලාගෙන් ඇතැමුන් තම ඓතිහාසික කාර්යභාරය පසෙක ලා කටයුතු කිරීමයි. (නි)
කිසිම ආගමක සතුන් මරන්න කියලා අනුබල දෙන්නේ නැහැ. එය සෑම ආගමකටම පොදු ධර්මතාවය. නමුත් නුතන කියන ලෝකයේ ධර්මය මිනිසුන්ගේ වාසියට හරවාගෙන. බුද්ධ ධර්මයට අනුව නම් කළකම් පළදේ කියලා තිබෙනවා. මේක දැක්කහම නම් ඒක එහෙම හිතෙනවා.කිසිම පණ ඇති සතෙකුට හිංසාවක් කරන්න හොඳ නැහැ. (නි)
මහා රැ කරුවලේ බන්ටෙක උඩ බයිසිකල් පැදපු රූපා නගා කනත්තේ සෙල්ලම් කරපු රූපා නගා දැන් කියයි රූප බලන්න හිත දරුණු නැහැලු (බ)
සැනසුම සොයපු කෝවිලටත් සැනසුම ලැබිලා. ලේ විලක් ළඟ කොන්ද සැනසුම මුන්ට එක හරකෙක් වත් අැනල නැහැනේ ලේ එන්න ..මුන්ව යටවෙලා එන්නාව දැක්කම පව් කියල හිතුනට දැන්වත් පාපතර වැඩ නවත්වයිද දන්නෑ (බ)
මීරියබැද්ද පැත්තේත් මෙහෙම දෙයක් වුණා කියලා කතාවක් තියෙනවා නේද? (නි)
නේපාලය බොදු රටක් නෙමේ මම අහල තියෙන විදිහට ලෝකයේ එකම හින්දු රට .(ම)
මම සේවය කරන සවුදි අරාබියේ නේපාල ජාතිකයන් විශාල ප්‍රමාණයක් සිටිනවා. මමත් අත් දැකීමෙන්ම දන්නවා ඔය මිනිස්සු හරිම තිරිසන් ජාතියක් කියලා. (ම)
මෙහෙත් සමහර කඩ ළඟ පෝලිමේ ඉන්නවා කූඩුවෙන් සතුන් අරගෙන මරලා දෙනතුරු. මුළු ජීවිත කාලයම කොළ බුදින සත්වයන්ගේ මස් ගුණයෙන් අධිකලු.අපි පලාවර්ග කන්නේ නැහැ. පුදුම ලෝකයක්. (නි)
කල කම් පල දීලා. මොනතරම් දුෂ්ට පව්කාර මිනිසුන් විය යුතුද මෙවැනි විශාල සංඛ්‍යාවක් මරා දමන්න? ඔය දෙවියාට තමුන්ගේ කෝවිල වත් රැකගන්න බැරි වුනා. (බ)
රටේ හැමෝම මෙහෙම පව්කාරයෝ නෙමෙයි නමුත් මේ මිනිස්සුද මෙහෙම කරන්නේ කියල හිතෙනවා අශිෂ්ට මිත්‍යාදෘෂ්ටික මිනිස්සු කොතරම් කෘරද අර සතුන් එකෙක් මැරෙන හැටි තව එකෙක් දැක දැක මැරෙන හැටි දැක්කම හරිම කණගාටුයි..(බ)
මේක බෞද්ධ හින්දු මිශ්‍ර පන්සලක් බෞද්ධයෝ්ත් සහභාගි වෙනවා (ම)
දොන්, ඉස්කෝලේ හිහිල්ල නැද්ද ? (අ)
සෙන්සාන්. ඔයත් බයිලා ගහනවා, (අ)
දැක්කම දුක හිතෙනවා. සියලු සත්වයේ නිදුක් වේවා නිරෝගී වේවා කියලා උගන්වපු ඒ උත්තම බුදුහාමුදුරුවන්ගේ දේශයද මේ. බෞද්ධ පන්සල් විනාශ කරලා බුද්ධාගම නැතිකරන්න කටයුතු කීරීම මහා පාපකර්මයක්; ඒවාට පිළිතුරු ලැබෙනවා (අ)
දිට්ඨ ධම්මවේදණිය කර්මය.(හේ)
අර්ෂා එතකොට හලාල් ක්‍රමයට දස වධ දීල සතුන් මරණ එක හරි කියලද ඔය කියන්නේ? (බ)
බුදුන් මෙවැනි දේශයක් තම මව්බිම කරගැනීමට පස්මහ බැලුම් බලා තෝරා ගනීවිද? අපිට ඉතිහාසය වැරදිලාවත්ද? (බ)
තුන්වන ලෝකයේ රටක් වන නේපාලයේ මේ වගේ මෝඩ වැඩ කරන එක අහන්නත් දෙයක් නෙමෙයි.. මොනවා වුනත් මේ මෝඩයන්ට සොභාදහමෙන්ම දඩුවම් ලැබිල තියනවා. (බ)
බුදුන් උපන් දේශයේ මෙවැනි අපරාධ සිදුවන්නේ ඇයි? සබ්බේ තසන්ති දණ්ඩස්ස (බ)
මම නම් මාළු කන්නේ නැහැ .අනේ මන්ද ? (බ)
මාත් සිතන්නේ ඔය සිද්ධිය හේතුවෙන් මේ භූමිකම්පාව සිදු වූවා කියා.(හේ)
වෙනත් ආගම අදහන ගව සංහාරය කළත් බුදු දහම අදහන ගරු කරන අපිට බුදු දහමෙන් තොර වෙනත් සරණක් නොමැති බැවින් අපි සැමටම මෛත්‍රී කරමු විපතට පත් සැමටම හැකි අයුරින් උපකාර කරමු .(හේ)
පන්දහසක් ලක්දිව බුදු සසුන රකිත්වා (බ)
යථාර්ථවාදී බුදු දහම, තෙරුම් ගැනිමට නොහැකි අය කරන වැඩ මේවා . සරලව හෝ බුදු දහම පතුරුවා හැරියම හොදම විසදුමයි. පන්සිල් රැකිම. තමා මෙන් අන් සතුන්ද ඔවුන්ගේ ජිවිතයට කැමතියි (බ)
ඒ නිසා තමයි භූමිකම්පාව ඇති වෙන්න ඇත්තේ කියලා මටත් හැගීම.(හේ)
බුදුන් දෙසු ධර්මය සත්‍යයකි. මෙවැනි ක්‍රියා දිට්ඨධම්ම වේදනීය කර්ම වල ඵල විපාකයි. මෙවන් දෙය නැවත සිදු නොවේවා. නේපාල වැසියන්ට සත්‍යයය අවබෝධ වේවා.(හේ)
මහා පොළව කම්පා නොවුනානම් තමයි පුදුමේ (බ)
චාරුමති පන්සලේ විහාරාධිපති කොටුගොඩ ධම්මාවාස හිමියන් ලක් වැසියන්ගෙන් නේපාල ජනතාව වෙනුවෙන් උපකාර ඉල්ලා සිටිනවා. (බ)
පර පණ තම පණ විලස සිතන්නේ (බ)
පාහර වැඩක් සත්තු මරණ එක. ඒක පටිසන් දීලා (බ)
මෙච්චර හරක් මැරුව එකට මෙච්චර මිනිසුන් මැරුණ එක හොඳයි කියන එක වැරදියි. (ත)
මීටවඩා දරුණු විදිහටයි කෑමට සතුන් මරන්නේ, ඌරන් මරන්නෙ දස වද දීලා ලංකාවෙත්. මස් කන අය කන්නෙත් ඒ බව නොදැන නෙමෙයි. ආගම නිසා හෝ කෑමට හෝ වෛරයෙන් හෝ පණක් නැසීම ම්ලේච්ඡයි. මස් කන ගමන් මරණ එක ගැන කිඹුල් කඳුළු හෙළන්නෙ කුහකයෝ.. (නි)
සතුන් මරා ගෙරිමස් ගිලින අයවලුන්ට, ඒ වගේම මිත්‍යාදෘෂ්ටික ඇදහිලි පසුපස යන අයවලුන්ට ස්වභාවික කර්මපල විපාක වලින් ගැළවෙන්න බැහැ. අද ලොව පුරාම යුධ ගැටුම් තිබෙන රටවල් දිහා බැලුවහම මේ සත්‍යය සක්සුදක් සේ පැහැදිලියි. (නි)
මේවා මහපොළොව නුහුලන අපරාධ (නි)
විශේෂයෙන් කියන්න ඕනෑ මේ වගේ ස්වභාවික විපත් ඕනෑම ආගමක් අදහන අයට පොදුයි. බෞද්ධ, හින්දු, ඉස්ලාම් කියලා ස්වභාව ධර්මය එකිනෙකාට වෙනස් විදියට සළකන්නේ නැහැ. මතකනෙ සුනාමිය ආ වෙලාවේ ඔය හැම ජාතියකම, ආගමකම අය මැරුණා. බුදුදහම ස්වභාව ධර්මය හා බැඳුනු ඉතාමත්ම වටිනා දහමක්. බෞද්ධයන් වන අප හෝ ආරාම වෙහෙර විහාර හෝ කිසිවක් ස්වභාව ධර්මයේ සංසිද්ධි වලින් නිදහස් නැහැ. අපිටත් ඔය හැම එකක්ම පොදුයි. අප කළයුතු වන්නේ ශේෂවූ දේ ගැන හෝ අනෙක් මිසදිටු ආගම් ගැන නොසිතා නොපමාව කුසල් දහම් රැස්කර ගැනීමයි. කෙසේ වෙතත් යම් අයෙක් මෙය දැක පස්පවින් වැළකෙන්නේ නම් එය එම තැනැත්තාගේම යහපත පිණිස හේතුවේවි. (නි)
වෙන කෙනෙකුගේ ජීවිතයක් නැතිකර තමන්ගේ කරුම වලින් ගැළවෙන්න පුළුවන් කියලා හිතන මෝඩ මිනිසුන්ගේ හිත අඳුරින් මිදේවා! (නි)
නේපාලය වැනි බෞද්ධ රටක බිලි පූජා පවත්වන එක වැරදි වැඩක්. තමන්ගේ සැප වෙනුවෙන් අසරණ සතුන් බිල්ලට දී මරා දැමීම සාපරාධී ක්‍රියාවක්. මේ බිලි පූජා භාරගත් දෙවියාට, තමන්ගේම කෝවිලවත් භූමිකම්පාවෙන් ආරක්ෂා කරගැනීමට බැරි වුණා නම්, ඒ "උත්තමයා" කොහොමද අසරණ ජනයාට පිහිටවෙන්නේ කියලා ප්‍රශ්නයක් මට ඇතිවෙනවා (නි)
මිනිසා කරන වැරදි වලට අද සොබා ධර්මය පවා එරෙහිවෙලා. (නි)
ලෝකයේ කිසිම ආගමක කියලා නැහැ සත්තු මරන්න කියලා. (නි)
අනේ දෙවියනේ! (නි)
ෆොටෝ ටික පමණයි බැලුවේ.වීඩියෝ එක බැලීමට මා හට හිත දරුණු මදි. (නි)
ඔය රටේ විතරද සත්තු මරන්නේ? ඕස්ට්‍රේලියාවේ මරලා රටත් පටවනවා. (නි)
අපේ සමහරුත් දවසකට මාළු කොච්චර මරනවද, කුකුල්ලු කොච්චර මරනවද? (නි)
බුදුන් වහන්සේ ඉපදෙනකොටත් ඉන්දියාවේ මෙවැනි බිලිදීම් තිබුණා. උන්වහන්සේ මේවා අනුමත කළේ නැහැ. (නි)
පාපතර මිනිස්සු! දැන් ලැබුනද දන්නේ නැහැ පැතූ සැනසීම? (නි)
මේ වගේම තව කට්ටියක් ඉන්නවා. දෙවියො මේ දවස්වල එයාලගේ ඔලුගෙඩි ගාන වැඩිකර ගන්න දඟලන දැඟලිල්ල එක්ක උරණවෙලා එයාලා එයාලම මරාගන්න සළස්වලයි තියෙන්නේ. ඔහොම යං! (නි)
ඔය තියෙන්නේ හේතු. (නි)
දිට්ඨ ධම්ම වේදනීය කරිමය ඵලදීලා වගෙයි (නි)
මේ මිනිස්සු දෙවියෝ නැවත කෝපවේවි කියලා කෝවිල හදලා එන සැරේ 5000 ට 10000 බිලිදෙයිද දන්නෙ නැහැ. (නි)
පරිණාමනය නොවුණු සිතීමේ හැකියාවක් නොමැති අනුකම්පාවක් දැනෙන්නේ නැති මෘග පිරිසක් විසින් කරන ලද බරපතල පාපයක්.ස්වාබව ධර්මය විනාශ කරන අය ස්වාබව ධර්මය විසින්ම විනාශ වේ. (නි)
ඒ පවට වන්දි ගෙව්වා නේද/(හේ)
දිට්ටදම්මවේදනීය කාර්ම (අ)
සම්මා කම්මන්තය සම්මා වීර්යෙන් වැඩිය යුතු කාලයවේ (අ)
අනේ අසරණ සත්වයිනේ මගේ පින් ටික හරි අරගෙන ඔය ආත්මෙන් මිදෙන්න (අ)
සතුන් ගැන තියෙන දුක මිනිසුන් ගැන නැති බව දැනේ මට. සතුන් මැරීම නිසා නම් මේක වුණේ අපේ රට නැතිවෙලා තියෙන්න ඕනෑ දවස ගානේ මරණ කුකුළන් මාළු ගානට. (නි)
අනේ පවු! (නි)
දොන්,අනේ මන්දා ඔයාගේ දැනුමේ තරම! (නි)
අර්ෂා, කමක් නැහැ. තමන්ගේ ආහාරයට කැමති තරම් මරාගන්න අනේ. (නි)
දිට්ඨ ධම්ම වේදනීය කර්මය (නි)
මෙවන් අපරාධ කරන අන්ධ භක්තිකයනට අනුකම්පා කිරීම තුළින් ඔවුන් මෙවන් දේ තවත් වැඩියෙන් කරනු ඇත සොබා දහම විසින් ඔවුන්ට දී ඇති දඩුවම ඔවුන්ට විද ගැනීමට ඉඩ සැලසිය යුතුයි. මන්ද අහිංසක සතුන් ගේ ජීවිත බිලිදී තමන්ගේ ස්වර්ගය හෝ වෙනයම් සුගතියක් බලාපොරොත්තු වන්නේ නම් ඔවුන් මන්ද මානසිකත්වයෙන් පෙලෙන අයය. මෙවන් අය මෙලෝතලයෙන් අතුගා දැමීමට සොභා දහම කටයුතු කිරීම අගනා ආශ්චර්යකි. මේ දේවල් දැක හෝ යහමගට එන්න ජීවව්ත්ව සිටින අය සිහිතබා ගත යුතුය (බ)
ඉස්ලාම් නිකරුනේ සතුන් මරා බිලිපුජා ආදිය අනුමත නොකරයි . තමාගේ අවශ්‍ය තාවයට පමණක් එනම් ආහාරයට පමණක් අනුමත කරයි. (බ)
ප්‍රමාද නොවී කුසල් වල යෙදෙන්න. (බ)
බුදුන් දෙසු ධර්මය සත්‍යයකි. මෙවැනි ක්‍රියා දිට්ඨධම්ම වේදනීය කර්ම වල ඵල විපාකයි. මෙවන් දෙය නැවත සිදු නොවේවා. නේපාල වැසියන්ට සත්‍යයය අවබෝධ වේවා. (බ)
ලෝකයේ අති උතුම්ම් මිනිසා ,සම්මා සම්බුදු රජාණන්වහන්සේ උපත ලැබූ රටක අද තත්වයද මේ. යම් ප්රනියෙකුගේ වේදනාවෙන්, ලේයිම් මරණයෙන් සැනසෙන්නේ යකුන් මස දෙවියන් නම් නොවේ. ඕනෑම ජගතෙකුට බොරු කළ නොහැක සත්‍ය ධර්මයක් .පහද දුන් උත්තමයෙකු පහල වූ රටක සිදු කල යුතු ප්‍රාණ ඝාතයන්ද මේ. ඇත්ත වශයෙන්ම මට නම් දැන් කණගාටු සිතන්නේ මේ කිසිවකට සහය නොවූ නොදරුවන් ගැන පමණි. ඒ අතින් මේ දක්වාම කෙසේ හෝ සම්මා සම්බුදු දහමත්,බොදු සංස්කෘතියත් මේ තරමින් රැකගත් අපි කෙතරම් වාසනා වන්තද.දැන් අපේ මේ සිංහල බෞද්ද රටේ බහු ජාතික බහු ආගමික සංස් කෘතියක් බිහි කිරීමට උත්සාහ කරන නරුමයන් ,මේ රටත් මෙවැනි ආගම උදෙසා සතුම් මරණ වනචාරී තත්වයකට පත් කිරීමට කරන උත්සාහයක්ද මේ. (බ)
හින්දු දහමේ විවිධ පූජා ක්‍රම තිබෙනවා. ඒ අනුව නිකාය බෙදී ඇත. සතුන් බිලිදීමෙන් දෙවියන් පිදීම අනුගමනය කරන අය ඉර, හඳ, ගින්දර යන දේවල් මිනිසාට පාලනය කළ නොහැකි බල ලෙස ඇදහු පැරන්නන්ගෙන් සමහරක් හින්දු දහම වැළඳගත් පසුවත් සත්ව බිලි පූජාවෙන් කරන දේව ඇදහිල්ල නතරකර නොමැති බවයි පෙනෙන්නේ. (බ)
බුදුහාමුදුරුවෝ වැඩ සිටි රටේ තත්වය මේකද? බුදුදහම තිබිලා මෙහෙම නම් එවැනි ධර්මයක් නොතිබුනා නම් මේ රටවල් මොන තත්වයේ තිබෙයිද? ඉතාමත් මිලෙච්ඡයි. (නි)