මාස 7 කට ආසන්න කාලයක් තිස්සේ අතුරුදන්ව පවතින මලයාසියා ගුවන් සේවයට අයත් එම්.එච් 370 අංක දරන ගුවන් යානය සෙවීමේ මෙහෙයුම් නවතම නිරීක්ෂක උපකරණ සවිකෙරුණු යාත්‍රාවක් සමඟින් නැවත වරක් ආරම්භ කිරීමට ඕස්ට්‍රේලියා හා මලයාසියා බළධාරීන් පසුගියදා කටයුතු කළේය.
‘‘ගෝ ෆීනික්ස්‘‘ නම් වන මේ යාත්‍රාව වර්තමානයේ ඇති නවීනතම සෝනාර් හා වෙනත් මුහුදු නිරීක්ෂක උපකරණයන්ගෙන් සමන්විත වන බව සදහන්ය.
නිරීක්ෂකයින් පවසන්නේ යානය අතුරදන්ව ඇතැයි වැඩි සම්භාවිතාවක් පවතින සාගර ප්‍රදේශය මුලින්ම නිරීක්ෂණය කිරීමට සැළසුම් කර තිබෙන බවයි. ගෝ ෆීනික්ස්ගේ නූතන උපාංග වල පිහිටෙන් එම්.එච් 370 යානයේ අභිරහස මෙවරනම් විසදීමට හැකිවනු ඇතැයි ඔවුහු දැඩි විශ්වාසයෙන් සිටිති.
යානය අතුරදන්වීමට මොහොතකට පෙර එය පියාසර කරමින් තිබුණේ ඉන්දියන් සාගරයට ඉහළිනි.
පසුගිය මාර්තු මසදී අතුරදන්වූ එම්.එච් 370 ගුවන්යානය ක්වාලාලම්පූර් සිට බීජිං දක්වා පියාසර කරමින් තිබුණකි.එහි මගීහු ඇතුලූ කාර්යමණ්ඩලය 239 දෙනෙක් සිටියහ.
යානය ගුවන්ගතවී ටික වේලාවකින් ගුවන් නියමුවාගෙන් ලැබුණු ‘‘සුභ රාත්‍රියක්‘‘ පණිවුඩයට පසු යානය පිළිඹඳ කිසිදු තොරතුරක් සොයාගැනීමට නොහැකි විය.
දින කිහිපයක ඇවෑමෙන් යානය සොයා මෙහෙයුම් ඇරඹුනි. වර්ග සැතපුම් 68000 ප්‍රදේශයක් මේ වන විට ඉතා සියුම් ලෙස විමර්ෂණය කර තිබෙන්නේ වුවද යානය ගැන කිසිදු හෝඩුවාවක් සොයාගැනීමට නොහැකිව ඇත.
යානය අතුරදන් වීම සම්බන්ධයෙන් ප්‍රධාන ගුවන් නියමුවා වෙත සැක එල්ලවී තිබෙන අතර ඔහුගේ කිසියම් ක්‍රියාවක් යානය අතුරදන් වීමට හේතුවී ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොයන්නාට සම්බ වේ කියා පැරණි කියමනක් තියෙනවා. ඒ නිසා දිගටම සොයන්න. කවදා හෝ හමුවේවි කියා මගේ විශ්වාසයයි (නි)
කොහොමහරි මේ කොන්ත්‍රාත් එක බාරගත් විදේශීය සමාගම කාල වකවානුක් මේ සඳහා නියම කර ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. උපරිම කාලය මාස දොළහයි. ඒ කාලය තුළ යානය ගැන හෝඩුවාවක් ලැබුනේ නැත්නම්, සෙවීම එතනින් අවසානයි කියලයි ආරංචි. (නි)
ලෝකය ගැන අපි හිතන් ඉන්නවට වඩා ගොඩක් වෙනස් චිත්‍රයක් තමයි තියෙන්නේ. සැතපුම් කෝටි ගණන් දුර තියෙන ග්‍රහ වස්තු ගැන හොයන්න යානා යවලා අපේ දෑස ඉස්සරහා තියෙනවා වගේ තොරතුරු කියනවා. එ්ත් අතුරු දහන් වෙච්ච යානාව ගැන කාටවත් හොයාගන්න බැහැ. ඉතින් කොහෙද තාක්ෂණය දියුණු. (නදී)
මේ ගුවන් යානය ගැනත් ආගමේ පොත් වල කියල නැද්ද දරුවෝ ? අර කලින් විද්‍යාත්මක සොයාගැනීම් වලට දේවල් කියපු දරුවෝ මෙව්වත් හොයල බලන්නකෝ ඒ පොත් වල තියෙනවද කියලා (නදී)
නැතිඋන MH 370 ගැන ලෝකේ අය විතරක් නොවෙයි ලංකාවේ අයටත් පුදුම කැක්කුමක් තියෙනවා. ලංකාවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අන්ටොනොව් 32 යානා 2 ක් මුහුදට වැටුණා. ලයන් එයා යානයකුත් මුහුදට වැටුනා. ඒවා නම් අපේ යට අමතකයි නේද? ලංකාවේ ආණ්ඩුවෙන් වත්, වෙන රටකින්වත් කවුරුවත් බැලුවේ නැහැ. ඒ කලේ ආණ්ඩුවට සල්ලි තිබුනෙත් නැහැ. එත්, ඒ ගුවන් යනවල ඉඳපු අයගේ නෑදෑයෝ තවමත් දුක් වෙනවා. ඔහොම තමයි... "පිටරට බඩු" අපේ ඒවාට වඩා වටිනවනේ...(අ)
මේ නැතිවූ යානය සති දෙකෙන් හමුවෙනවා කියලා ලංකාවේ කෙනෙක් ප්‍රසිද්ධියේ කිව්වා නේද? මම මේ යානය හිතන තරම් ඉක්මනට හම්බ වෙන්නේ නැති හේතු,විද්වතුන් මේ පිළිබඳව දැරූ අදහස් මත,මා මාගේ අදහස ලිව්වා. හැබැයි එදා මම කියපු හේතු සාධකමයි අද අපිට අසන්නට ලැබෙන්නෙත්. (නි)
මෙහි තවත් අලුත්ම විස්තර දැනගන්න පුලුවන් අන්තර්ජාලයෙන් (නි)