ඇමෙරිකාවේ ධවල මන්දිරයේ ආරක්ෂාව භාරව සිටි එරට බුද්ධි අංශ ප්‍රධානී ජූලියා පියර්සන් සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇමෙරිකා ජනාධිපති මන්දිරයට පුද්ගලයකු ඇතුළුවීමෙන් ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතිවූ ගැටළු හේතුවෙන් ඇය මෙම තීරණය ගෙන ඇතැයි ද පැවසේ. ඉල්ලා අස්වීමට පෙර ඇමෙරිකා කොංග්රස් මණ්ඩලයේ ප්‍රශ්න කිරීම්වලට ද මුහුණ දීමට ඇයට සිදුව තිබිණි.
පසුගිය 19 දා ධවල මන්දිර භූමියට ඇතුළු වූ ආයුධ සන්නද්ධ පුද්ගලයකු ගොඩනැගිල්ල අභ්‍යන්තරයට ම පැමිණීමත්, 16 දා අපරාධ වැරදි සම්බන්ධ චෝදනා ලැබ සිටින හා ආයුධ සන්නද්ධ ආරක්ෂක අංශ කොන්ත්‍රාත් කරුවකු ජනාධිපති ඔබාමා සමග එකම විදුලි සෝපානයක ගමන් කැර තිබීමත් යන කාරණා හේතුවෙන් ධවල මන්දිරයේ ආරක්ෂාව සම්බන්ධ ගැටළු රැසක් සාකච්ඡාවට බඳුන්වෙමින් තිබේ.
ධවල මන්දිරයේ ආරක්ෂක ඒකකය හඳුන්වන්නේ සීක්රට් සර්විස් යනුවෙනි. ඇය මේ ධූරයට පත්ව ඇත්තේ මාස 18ට පෙරදීය. ඇයගේ ඉල්ලා අස්වීම භාරගත් බවත් ඇය 30 වසරක ආරක්ෂක අංශ රාජකාරී දිවියේ දී කළ මෙහෙවර අගයකරන බවත් ඇමෙරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි. ජනාධිපති ඔබාමා ද ඇයගේ සේවය අගය කළ බව විදෙස් මාධ්‍ය පවසයි.
ඉල්ලා අස්වීමෙන් අනතුරුව මාධ්‍ය ඇමතූ ජුලියා කියා ඇත්තේ පසුගිය දා වූ සිදුවීම් දෙක හේතුවෙන් තම සේවාව ගැන ගැටළුවක් පැණ නැගී ඇති බැවින් මෙවැනි තීරණයක් ගත් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (නි)
ප්‍රභූ ආරක්ෂකයෝ නායකයා වටකර යනවා මිසක් බාහිර ආරක්ෂාව ගැන බුද්ධි අංශවල ක්‍රියාකාරිත්වය දුර්වලයි.ඇමෙරිකාවේ ජනාධිපතිවරු කීදෙනෙක් වෙඩිකාලා මිගියාද ? ප්‍රේමාදාස ජනාධිපති තුමාට ආරක්ෂක වළල්ලක් සිටියත් බාබු ගැන බුද්ධි අංශ වලට ඉවක් සොයාගන්න බැරිවිම කනගාටුවට කරුණක් ! (අ)
බාබු හිටියෙ ප්‍රේමදාස මහත්තයා ළඟ නිසා ආරක්ෂක අංශ ඇතුළු හැම දෙනාම හොඳින් දන්නවා(අ)
මේක අපේ ප්‍රධාන ආරක්ෂක නිලධාරින්ටත් රජයේ ප්රධානීන්ටත් ඇමතිවරුන්ටත් හොද ආදර්ශයක්, එහම වුණානම් අද කී දෙනක් ගෙදර ගිහින්ද ?. (අ)
මෙයාලට විකාර..බාබු කවුද ..ප්‍රේමදාස මහත්තය කවුද...ඔබාමා කවුද...ලෝකෙම නායකයා...තෝරු මෝරු අස්සේ හාල්මැස්සෝ. (ස)
මේක සිරි ලංකාවය.මෙවැනි දෙයක් සිදු වූවා නම් ඉල්ලා අස්වීමට පෙර සමහරවිට කුඩුවේ ලැගීමට සිදු වෙනු ඇත. (ස)
ඔච්චර පරස්සම් කරන්න අපේ අය වටින්නේ නෑනේ. එ්කයි ඇමෙරිකාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැත්තේ. (ස)
ඉල්ලා අස්වී යන තැනට ධවල මන්දිරයෙන් මෙයට කටයුතු සිදු කරන්න ඇති. (ස)
ආරක්ෂක නිලධාරිනිය පමණක් නොව කවුරුන් වුණත් තමන්ගේ ව කීම ඉටු කිරීමට නොහැකිනම් ඉල්ලා අස්විය යුතුය. නගර සභාවේ සනීපාරක්ෂක කම්කරු මහතාගේ සිට ජනතාවගෙන් වැටුප් ලබන උසස්ම දේශපාලකයාටත් එය පොදුය. (නි)
මාටින්, ඔබගේ හීනමානය නැතිකරගන්න (නි)
බටහිරට බනින අය දැනගන්න ඕනෑ බටහිර ඇති ප්රජාතන්ත්රවාදය (නි)
ලංකාවේ නම් ආයුධ පෙන්නන්න එක්ක යනවා. (නදී)
අපේ අයට එහෙම ප්‍රශ්ණ වෙන්නේ නැහැ (නදී)
ඔය වගේ පුවත් කොච්චර දැම්මත් තේරුමක් නෑ. අපේ රටේ කිසි ලොක්කෙක් හෙන හැහුවත් දාලා යන්නේ නැහැ (නදී)
බටහිර රටවලට වඩා අපේ ලංකාවේ නිදහස ප්රජාතන්ත්රවාදය තියෙනවා. අපි අවුරුදු 25 කට වැඩි කාලයක් මෙම රටවල සිටින නිසා දන්නවා උඩින් පෙනෙන දෙයට වඩා ඇතුළත බොහෝ වෙනස් බව. තවමත් පරණ අධිරාජ්‍යවාදය වෙනත් ක්‍රම වලින් ගෙනයන රටවල් මේවා. අපේ ශ්‍රමය අවශ්‍ය නිසා අපිට ඉන්නට දුන්නට, දැන් අපේ ශ්‍රමයත් එපාවෙලා තියෙන්නේ (නි)