පවුම් ලක්ෂ 16 ( රුපියල් කෝටී 31.36 ) කට දිය යට ‘‘ලිමෝ‘‘සවාරියක් ලබා දීමට ඩෙන්මාර්ක සමාගමක් සූදානම්ව සිටී.
සී එක්ස්ප්ලෝරර් 5 ලෙස හැදින්වෙන මේ අධිසුඛෝපභෝගී සබ්මැරීනයට අඩි 300 ක් ගැඹුරට කිමිදීමට හැකියාව ඇත.අධි තාක්ෂණික කැමරා වායුසමනය කළ කුටීරයක් සුවපහසු ආසන හා තමන්ටම කියා රියැදුරෙකුද සැපැයෙන මේ සබ්මැරීනය අතමිට සරු ‘‘ජල සන්නිය‘‘ඇත්තන් ඉලක්ක කරගෙන හදුන්වා දුන් බව අදාළ සමාගම කියයි.
වියළි කෝෂ මගින් බලගැන්වෙන සබ්මැරීනයට පුරා පැය 8 ක කාලයක් දිය යට රැදී සිටීමේ හැකියාව ඇත.මුහුදේ කිමිදෙමින් සිටිනා තුර තම සිත්ගන්නා යමක් දුටුවහොත් එය දිය මතුපිටට රැගෙන ඒමට විශේෂ සැකැස්මක්ද මෙහි වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි කොහේ යන්නද (දී)
අම්මෝ! මට නම් නිකන් පිස්සු වගෙයි (නි)
අඩුම ගණනේ කෝටියක්වත් තිබුණා නම් යන්න තිබුණා (නි)
තාක්ෂනය දියුණුයි දැන් (දී)
අපිටනම්,කරන්නවත් හිතා ගන්නවත් බැහැ (දී)
මෙන්න කරනවා නම් අලුත් වැඩක්. (නි)