චුම්භක බලයෙන් පිල්ලට ඉහළින් පාවි ගමන් කරන ජපාන දුම්රියක් ෆුජි කන්ද අසල අත්හදා බැලීමේ ධාවනයක දි පැයට කිලෝ මිටර 603 ක වාර්තා ගත වේගයක් වාර්තා කළේය.
එම දුම්රිය මීට කලින් ධාවනය වු උපරිම වේගය පැයට කිලෝ මීටර 590 කි. විද්‍යුත් බලයයෙන් ආරෝපණය කැරෙන කාන්දම් මගින් එම දුම්රිය මැදිරි පිල්ලට ඉහළින් එස වි ගමන් කරයි. මේ දුම්රිය මධ්‍යම ජපානයේ දුම්රිය සේවයට අයත් වේ. 2027 වන විට ටෝකියෝ හා නගෝයා නගර අතර දුම්රිය සේවය ඇරඹිමට යයි. කිලෝ මිටර 280 ක දුර මිනිත්තු 40 කින් සපුරාගත හැකි වෙතියි දුම්රිය සේවය කියයි. එය දැනට වැය වන කාලයෙන් අඩකට මදක් අඩුය. මැග්ලෙව් නමින් හැදින්වෙන මෙම දුම්රිය පැයට කිලෝ මීටර් 803 වේගයෙන් ධාවනය නොකරන බවත් එහි උපරිම වේගය පැයට කිලෝ මීටර 505 ක් බවත් දුම්රිය සමාගම් කියයි. ජපානයේ “බුලට් ට්‍රේන්” නමින් හැදින්වෙන ෂින්කැන්සන් දුම්රියේ උපරිම වේගය පැයට කිලෝ මීටර් 320 කි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය අදහස් දාලා තියෙන අය ලංකාවේ දිග පළල ගැන පොඩ්ඩක් හොයලා බලන්න.ඒතකොට අපිට ඔය වගේ වේගයක් තියෙන දුම්රියක අවශ්‍යතාවක් තියෙනවද කියලා හිතන්න පුලුවන්. (නි)
කෙවින්,ඔබ හරියට හරි. (නි)
කෙවින් ගේ අදහසනම් සියයට සියයක්ම නිවැරදියි (ස)
ඉක්මන් කොටයිලුනේ! (නි)
පාන් කෑල්ලක් ලාබෙට කාලා බොරළු පාරක කරත්තෙක යන්න තමයි අපි කැමති. (නි)
හෙමින් යන එක තමා අපිට නම් හොඳ. නැත්නම් රියදුරු නැතුව යවන්න ටිකක් අමාරු ඇති. හැබයි එහෙම පුළුවන් නම් රටට ලොකු ඉතිරියක් වේවි. රියදුරු මහත්තුරුන්ට වෙනම අංශයක රැකියා දෙමු. (ස)
හරියට වැඩ කරනවා නම් අපේ රටටත් ඕවා එතරම් ලොකු දේවල් නෙමෙයි (නි)
ජපන්නු හැදියාව අතින් අංක එක. මිනිසුන්ට අතිශය ගරුකරන සමාජයක් එහි තියෙන්නේ. ඒ මිනිස්සු පර්යේෂණ කරලා තමන්ගෙ වැඩ ඉතා පහසුවෙන් කරගන්න පුළුවන් ක්‍රම හොයාගන්නවා. අපේ අයියලා දේහපාලනයක් බදාගෙන හැමදාම එකතැන පල්වෙනවා. (නි)
ශ්‍රී ලාංකික දූපත් මානසිකත්වය! සමහර අය දාලා තිබෙන අහදස් දැක්කහම ඒක හිතාගන්න පුළුවන් (නි)
හරියට හරි චින්තන මහත්තය ..ඔය මනෝජ් ල හිතන විදිහට හිතල තමයි වැඩකට නැති සුදු අලි වරායක් ..ගුවන් තොටක් ජනතාවගේ පොකට් එකට තට්ටු කරලා බිහිඋනේ .(ස)
අපි ලංකාව ජපානෙට බද්දට දෙමු......................... මම ලබන පාර ජනාධිපතිවරණයට ඉල්ලනවා මට ඡද්දේ දීපල්ලා මම ලංකාව ජපානෙට නිකන් දෙනවා මෙහෙ ඇවිත් කැමති දෙයක් කොරන්ට කියලා (ස)
ලංකාවෙ අපිට වෙලා තියෙන්නෙ බොහොම දෙනෙක් ඉන්නෙ පසුගාමී මානසිකත්වයක සහ බඩ! බඩ!! බඩ!!! (නි)
ලංකාවේ අපිට නම් මෙහෙම කෝච්චියක යන්න ලැබෙනවා කියන්නේ තව අවුරුදු 100ටවත් වෙන දෙයක් නෙමෙයි. පුදුම දුකක් තියෙන්නේ වැස්සකටත් අවුල්වෙන සිග්නල් එක්ක කෝච්චියේ යන්න ගියාම. (නි)
ෂා! ලංකාවේ තිබුනා නම් යාපනයට ගිහිල්ලා එළවලු ටික අරගෙන එන්න තිබුනා. දුක තමයි. (නි)
මුන්ට පිස්සුනේ ලංකාවේ අපිටනම් ඔය විච්චූරණ ඕනෑ නැහැ. ගල්ගේක ගිනිමැලියක් ගහගෙන හොඳට බඩට කාලා බීලා හිටියම මදිද. ඔය යටිතල පහසුකම් වගේ ඒවා එරොප්පෙට හොඳයි. (ස)
ජපන්නු ලංකාවේ අය අතර තියෙන්නේ සිතුවිලි අතර වෙනසක් මට හිතුන විදියට නම්.
සියල්ල මැවෙන්නේ වෙනසට කැමති සිත තුලය (ත)
මනෝජ්, අයිෆර් කුළුන කියන්නේ මොකක් ද? පැරිස්වල තියෙනවා අයිෆල් (ඊෆල් කියලත් හඳුන්වනවා) කියලා එකක් නම්. ලංකාවේ අය තවමත් හිතන් ඉන්නේ නායකයාගේ ඔලුවේ තමයි ඔක්කොම අදහස් පහළ වෙන්නේ කියල. මේ හැම ව්‍යාපෘතියක්ම රටකට කොයිතරම් ප්‍රයෝජනවත් ද කියල නිසි විමර්ශනයකින් පසුව තමයි ක්‍රියාත්මක විය යුත්තේ. අයිෆල් කුළුණත් කාලයක් ප්‍රංශයට බරක් වෙලා තිබුණ, දැන් මත්තල ගුවන් තොටුපල වගේ. (බ)
සිතුවිලි විතරක් නෙමෙයි සල්ලි වලිනුත් පොහොසත් වුණා ඉතින් ඔය කෙරුවාවෙන්. (නි)
ඉක්මන් කොටයි. (නි)
අනේ අප්පච්චියෝ! හෙමින් ගමන කෝකටත් හොඳයි. අපි මේ යන විදියටම යමු මලේ!උඩින් යන්න ගිහින් මොකටද පස්ස බිම ඇනගන්නේ? පහුගිය කාලේ උඩින් ගිය කට්ටිය අපුරුවට බිම නිදාගන්නේ නේද ? (නි)
සචිත්, ලංකාව වගේ කුඩා දුපතකට ඔය තරම් වේගයක් ප්‍රායෝගික නැහැ නේද? අපිට පැයට කි.මී.160 හොඳටම ඇති. දැනට ලංකාවේ තිබෙන ඕනෑම දුම්රිය එන්ජිමක් එම වේගයෙන් යන්න පුළුවන් අනෙක් අඩුපාඩු සකසනවා නම්.අපි මුලින් ඒකට උත්සාහ කරමු. (නි)
ලංකාවේ කරන්න පුළුවන් දේවල් අනන්තයි. නමුත් අපේ දේශපාළු අයියලා එක්ක තමයි කරන්න බැරි. (නි)
සචිත්, නාලක, එහෙම හිතන්න එපා. කවුද හිතුවෙ අයිෆර් කුළුනට වඩා උස කුළුනක් ලංකාවෙ හදන්න? කොහෙද ඉතින් වැඩේ අවසන් කරන්න බැරිවුණානේ! ඒ වගේ සිතුවිලි වලින් පොහොසත් නායකයෙකුට මේවා මහා දේවල් නෙමෙයි. (නි)