ටොන් 30 ක් පමණ බර දුම්රිය මැදිරියක් ඔසවා එයට යටවී සිටි කාන්තාවක බේරා ගැනීමට ජපානයේ මිනාමි උරාවා දුම්රිය ස්ථානයේ මගීහු හා නිළධාරීහු පිරිසක් සමත් වූහ.
කාන්තාව සිටියේ දුම්රිය මැදිරියත් දුම්රිය වේදිකාවත් අතර පවතින හිඩැසට වැටී දුම්රිය මගේ සිරවීය.ඇය පිටතට ගැනීමට නම් දුම්රිය මැදිරිය එම ස්ථානයෙන් ඉවතට ඇදගෙන යා යුතුව තිබුණි.ඇයට හානියක් නොවී එසේ කිරීම නොකළ හැක්කක් විය.
එනිසා දුම්රිය වේදිකාවෙහි සිටි මගීහු දුම්රිය නිළධරයෝද එකතුව දුම්රිය මැදිරිය ඔසවා සිරවී සිටි කාන්තාව පිටතට ගත්හ.
ඇයට කිසිදු අනතුරක් සිදුවී නොතිබුණු අතර සියල්ලෝම ඇය බේරුණු බව දැක ජය ගොස නැගූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"සමගි බලේ" දැක්කද? අපිත් මෙවැනි ආදර්ශ අරගෙන සමගියෙන් ඉදිරියට යමු. ඒ විට ශ්රී ලාංකිකයන් වන අපට කවදාවත් වරදින්නේ නැහැ. (නි)
ඔන්න තැනේ හැටියට ඇනේ ගහලා. (ස)
තමන්ගේ රට ජාතියට ගරහන්න එපා (නි)
අපේ අයනම් ෆොටෝ ගනීවි. අනිත් අය අත් දෙක බැඳගෙන සිටීවි (නි)
කෙවින්, එතන වරද බුද්ධිමත් මිනිස්සු හැටියට මොලේ පාවිච්චි කරලා වැඩ නොකරනකම. තවම මින්ස්සු කොලපාට නිල්පාට පමණි දන්නේ. අපි නුවනින් වැඩ කරමු. අපේ රට අපි හැමෝටම ලොකුයි (නි)
සමහරුන්ගේ තියෙන පරගැති දීන බාවය සමහර ප්රතිචාර වලින් මනාව පැහැදිලි වෙනවා. ජපනුන්ගේ ක්රියාව අනුමත කලයුතුබව ඇත්ත නමුත් අපේ රටේ උදවියත් තමන්ගේ ජීවිතය ගැන වත් නොහිත අනෙක් මිනිසුන්ට උදවු කරපු අවස්ථා ඕන තරම් තියෙනවා. (ස)
ඒ රටේ මිනිස්සු මිසෙකුගේ අගය දන්නා නිසා තමයි ඇයව බේරාගත්තේ. (ස)
අපිත් කොටුව දුම්රිය පොලේදී මේ විදියටම කකුලක් හිර උන කෙනෙක්ව බෙර ගත්තා ,ලංකාවේ අයත් ඕනෑ තරම් එකතුවෙලා හොද වැඩ කරනවා.(ස)
නුවර එලිය පේර වංගුවෙ බස් එක පෙරලුන වෙලවෙ අඩි 100 විතර පහල හිටිය ලමයි බේරාගත්ත අපේ මිනිසුත් මෙහෙම තමා අතිනත අල්ලාගෙන පහල් ඉදලා උඩට ලම්යි ටික ගෙනාවේ. වැස්ස නිසා පහලට වැටිමේ අවදානම තියෙද්දි මේකෙ ප්රතිචාර කරන සමහර අයට ඕනේ මේ රටට බනින්න විතරද?(නදී)
මීසා,අපි සතුටු වෙනවා ලංකාවේ ඉපදුනාට. අපි වගේ මිනිස්සු ලංකාවේ ඉපදුනාට අද ඉන්න දේශපාලකයෝ සතුටු වෙනවා.(නි)
ජපානයේ දුම්රිය සේවාව ඉතාමත් කාර්යක්ෂමයි.දුම්රිය අනතුරු ඉතාමත් විරලයි. දුම්රියත් ,පදික වේදිකාවත් අතර දුර ඉතාමත් සමීපයි.කෙට්ටු කාන්තාවක් වෙන්න ඇති සමහරවිට මෙම කුඩා ඉඩෙන් වැටී ඇත්තේ.සියලූම ක්රියා පද්ධතීන් පරිඝනක කර ඇති බැවින් ,මොනයම් දෙයක් සිදු වුනත් නියමුවාට වාර්තා වෙනවා.වෙලාවේ හැටියට ජපන් ජාතිකයින් ගත්ත ක්ෂණික උත්සාහය ඉතාමත් අනර්ඝයි. (නි)
සමගිය බලය වේ (නි)
ප්රියන්ත අද ලංකාවේ ජිවත්වන බොහෝ දෙනෙක් අධික ජිවන බර සහ අනාගතය ගැන විශාල බියකින් ඉන්නේ. එම නිසා ඔවුන් කලකිරිලා. මෙයට රට කරවන දේශපාලකයන් වග කිව යුතුයි (නි)
ඒ වුනාට ලංකාවේ මිනිස්සු තරම් හිත උණු වන මිනිසුන් මම දැකල නැහැ. කව්රු මොනවා කිවුවත් මම සතුටු වෙනවා මම ලංකාවේ වගේ රටක ඉපදුනාට (නි)
ප්රියන්ත ,ඉතින් ඇත්ත එක නේද? ඇත්ත තිත්තයිලු!!! අනේ මන්දා (නි)
මේකේ ප්රතිචාර දාන ගොඩක් අය හරිම හීනමානයකින් තමන්ගේ රට ජතිය ගැන කතා කරන්නේ. හැමදේටම ලංකාවේ වුනා නම් ඔහොම නැහැ මෙහෙමයි කියන්න තමයි බලාගෙන ඉන්නේ. (නි)
අරිගතෝ ,අරිගතෝ ජපන් . මෙය ලංකාවේ උනානම් ඒ මනුස්සයට දෙවි පිහිටයි , හරි හමන් කෑමක් නැති ආණ්ඩුව දෙන සොච්චමෙන් එදා වේල කන අපේ ජනයාට කොහෙද ජවයක් තියෙන්නේ .(අ)
මෙන්න මිනිස්සු ........ අපේ අය නම් ෆොටෝ ගහනවායි, වීඩියෝ කරනවයි විතරයි (නි)
ජපනා හපනා... (නි)
අනේ කොච්චර වාසනාවක්ද.?බලන්න කොච්චරනම් සමගිකමක්ද? මේ මනුස්සයට ජිවත් වෙන්න වාසනාව තියෙනවා. ඔන්න ඔය වගේ දේවල් වලට තමයි කියන්නේ මරන්න බැරි එකා ගලේ ගහලත් මරන්න බැහැ කියලා (නි)