මධ්‍යම කොළොම්බියාවේ ඇන්ඩීස් කඳු වැටියට නැගෙනහිරින් ගලා බසින කැනෝ ක්රිස්ටලාස් ගංඟාව හැඳින්වෙන්නේ දේදුනු දියපහර ලෙසිනි. කිලෝ මීටර 100ක් පමණ දුරක් ගලා බසින මේ ගංඟාව ඇතැම් කාලවල දී රතු, නිල්, කහ, තැඹිලි, කොල ආදී විවිධ වර්ණවලින් පෙනෙයි.
ලොව වෙන කිසිම තැනක දැකිය නොහැකි ලෙස දීප්තිමත් වර්ණවලින් අලංකාර වී ඇති මේ ගංඟාවට එලෙස වර්ණ ලැබෙන්නේ කෙසේදැයි පර්යේෂකයෝ විවිධ මත පලකළහ.
බොහෝ දෙනකුගේ මතය වූයේ එය ඇල්ගී වර්ගයකින් හෝ සෙවෙල වර්ගයකින් සිදුවන්නේය යන්නයි. එහෙත් සත්‍ය වශයෙන් ම මේ වර්ණයට හේතුව ආවේණික ජලජ ශාඛයක් බව දැන් සොයාගෙන ඇත. මැකරෙනියා ක්ලැවිජෙරා නමින් හඳුන්වන මේ ජලජ පැලෑටිය වර්ධනය වීමට අවශ්‍යතා ගණනාවක් සම්පූර්ණ විය යුතුය.
නියමිත ජල මට්ටම, ප්රශස්ත මට්ටමේ හිරු එළිය ලැබීමෙන් මේ දීප්තිමත් පැහැය ඇතිවේ. ජුනි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා පමණක් මේ වර්ණය ගංඟා දියෙහි දක්නට ලැබේ. ජනවාරි සිට මැයි දක්වාවන වියළි කාලයේ දී ගංඟාව සංචාරකයන්ට තහනම් ප්රදේශයකි. එහිදී ගංඟාවට පරිසර විවේකයක් ලබාදිය යුතු බව කොළොම්බියාවේ බලධාරීන්ගේ මතයයි. ඒ කාලයේ දී මේ වර්ණවත් පැලෑටි වර්ගය ද වර්ණයක් නොමැතිව නිද්‍රාශීලී කාලයක් ගතකරයි.
මෙය සංචාරකයින්ට නව අත්දැකීමක් වුව ද ඒ අවට පදිංචිකරුවන්ට නම් පරම්පරා ගණනාවක සිට දැක පුරුදු දසුනකි. විශාල වශයෙන් ඇදී එන සංචාරකයන් හේතුවෙන් දැඩි තර්ජනයට ලක්ව ඇති මේ ශාකය රැක ගැනීමට ප්‍රදේශ වැසියන් හා පරිසර සංවිධාන පියවර ගෙන ඇත.
ගඟේ පිහිනීම හා ඇවිදීම සීමා කිරීම මෙන්ම ගඟ දැකීමට පැමිණෙන සංචාරකයන් සීම කිරීම කෙරෙහි ද අවධානය යොමු වී ඇත. ඇතැම් කරුණු සම්බන්ධයෙන් දැනටමත් නීති සම්පාදනය කැර තිබේ. කෙසේ වුවත් මේ ගඟ ගලායන ප්‍රදේශයේ පවතින ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් ගඟ විවෘත කැර ඇත්තේ කිලෝ මීටර 30ක දුරක් පමණි.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොලොම්බියානු ජනතාව ,ස්වභාව ධර්මයගෙන් ලැබුණු දායාද මොනතරම් ලස්සනට පරිහරණය කරනවාද යන්න අදහාගන්නත් අමාරුයි. කිසිම තැනක කඩදාසි කැබැල්ලක්,ප්ලාස්ටික් බෝතලයක් හෝ දැකගැනීමට නොහැකි තරම්. හරිම ලස්සනයි ! (නි)
සුන්දර දසුන් පෙළක් (නි)
ලස්සන ප්‍රවෘත්තියක්. අපිටත් ගන්න හොඳ දේවල් තියෙනවා. අපේ රටෙත් මෙවැනි ජෛව විවිධත්ව තිබෙන සුවිශේෂ ස්ථාන කාලයකට පමණක් විවෘතව තබන්න ඕනෑ. සිංහරාජය ඇතුළු වනෝද්‍යාන කාලයකට මිනිස් ගැවසීමෙන් ඈත් කරන්න පුළුවන් නම් හොඳයි. බලන්න මේ පුවතේ තියෙන කණගාටුදායක කොටස. ත්‍රස්තවාදය නිසා මෙහි සුන්දරත්වය දිගින් අඩකටත් අඩුවෙන් තමයි දැකගන්න පුළුවන් (නි)
ලංකාදීපය, ඔබට ස්තුතියි! (නි)
ඒ රටේ මිනිස්සු නඩ පිටින් සංචාරය කරන්න තරම් වත් ශිෂ්ඨ ජාතියක් කියල කියන්න බැහැ. මොකද ප්ලාටික් බෝතලයක්, ටින් එකක්, සිගරට් පැකට් එකක්, අරක්කු බෝතලයක් තබා සිලි සිලි බෑග් එකක් වත් පේන්න නැහැ.(අ)
සුන්දර දසුනක් (නි)
දැන්වත් අපේ ලංකාව ගැන සිතමු. එවිට අපේ රටත් පිරිසිදු බලන්න ලස්සන රටක් වේවි. පිටරට පිරිසිදු කරන අයට අමතරව හැමෝම ඒ ගැන හිතනවා. (නදී)
මේ වගේ තැන් ලංකාවෙත් තියෙනවා නේද? (නි)
මෙවන් අලංකාර දර්ශන අපහට ඉදිරිපත් කිරිම ගැන ලංකාදීපයට ස්තුතියි. (නදී)
හරිම ලස්සනයි මටත් එහේ යන්න හිතෙනවා (දිල්)
අපිටත් මේ වගේ තැන් තියෙනවා වැඩේ කියන්නේ අපේ අය ඒවා රැකගන්න මහන්සි වෙන්නේ නැති එක.දැන්වත් හැමෝම මේ ගැන හිතල වැඩ කළොත් මේ වගේ ලංකාවේ සුන්දර පරිසරය රැකගන්න පුළුවන් වේවි. (අ) .