පකිස්තානයේ පන්ජාබ් නුවර තරුණියක් තම පළමු විවාහයෙන් නීතිමය ලෙස වෙන් නොවී දෙවැනි කසාදයක් කරගැනීම නිසා ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම ඝාතනයට සැක පිට ඇගේ පළමු සැමියා සහ ඝාතනයට සහය දීම සම්බන්ධයෙන් ඇගේ පියා අත්අඩංගුවට ගෙන තිබේ. විසි අට හැවිරිදි සාමියා සහිඩ් නම් එම තරුණිය ඇයගේ නෑදෑයන් හමුවීමට ගිය අතරවාරයේ මෙලෙස ඝාතනයට ලක්ව ඇත.
ඇයට හදවත් රෝගයක් තිබු බවත් ඇය මියගියේ එම රෝගයෙන් බවත් ඇයගේ නෑදෑයන් ප්‍රකාශ කර ඇතිමුත් ඇය ගෙල සිරවීමෙන් මිය ගොස් ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය විය .
කෙසේ වෙතත් අදාළ නඩුව විභාගයට ගැනුණු අධිකරණයේදී තරුණියගේ පියා එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම මොඩ් වෙලා. වයසක අය අතෙත් ස්මාර්ට් ෆෝන්. හැබැයි එකට ඉන්න බැරිනම් වෙන් වෙන්න තියෙන්නේ ක්‍රිස්තු පූර්ව ගණන් වල නීති. තරුණ ජිවිත නිකරුනේ නාස්ති වෙනවා. අනෙකාගෙන් පළිගැනීමේ චේතනාව ඇති අයට නම් මේ තියෙන ඇදෙන නීති හොඳයි. (නි)
වැඩේ නම් වැරදියි, නමුත් මේ කාන්තාවත් දැනගන්න ඕනෑ හොඳින් ඉන්න. කාමයේ වරදවා හැසිරෙන මිනිසුන්ට කොහොමත් අනාගතයක් නැහැ. මේක ගැහැණුන්ටත් එකයි, පිරිමින්ටත් එකයි. (නි)
මැදිවියේ ගැහැණු අය තමයි බොහෝවිට මෙවැනි නඩු අදින්නේ වසර ගණන්. මරාගෙන මැරෙන පහත් සංකල්පයනේ අපේ රටේ තාම තියෙන්නෙ සහ පතුරනවන්නේ. සමාදානේන් විසඳා ගන්න දන්නෙ නැහැ. අවට අය එහෙම කරන්න කියන්නෙත් නැහැ. ඔය නිසා තමයි සමහර මිනිමැරුම් පවා පත්තර වල අහන්න දකිනන් තියෙන්නේ. (ම)
කුෂාණි හරි. ටීවී වල පෙන්නන්නෙම “මම දෙන්නෙ නැහැ දික්කසාදේ“ කියන නාට්‍යම තමයි. මේවා තමයි අපේ අය ආදර්ශයට ගන්නේ. (නි)
පාකිස්ථානයේ පිරිමින්ට වාසි විදියට නීති තිබුනට ලංකාවේ පිරිමි තමයි නඩත්තු ගෙවන්න ඕනෑ සහ දික්කසාද වෙනකොට 99% සිද්ධිවල වන්දි ගෙවන්න ඕනෑත්. ඒත් අද කාලේ සමහර ගැහැණු අය වැරදිත් කරලා පිරිමියාගෙන් හොඳ වන්දියකුත් අරන් තමයි අයින් වෙන්නේ. (නි)
මැරෙනවා සැපයි වගේ නඩුවක් කියලා සාධාරණය ඉටුකරගන්න උත්සාහ කරනවට වඩා. (නි)
ආසියාතික රටවල බොහෝවිට චිත්‍රපට රූපවාහිනි නාට්‍ය වගේ ඒවායින් පෙන්වන්නේ පවුල් කැඩුනහම පළිගන්න දේවල්. සමාදානෙන් වෙන්වෙලා ඒ දෙදෙනාම වෙන වෙනම තමන්ගේ පවුල් ලස්සන කරගෙන සතුටින් ජිවත්වන ආදර්ශ දෙන්නෙ නැහැ. (නි)
අවුරුදු 5-10 ඇදුනු දික්කසාද නඩු සහ අවුරුදු 15-20 ඇදුනු ඉඩම් නඩු තියෙන රටක් මේක. මිනිසුන්ගේ ජිවිත බලාපොරොත්තු මොනතරම් විනාශවෙනවද මේ ඇදිල්ල නිසා. නඩු ඇදෙන තරමට වාසි වැරැද්ද කළ අයටයි. ඒවා වහන්න කඩිනම් ක්‍රියාමාර්ග නොගන්නේ ඇයි වගකිවයුත්තන්? (නි)
අපේ රටේ ඉඩම් සහ දික්කසාද නීතිය හදලා තියෙන්නේ ආයුකාලය වසර 500 ක් කියලා හිතාගෙන. ඒකනේ මේතරම්ම කල් අදින්න නිතියෙන් ඉඩහදලා දිලා තියෙන්නේ. (නි)
මේවා නම් හොඳ වැඩ නොවෙයි. එකට ඉන්න බැරිකමක් තියනවා නම්, ගැටුම් ඇති කරගන්නේ නැතුව ඉක්මනට නීතියෙන් වෙන්වෙන්න පහසුකම් ඕනෑම රටක තියෙන්න ඕනෑ. (නි)
හැබැයි පිරිමින්ට නම් මේ නීති නැහැ නේද? (නි)
වාසනාවට ලංකාවේ මිනිස්සු උගත් බුද්ධිමත් අය නිසා හොඳයි (ම)
ලංකාවේ වාගේ ප්රජතන්ත්රවාදී ක්‍රමයක් එහෙ නැති නිසා ඔහොම වෙන්නේ. මෙහෙ කසාද බැඳපු ගැහැණියත් පිරිමියාත් දෙදෙනාම අනියම් සම්බන්ධකම් පැවැත්වීම අලුත් නවීන ජීවිත රටාවක් වෙලා (නි)
අපේ රටෙත් උඩරට නීතිය අනුව බැන්ඳා නම් උසාවි නොගිහින් රෙජිස්ට්‍රාර්වරයා වෙත ගොස් දික්කසාදය ගතහැකියි නේද. නමුත් පහතරට නීතිය අනුව විවාහ වුණ අයට තමයි අවුරුදු ගණන් උසාවි බඩගාන්න වෙන්නේ. එකම රටේ නීති දෙකක් (නි)
පාකිස්ථානය වගේ රටවල නීතියයි ආගමයි ජාතියයි තුනම එකක්. මෙවැනි දේවල් වෙනවා. හරිම කණගාටුයි. අපේ රටේ නීති හදන අයත් හිතන්න ඕනෑ දික්කසාදය ගන්න අපහසුකළා කියලා පවුල් රැකෙන්නෙ නැහැ, ඒකෙන් ප්‍රශ්න තව තවත් උග්රවෙනවා කියන එක. (නි)
අනේ පව් අසරණ තරුණිය. තරුණ හැඟීම් නොතේරෙන යල්පැනපු නීති ඇති රටක ඉපදිමේ පව ගෙව්වා. නීතියෙන් වෙන්වෙන්න බැරිනම් වෙන මොනවා කරන්නද? (නි)
පළමු විවාහයෙන් නීතිමය ලෙස වෙන්නොවී දෙවැනි කසාදයක් කරගැනීම නිසා ඝාතනය කළා නම් මොනතරම් සාහසිකද? ඒ වගේම තමයි එකට ඉන්න බැරි නම් ඉක්මනින් වෙන්වෙන්න නීතියෙන් ඉඩනොදෙන එකත් මම නම් හිතන්නේ වැරදියි. ජිවිත විනාශ වෙනවා මෙහෙම වුණාම. මේ ගැන පාලකයින් මිටවඩා සංවේදි වියයුතුයි. අද උසාවියකට ගියාම පේනවා මොනතරම් පිරිසක් රස්තියාදු වෙනවද කියලා. ජිවිතේ එක් පාරක් වැරදුනාම නැවත හදාගන්න නීතියෙනුත් උදව් කළයුතුයි. (නි)
නීතියට ගරු කරන අයයි නඩුවක් දාලා නීතියට අනුව විසඳාගන්න හදන්නේ. එහෙම අයට නීතියෙන් කිසිම අනුකම්පාවක් නැහැ. වයසට යනකම්ම දික්කසාද නඩු ඇදෙන විදියට තමයි නීති හදලා තියෙන්නේ. ඒ නිසා තමයි අද වෙනකොට හුඟක් අය නීතියට පිටින් ගිහින් වැඩ කරන්නේ. මේක සමාජ ප්‍රශ්නයක්. ඇමතිවරුන් නීති විශාරදයින් මේ ගැන සෙවිය යුතුයි. (නි)
දෙදෙනෙක් එකට ජීවත්වෙනවා කියන්නේ හරිම පෞද්ගලික දෙයක්. එකට ඉන්න බැරිනම් ඉක්මනින් වෙන්වෙලා තමන්ගෙ වැරදුනු ජිවිතය හදාගන්න මානව හිමිකමක් තිබිය යුතුයි. දියුණු රටවල එහෙමයි. නමුත් අපේ රටේ බඳිනකොටම 30 ට ළංවෙලා. දික්කසාදයකදී උසාවියටම තරුණ කාලෙයි සල්ලියි ගතවෙලා. මේවා කවුරුත් කතා කරන්නෙ නැතිවුණාට රටක වෙන ලොකු වැරදි. අනෙක් දේවල් විතරක් ඩිජිටල් වෙලා වැඩක් නැහැ. මේත් ජීවිත. මේවට කවුද වගකියන්නේ? (නි)
අපි මේ වගේ දේවල් දැක්කහම අනුකම්පා කරනවා, හිනා වෙනවා. නමුත් අපෙත් නීති මොනතරම් යල්පැනලද? ඒවා නිවැරදි කරන්න සල්ලි යන්නේ නැහැ. නමුත් කිසිම දේශපාලඥයෙකුට උවමනාවක් නැහැ නඩු විසඳීම ඉක්මන් කරලා රටේ ජනතාවට සහනයක් දෙන්න. (නි)
රිචි, හැමෝම නෙමෙයි. හැබැයි හුඟක් වෙලාවට එහෙම වෙන්නේ දික්කසාදය ගන්න වසර ගණන් ගතවෙන නිසයි. ප්‍රවින් කියන කතාව හරියටම හරි. අපේ ආයුෂ වසර 200 ක්වත් කියලා හිතලා තමයි අපේ රටේ නීති හදලා තියෙන්නේ. නීතියට අනුව බඳින්න තත්පරයයි. නමුත් ගැළපෙන්නෙ නැත්නම් අයින් වෙන්න හරිම අමාරුයි. ඒ නිසා තමයි මිනිමැරුම් පවා සිදුවෙන්නේ බොහෝවිට. (නි)
අපේ දික්කසාද නීතියත් හදලා තියෙන්නේ මිනිසුන්ට අවුරුදු 1000 ක් විතර ආයුෂ තියෙන කාලෙක වෙන්න ඇති. මොකද මේ තියෙන නීතිය අනුව නඩු කියලා දික්කසාදයක් ගන්නවා කියන්නේ අවුරුදු බර ගණනක් ගතවෙනවා. ඉඩම් නඩුත් ඊට නොදෙවෙනියි. මේවා දැන්වත් වෙනස් නොකරන්නෙ ඇයිද කියන එකයි ප්‍රශ්නේ (නි)
යල්පැනපු නීති නිසා වන අපරාධ. අපේ රටේ දික්කසාද නීතියත් මීට දෙවෙනි නැහැ. අපි පකිස්ථාන නීති දිහා බලා ඒ අයට අනුකම්පා කරනවා වගේම තමයි දියුණු රටවල අය අපේ යල්පැනපු දික්කාසද නීතියට අනුකම්පා කරන්නේ (නි)
මේක ලංකාවෙ නම් මේ නිතරම සිදුවෙන සාමාන්‍ය සිදුවීමක් (නි)