පෘථිවියට සමාන තවත් ග්රහලොවක් සොයා ගැනීමට ඇමරිකාවේ නාසා ආයතනයේ විද්‍යාඥයන් සමත්ව ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
කෙප්ලර් 452බී නමින් නම් කර ඇති මෙය පෘථිවියට සමානකම් ඇති බව ඔවුහු පවසති. පෘථිවියේ හිරුට සමාන තරු එහි සොයාගෙන ඇත. පෘථිවිය වඩා විශාලත්වයෙන් වැඩි එම ග්‍රහලෝකයේ වසරක දින 385කි. එනම් සූර්යා වටා ගමන් කිරීමට ගතවන කාලය දින 385ක් වේ.
මෙය ආලෝක වර්ෂ 1400ක් දුරින් පිහිටි බවත් කියති.
කෙප්ලර් ග්‍රහයා වසර කෝටි 600 ක් පැරැණි බවත් එය පෘථිවියේ හිරුට වඩා වසර කෝටි 150 ක් පැරණි බවත් නාසා ආයතනය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය බුදුන්වහන්සේ, බුදුන්වහන්සේ කියන අය තමන්ගේ ජීවිතය දිහා බැලුවා නම් බුදුන් වහන්සේ කියල තියන දේවල් ද වැඩි හරියක් කරලා තියෙන්නේ කියල මතක් වෙයි (නදී)
බුදුන් පවසා තිබෙන්නේ "විශ්වය සහ පරිණාමය " යන දෙකම සෙවීම කෙළවරක් නැති බවයි. එමෙන්ම විශ්වය අනන්තයි, හරියට සංසාරය වගේ. මේ සංවාදයට බොදු හිමිනමක් ප්‍රතිචාර කරානම් තමයි හොඳ. (නදී)
අනේ මේවා හොයන්න යොදවන සල්ලි වලින් බඩගින්නේ මැරෙන දහස් ගණන් මිනිස්සු ඉන්න මේ ලෝකේ මිනිසුන්ට කන්න වේලක් දෙන්න (නි)
අවුරුදු දහස් ගණනකට පෙර විද්‍යාව නොදියුණු යුගයක බිහිවුණු මතවාදවල එල්ලිලා ඉන්නෙ අැයි, මේ තරම් දියුණු ලෝකයක? (නි)
වැදගත්ම දේ තමා මේ දේවල් වල ආරම්භය දනගැනීම (නි)
මේකේ පදිංචි වෙන්න බැරිද? (නි)
මේනක විජේසුරිය නම් මොනවගේ මහත්මයෙක්ද මන්දා? (නි)
දිනෙන් දිනම තාක්ෂණය දියුණුවෙනවා (නි)
හොඳ සොයාගැනීමක් (නි)
මේ සියල්ලටම හේතුව නොදැනුවත්කම. අන්තර්ජාලයේ සැරිසරමින් නොමනා දේ කරනවාට වඩා හොඳයි නේද අද දක්වා දියුණු තත්වයට ලෝකය ආවේ කොහොමද කියල දැනගන්නා එක. නැත්නම් රූපවාහිනිය ඉස්සරහට ගිහිල්ලා කප්පරක් කසිකබල් නාට්‍ය බලනවට වඩා හොඳයි නේද ලෝකය ගැන දැනගන්න එක. කල්පනා කරලා බලන්න ඔබ ලෝකයේ කොතනද ඉන්නේ මොනවද කරන්නේ කියලා. (නි)
නිහාල්, ආලෝක වර්ෂයක් කියන්නේ මොකක්ද? (නි)
ආලෝක වර්ෂය කියන්නෙ දවස් 365 තිස්සේ ආලෝකය ගමන්කරන දුර. ආලෝකය තප්පරයට කි.මී.300000 ගමන් කරනවා.ඒක වැඩි කරන්න අවුරුද්දට තිබෙන තප්පර ගණනින් (නි)
මේනක හරියටම හරි. ඒක මේ මධ්‍යකාලින යුගයේ සිට මේ දක්වාම පවතින දෙයක්. (නි)
ලෝකය ඇත්තේ ඔබ තුලයි. අප්‍රමාදව භාවනාවේ යෙදි මනස දියුණු කර ගැනීමෙන් මුළු ලොවම කුමක් දැයි ඔබ තුලින්ම සොයා ගත හැක. බුදුන් වහන්සේ මෙම ක්‍රමයට සිත දියුණු කර මුළු ලොවම ජයගත් සේක. සියලු සුත්‍ර පිටක වලින් ඒ මහා දැනුම් සම්බාරය දෙව් මිනිසුන්ගේ හිත සුව පිණිස දේශනා කල සේක. මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ කටට අාවට නොකියා උන් වහන්සේ දේශනා කල දේ හරි හැටි කියවා බලා තේරුම් ගෙන අප්‍රමාදීව සසරෙන් එතෙර වීමට උත්සහ කරන ලෙසයි. නාසා ආයතනය යමක් සොයා ගත් විට බුද්ධාගම හොදින් දත් අයෙකුට හැගෙන්නේ ළදරු අංශයේ වැඩක් ලෙසයි. මන්ද යත් නාසා ආයතනය ප්‍රායෝගිකව කරන පරීක්ෂණ සහ සොයා ගැනීම් අයෙක් සිත දියිනු කර ගැනීමෙන් ලබන දැනුමට කිසි සේත්ම ලගා වීමට නොහැකි බැවිනි. (නදී)
කුරානයේත් පුරාණ දේවල් ලියල තියෙනවා වෙන්න පුළුවන්, ඒ වගේම බෛබලයේත් තියෙනවලු නමුත් මින් පැරණිම ආගම බුද්ධාගමයි. (නදී)
නියම ලොකූ ඉතිහාසයක්. නියමයි (බ)
විද්‍යාවත් අවිද්‍යාවත් තිබෙන්නේ භෞතික වස්තුවල නොවෙයි. එය තිබෙන්නේ සිත තුළ. නවීන තාක්ෂණයේ දියුණුව ගැන සිතා අතීත මිනිසුන්ට ගැරහීම හොද නෑ.(ම)
මිනිසුන් තම ආගම දහම වෙනුවෙන් පන දෙන්ඩ , සටන් කරන්ඩ , ඝෝෂා නගන්ඩ , ඔය හැම දෙයකටම ලැහැස්ති නමුත් එ්ක අනුව ජීවත් වෙන්ඩ කිව්වම තමා මුන්ට බැරි. අපි අදහන්නේ හරි ආගම කියලා පම්පෝරි ගහන නැතුව අපි අපේ අාගම දහම කියන විදියට ජීවත් වෙන්ඩ බලමු. (බ)
බුදුරජානන් වහන්සේ මේ ලෝකයට සමාන ලෝකයන් ගැන දේසනා කොට වදාළ සුත්‍රය ඔබත් කියවා බලන්න. සහස්සී ලෝකධතු සුත්‍රය -අංගුත්තර නිකාය 01 -402 පිටුව .[බු ජ ] (බ)
ඒ ග්‍රහලෝකෙත් අපේ රට වගේ රටක් ඇතිද දන්නේ නෑ නේද ? එහෙත් මේ කාලේ ඡන්දෙද දන්නේ නෑ.? (ර)
මිනිසුන් තම ආගම දහම වෙනුවෙන් පන දෙන්ඩ , සටන් කරන්ඩ , ගෝෂ නගන්ඩ , ඔය හැම දෙයකටම ලැහැස්ති නමුත් එක අනුව ජීවත් වෙන්ඩ කිව්වම තම මුන්ට බැරි..(ම)
අනේ පරාජික දේසපාලයෝ නම් ඔය ග්‍රහ ලෝකවලට යවන්න එපා. ඒවත් විනාස කරවී. (ස)
ග්‍රහලෝකයක් හොයාගන්න ක්‍රම කීපයක් තියනවා .ගොඩක් වෙලාවට බාවිත කරන්නේ ඒ ග්‍රහලෝකේ දීප්තිමත් තාරකාවක් ඉස්සරහින් බ්‍රමණය වෙද්දී ඒ ආලෝකයේ සිදුවන වෙනස්වීම අධ්‍යනය කරලා තමයි ප්‍රමාණය වගේ ඒවා තීරණය කරන්නේ. ඔය පල කර තියන ඡායාරුව නිර්මාණය කරපු එකක්. එතරම් දුර තියන වස්තුවක් ඡායාරුපගත කරන්න බෑ. අනික ආලෝක වර්ෂ 1400ක් දුර නම් අපි දැන් දකින ඡායාව වර්ෂ 1400ක් පරණ එකක් නේ. වර්තමානයේ ඒ ග්‍රහලෝකේ විනාස වෙලාද කියන්නත් බෑ . (ර)
"ආනන්ද යම්තාක් හිරු සඳු දෙදෙන හැසිරෙත්ද ඒ සියළු දිශාවන් බබලවමින් ආලෝකවත් කෙරෙත්ද ඒ තාක් සක්වල සහස්සධා ලෝක ධාතුවයි. ඒ සහස්සධා ලෝක ධාතුවෙහි සඳ හිරු දහසකි. මේරු පර්වත දහසකි. දඹදිව් දහසකි. අපර හෝ යාන දහසකි. උතුරුකුරු දිවයින් දහසකි. පූර්ව විදේශ දහසකි. සිව් මහ සයුරු දහසකි. සිව්වරම් රජවරු දහසකි. චාතුර් මහා රාජිත දහසකි. තාවතිංස දහසකි. යාම දිව්‍යලෝක දහසකි. තුසිත දිව්‍ය ලෝක දහසකි. නිම්මානරති දිව්‍යලෝක දහසකි. පරනිම්මිත වසවත්ති දිව්‍යලෝක දහසකි. බඹලොව දහසකි. ආනන්ද මේ සහස්සි චූලතිකා නම් ලෝක ධාතුවයි. දහසින් ගුණවූ චූලතිකා ලෝකධාතු යම්තාක් වේද එය ද්විසහස්සී මඡ්ජින් ලෝක ධාතුවයි. ද්ව සහස්සී මධ්‍යම ලෝක ධාතුව දහසින් ගුණ කළ විට ති සහස්සී ලෝක ධාතුවය". (අංගුත්තර නිකාය) සූර්යයින් කෝටි සියයක විශ්වයක කොටසක් ගැන මෙයින් කියෑවේ. විදු ඇසට මෙයින් අංශුවක් වත් හසුවී නැති බව පෙනෙනවා නේද?- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් (බ)
අපේ අය දන්නේ සුද්දා හොයා ගන්න දේවල් අගය කරන්න සහ සුද්දාගේ වැරදි හොයන්න විතරයි(ම)
නාලක මමත් හිතුවේ ඔයා හිතපු විදියටමයි (බ)
ඔයගොල්ලො පත්තරේ කියවනකන් මම ගියා බලන්න මොකද්ද ඔයකියන ග්‍රහලෝකයෙ කව්ද ඉන්නෙ මොනවද කරන්නෙ කියල බලන්න. ආලෝක වර්ෂ 1400ක් දුරින් පිහිටියට මටනම් යන්න වැඩි වේලාවක් ගියේ නෑ. . මම දැකපු දේ අනුව තීරණයක් ගත්ත ළමයි දෙන්නගෙ අනාගතය වෙනුවෙන් එයාලත් එක්ක එහාට යන්න. ඒ ලෝකෙ ආගම් වාද නෑ, කුලමලබේද නෑ, ජාතිවාද නෑ, කුඩු එතනෝල් නෑ, ගැරහිලි නෑ, තාඩන පීඩන නෑ, දුප්පත් කම කියන වචනෙවත් ඒ ගොල්ලො දන්නෙ නෑ. ඔක්කොම එක පවුලේ සහෝදරයො වගේ. ඔයගොල්ලන්ටත් එන්න සිත් පහළවේවා කියල ප්‍රර්ථනා කරනව. (බ)
නාසා කියනවා අපි අහනවා. මේවයේ ඇත්ත නැත්ත අපි කොහොමද හොයන්නේ. (නදී)
බුද්ධධර්මය තව දුරටත් සත්‍ය බවට පත්වෙනවා .මේවා ගැන වදාළේ අවු 2600 කට ඉස්සර .විද්‍යාව තාම ළදරු වියේ (ම)
බුදුන් වහන්සේ විශ්වය ගැන මෙයට වඩා තව බොහෝ විස්තර කර තිබෙනවා .එම දේවල් සොයා ගැනීමට තවත් කල්ප ගණනක් යාවි .බුදුන් වහන්සේ දෙසු දෙය සදා කාලයටම සත්‍යයකි.එය කාටවත් නැත කියා කීමට නොහැක . (අ)
සමහරවිට එදා යම් ශිෂ්ටාචාරයක් තිබුනා නම් විනාශවෙලා තියෙන්නත් පුළුවන් නේද? (නි)
නාසා එක අංජනමක් බලලද මෙච්චර දුර තියෙන ඒවා ගැන අනාවැකි කියන්නේ (නදී)
බුදුන් වහන්සේ දේශනා කළ සියලුම දේ ඇත්ත කියලා ඔප්පු වෙනවා. බුදුන්ගේ දහමට වඩා ඇත්තක් තවත් තියෙනවද? (නි)
කවදාවත් යන්න බෑ, මේ ලෝකේ බැරි දේවලුත් තියෙනවා. මෙයට දුර ට්‍රිලියන් 14250, ආලෝක වර්ෂ 1 ක් යාමත් නොහැකිය (නදී)
බුදු දහමේ කියාදෙන උත්තරීතර වටිනාකම දැන් තේරෙනවා. (නි)
කනිෂ්ක, සේන,බක්ති මට කිසිම ආගමක් එක්ක ප්‍රශ්නයක් නැහැ නමුත් හැමදාම විද්‍යාව මේ වගේ සොයාගැනීමක් කරාම කට්ටියක් "ඕක අර බුද්දාගමේ හරි තව ආගමක හරි කලින් කියල තිබුන කියල කියන එක විලාසිතාවක් වෙලා. මම ඔය ගොල්ලන්ට කරුණාවෙන් ආරාදනා කරනවා මේ කෙප්ලර් ග්‍රහලෝකේ ගැන බුද්දාගමේ තියන තැන පෙන්වන්න කියලා (අපටත් දැනගන්න ) විද්‍යාවේ හැමදේකටම ආගම පටලවාගෙන ඒ උතුම් "දර්ශනයට " නිගාදෙන්න එපා (මම අහවල් මූල දර්මවාදියෙක් කියල හංවඩු ගහහන්න ලැහැස්ති වෙලා දැනටමත් කට්ටිය ඇති කමක් නැහැ ) (නදී)
ඒක ඇත්ත ජයත්. අපිත් හොඳ බුද්ධාගම්කාරයෝ. කට්ටිය ඔහේ දේශපාලනය වගේ සත පහකට නැති වැඩ කර කර ඉඳලා කවුරුහරි මොළය පාවිච්චි කරලා උසස් වැඩක් කළ ගමන්ම දේශනාව පටන් ගන්නවා. (නි)
බුදුන් වහන්සේ කියලා තියෙනවා විශ්වය අනාතයි, ඒ ගැන හොයාලා වැඩක් නැහැ. තමන්ගේ තන්හා කෙලෙස් නැතිකරගෙන නිවුනු සැනසුනු දිවියක් ගතකරන්න යන්නයි (නදී)
ජයත්, පුෂ්පා, ඔය දෙන්නා බුදු දහම ගැන දන්නේ මොනාද. හිතාගන්න පුළුවන් මොලේ තරම.(නදී)
බුදුන් වහන්සේ කෙප්ලර් ග්‍රහලෝකේ ගැන කොහෙවත් කියල නැහැ. උන්වහසේ කියල තියෙන්නේ අපේ විශ්වය වගේ අනන්ත අප්‍රමාන විශ්වයන් තියනවා කියලා. ඒ ගැන හොයල මහන්සි වීම නිෂ්පල දෙයක් කියල මට මතක විදිහට ඒ සුත්‍ර දේශනාව සප්ත අපරිහානි සුත්‍රය වගේ මතකයක් තියනවා.(නදී)
මේවට කියන්න තියෙන්නේ ඉතින් බුද්ධ දර්ශනය අනුව හිතන්න කියල තමයි. (නදී)
බුදුහාමුදුරුවෝ දේශනා කලා කිව්වට වැඩක් නැහැ. ඒ සත්‍ය ධර්මය තම ජීවිතය සකස් කරගැනීමට උපයෝගී කරගන්නෙ නැතුව මිනිස්සු කයිවාරු ගහනවා. කයිවාරු ගහන ගිහියෝ සහ පැවිද්දෝ පිටිපස්සෙ අඥාන මිනිසුන් රැලේ යනවා. නියම බෞද්ධයෙක් වන්න අඩු තරමින් කාලාම සූත්‍රයවත් කියවලා ඒ අනුව කටයුතු කරන්න (නදී)
අනේ මන්දා අපේ කට්ටිය මේ කියනදේ හරියට තේරුම් අරගෙන නැහැ, පෘතුවිය වගේ ග්‍රහයෙක් කියන්නේ: ග්‍රහයා අයත් සුර්යාගේ (තරුවේ) ප්‍රමාණය, වයස, දීප්තිය සහ එම තරුවේ සිට අදාළ ග්‍රහයාට දුර අනුව පෘතුවියට සමානයි කියනවා මිසක් එම ග්‍රහයා අපේ පෘතුවිය වගේ ඝන පෘෂ්ටයක් (පොළොවක්) සහිත එකක්ද කියලා වත් තවම හොයාගෙන නැහැ. එ්ක නිසා ආගම පටලවාගන්න ටිකක් කල් වැඩියි. (ස)
අැයි මේ හැම එකටම බුදුහාමුදුරුවෝ දේශනා කලා කියන්නේ අනිත් කට්ටිය කිලය නැද්ද ? මෙතනත් ආගම් වාදයක් දකිමි. දහමේ හැසිරෙන්න බලන්න කයිවාරු නවත්තලා (නදී)
තම ගැන නොසොයා විශ්වය සෙවීම නිෂ්පල දෙයකි (නදී)
ජය,පුෂ්ප ඔබ අප කියූ දෙය වරදවා තේරුම් ගෙන ඇත කියලය මට නම් හිතෙන්නේ.මා කියන්නේ බුදුන් වහන්සේ මේ විශ්වය ගැන කොතේකුත්නම් දේවල් දේශනා කල බවය. එමෙන්ම බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා ඒවා සෙවීමේ කෙළවරක් නැත කියල. මා කියුවේ එම අනුව තවත් කල්ප ගණනක් යාවි නුතනයි කියන විද්ද්යාවට මේවා සොය ගැනීමට.මේවා සොයා ගැනීම ගැන තර්කයක් නැත..අප කොහොම කිවත් මිනිසුන් ඒක කරනවා.බුදුන්වහන්සේ දේශනා කල දේවල් ඔබලා සොයල බලන්න උත්සහ කරන්න.ජිවිතයේ ඇත්ත සොයා යනවනම් මෙයට වැඩිය ලක්ෂ වාරයක් හොඳය.එය බුදුන් වහන්සේ දේශනා කර ඇත.ඔය බොරු තර්ක කරනවට වඩා එය ගැන හරියට සොයා බලලා එම මාර්ගයේ හරියට ගමන් කලොත් සංසාරයේ තවත් කල්ප ගණනකින් හෝ මෙම සියල්ලම ඔබටත් දැක ගන්න ලැබේවි. එය තමා හොඳම දෙය .ඔබට තෙරුවන් සරණ පතමි (ස)
මේක ග්‍රහලෝකයක්ද නැත්නම් සෞරග්‍රහ මණ්ඩලයක්ද? 'පෘථිවියේ හිරුට සමාන තරු එහි සොයාගෙන ඇත' මේකෙ තේරුම මොකක්ද? (ස)
විද්‍යාවත් බුදුදහමත් පටලවානොගන්නා ලෙසත් බුදුදහමටත් බුදුන්ටත් නිගරු වන ප්‍රකාශ නොකරන ලෙසටත් කරුණාවෙන් ඉල්ලා සිටිමු. (ස)
සිරිනාත , මේ සඳහන් කරන ආකාරයට මෙම ග්‍රහලෝකය අපේ පොලවට අසන්න වශයෙන් සමාන ලක්ෂණ ඇති බවත් එහි අපේ හිරු වගේ සුර්යන් පවතින බවත්ය.මෙය පවතින්නේ අපේ ලෝකයට වඩා ආලෝක වර්ෂ 1400 දුරින්ලු .මට මතක හැටියට සුර්යාලෝකය තප්පර එකකට සැතපුම් 186000 ක වේගයෙන් ගමන් කරනවා.ඉතින් හිතන්නකෝ මිනිත්තුවකට,පැයකට,දවසකට ,මාසෙකට වසරකට කොපමණ දුර ගමන් කරාවිද ?ඉතින් එම වේගයෙන් ගිහිල්ලත් වසර 1400 යනවා එහි යන්න. එතරම් දුරක එය තිබෙන්නේ. දැනට අපේ රොකට් වල වේගයත් තත්පර එකකට සැතපුම් 36 ක් වැනි ප්‍රමාණයක්. ඉතින් එම වේගයෙන් ගිහිල්ල කවදාක කව්රු මේවයේ සත්‍ය තොරතුරු සොයගනිවිද? කාටද මේවා හොයාගෙන පවසන්නේ? ඇත්තටම මොකටද ? සමහරවිට මෙම තාරකා මෙයට ආලෝක වර්ෂ ගණනකට පෙර විනාශ වූ ඒවාද දන්නෙත් නෑ. තවම එලිය පෙනුනට. විශ්වයේ මෙවන් ලෝකයන්,සුර්යග්‍රහ මණ්ඩල ,ක්ෂීර පත ,කෙලවරක් නැහැ කියලයි කියන්නේ. සරලව හිතන්නකෝ ඔබේ හිසට ඉහලින් තිබෙන නිල් ආකාසයේ කෙළවරක් නැහැ කියල. එහි තිබෙන දේවල් වල කෙළවරක් නැහැ. ඒවා හොයන්න ගියොත් කල්ප ගණනක් යාවි. ඒවා ගැන හිතන්න ගියොත් මානසිකව රෝගී වේවි. එම නිසා තමා බුදුන් වහන්සේ දේශනා කලේ ඒවා ගැන හොයනවට වඩා තමන්නේ මේ කෙලවරක් නැති සංසාර සාගරේ කෙටි කරගන්න පුළුවන් තරම් මහන්සි වෙන්න කියලා. මේ සසරත් මේ මහා විශ්වය වගේම තමා.කෙළවරක් නැහැ . ඔබ සැමට තෙරුවන් සරණ ලැබේවා ! (ස)
විද්‍යාවේ සෑම සොයාගැනීමක්ම සමහරුන්ට මෝස්තරයක්. (ස)
කුරානය කියවන්න ඔය හැම සොයාගැනීමක් ගැනම පැහැදිලිව කියල තියෙනවා. ඉදිරි සොයාගැනීම් පවා එහි සඳහන් කර ඇත. (ස)
මමනම් මොනම ආගමක් ගැනවත් හරියට දන්නේ නැහැ, එත් මේ ලියන උදවිය කියන විදිහට, නාසා එකේ කට්ටියට දැන් තියෙන්නේ බොරුවට සල්ලි නාස්ති නොකර කුරානය හරි ත්‍රිපිටකය හරි හොයාගෙන කියවන්න. ඒවාගේ තියෙනවා මොන ග්‍රහයා කොච්චර දුරින්ද තියෙන්නේ ඒවාගේ ස්කන්ධය ප්‍රමාණය දේසගුණය ආදී සියලු කරුණු. (ස)
උගතුන් විසින් නුගතුන් පාලනය කරන මෙවලමකි. එය ආගම යනුවෙන් මෝඩයන් හදුන්වයී (නදී)