ටියුනීසියාවේ සංචාරක සිත්ගත් සුයුසි වෙරළේ කොන්ටාවි සංචාරක කලාපයේ පිහිටි හෝටල් දෙකකට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් 19 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකරයි.
ඉස්ලාමීය දේශයක් උදෙසා සටන්වැද සිටින අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදි කණ්ඩායමක් විසින් මේ ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි විශ්වාස කරයි.
ප්‍රහාරයේ දී බ්‍රිතාන්‍ය ජාතිකයන් බහුතරයක් සිටින ස්ථානයක් ඉලක්ක වී ඇත.
මේ සංචාරක කලපායේ පිහිටි රෝයල් කෙන්ස් හෝටලයේ නිවාඩුව ගතකරණ බ්‍රිතාන්‍ය සංචාරකයෙක් වන රෙබෙකා මයිල්ස් සහ ඇගේ මිතුරකු වන ඩීන් ඇන්ඩර්සන් විදෙස් මාද්‍ය වෙත පවසා ඇත්තේ බෝම්බ තර්ජනයක් ඇති බවත් තමන්ට කාමරයට යන්නැයි පණිවිඩයක් ලැබුණු බවත් ය. ඉන් පැය භාගයකට පමණ පසු විශාල පිපිරීම් ශබ්ද ඇසුණු බවත් මේ ශබ්ද අකුණක් ගැසීමක් විය හැකියැයි සිතුව ද අහස පැහැදිලිව තිබුණු බැවින් අකුණක් විය නොහැකි බව තේරුම් ගත්තා යැයි ද ඔවුන් දෙදෙනා පවසා තිබිණි.
ඒ සමගම වෙරළේ සිටි සියළු දෙනා හෝටලය තුළට දිව ආ බවත් සෑම දෙනාගේම සිතේ මේ කුමක් සිදුවන්නේ ද යන්න පිළිබඳ ගැටළුවක් තිබූ බවත් රෙබෙකා කීවාය.
පසුගිය මාර්තු මාසයේ ටියුනීසියාවේ බාර්ඩෝ ජාතික කෞතුකාගාරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් සංචාරකයින් විසි දෙදෙනකු මිය ගියහ.
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ මේ ප්‍රහාරය එල්ල වූයේ ප්‍රංශයේ ලියොන් නගරයේ දී පුද්ගලයකු හිස ගසා මරණයට පත්කිරීමෙන් පසුව බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමකාමී ජනතාවගේ ජිවිත හානි කරන විපතේ හෙලන කුමන හෝ අන්තවාදයක් යහපත් නැහැ. (නදී)
අයිඑස් ක්‍රියාකාරකම් ඉස්ලාම් දහමට සම්පුර්ණයෙන් පටහැනි. උන් ත්රස්තයන්. ඇමෙරිකානුවන්ගේ ගැත්තන්. (බ)
සනුන්,පුන්නක්කු නෙමේ නේද තුන්වේලට කන්නේ? (බ)
නිසර් වැරැද්ද වැරැද්ද විදියට දකින කෙනෙක්. නමුත් මේ ආගමේ ඉන්න ලොකු උත්තමයෝ මුනිවත රකින්නේ මොකද ? (නදී)
අනේ යන්න නිසාර් ඔයා විකාර කියවනවා (නදී)
නුවන්ලගේ පොතේ තියන විදිහට මියෙන්මාරයේ චීනයේ වැඩ වෙනවා(අ)
බටුගෙදර ,ඔයා වගේ කට්ටිය තමා ඉස්සෙල්ලම දුවන්නේ මේ වගේ දෙයක් ලංකාවේ වෙන්න ගත්තම!(අ)
කොහේදෝ වෙන එකකට මෙහෙ කුලප්පු වෙලා මොනවා කරන්නද ? (බ)
සානු,ඔව් එදා තමා මාත් මේ මිනිස්සුන්ගේ විද්‍යාත්මක දැනුම හා අන්‍යාගමිකයන්ගේ ආගම ,දර්ශන ගැන දැනුම කොහොමද කියල දැන ගත්තේ.නමුත් නිසාර් වගේ රැඩිකල් වෙච්ච කට්ටිය තාමත් අදුරේ! (බ)
ලෝකේ තමුන්ට පෙන්නේ තැටියක් විදිහට කියල මුළු ලෝකෙම ගැන අර්ථකතනයක් තම අනුගාමිකයන්ට දෙන්නේ නොදන්නා කමට නෙවේද?? (බ)
නිසාර් ඔයාලගේ ආගම යම් සමාජ ක්‍රමයක් හදන්න උත්සාහ කළත් ඒක අසමත් වෙලා. අද කාලෙට කොහොමත් ගැලපෙනවාද කියලා ඔයාම කල්පනා කරන්න. දැන් පේනවානේද යන මාර්ගය? ඔයාලගෙ පල්ලිය නෙමෙයි මොන දෙයියො කිව්වත් මේ තිරිසන්නු මේක නවත්වයිද? දැනුත් අවස්ථාව තියනවා ඔයාලගේ දැන උගත් මිත්‍රයන්ට මේවාට එරෙහිව නැගී සිටින්න..(බ)
අර බුදුහාමුදුරුවෝ මිනිමස් වැලදුව කියල රට වටේ ගියෙත් මේ අනුගාමිකයෙක් තමා! (බ)
මේගොල්ලන්ගේ පොතේ තියෙන විදිහටම වැඩ කරනවා! (නදී)
අනේ දෙවියනේ! (නි)
අහිංසක ජීවිත නැතිකර කුමක්ද බලාපොරොත්තු වෙන්නේ? (නි)
මම නම් මෙහෙම දේවල් අහන්නවත් කැමති නැහැ (නි)
නිසර්, තරහා වෙන්න එපා. ඔයාලා එක්ක තර්ක කරලා වැඩක් නැහැ. හැබැයි අපිව අන්දන්න නම් හදන්න එපා (නි)
නිසර්,ඇත්ත කතාව කාන්තාරේ දහදුක් විදපු කෙනෙක් ලෝකේ හැටි කිව්වම ඔහොම තමා!(නදී)
පහන්, පොළොවේ හිටගෙන බලන කෙනෙකුට පොලොව තැටියක් තමයි. වායු ගෝලයයි, ජාල ගෝලයයි ඔතනට අදාළ නැහැ. සංස්කෘතික පරිහානියන් හා පහත් සමාජ මට්ටමකට මිනිසුන් යනවිට භූමිකම්පා විතරක් නොවෙයි, ලෝක විනාසයත් බලා පොරොත්තු වෙන්න පුලුහන්. ඉර මඩ වලකට බසින කතාව එක ඔබ විතරයි දන්නේ. (නදී)
නිසර්,ඔයගොල්ලෝ ඉතින් මිනි මැරුවත් යන්නේ සුර ලෝකෙටනේ! (අ)
ඇමරිකාව, යුරෝපය, ඉන්දියාව වගේ රටවල් නම් ඉස්ලාම් අන්තවාදයට එරෙහිව ජීවිත හා ධනය කැප කරලා සටන් කරනවා... නමුත් චීනය කිසිම දෙයක් ඒ වෙනුවෙන් කරන්නෑ...(අ)
අපාය පුරවන්නත් කට්ටිය ඕනි නේ. (අ)
ලෝකය තැටියකි .ඉර මඩවලකට බසී ,භූමිකම්පා හටගන්නේ ඩෙනිම් නිසාය .මේවා මාර සිද්ධාන්ත නේ ?ලොක්කට නොබෙල් තෑග්ග දෙන්න දැනටමත් පරක්කු නැහැ .(අ)