වතිකානයේ අද (4) පැවැති උත්සවයකදී ශුද්ධෝත්තම පාප් වහන්සේ විසින් තෙරේසා මව්තුමිය ශාන්තුවරියක ලෙස නම් කරනු ලැබීය.
කාදිනල් ඇන්ජලෝ ආමටෝ තෙරේසා මව්තුමියගේ ජීවිතයේ තොරතුරු සාරාංශගතව වතිකානයේ පැවැත්වෙන උත්සවයේදී සභාවට ඉදිරිපත් කළේය.
ඉන්දියාවේ කල්කටා නගරයේ දුප්පත් වැසියන් වෙනුවෙන් ඇය කළ මෙහෙය උදෙසා මෙසේ ශාන්තුවර පදවියට පත් කර ඇතැයි කියති. තෙරේසා මව්තුමිය සමාජ සේවය කරමින් සිටියදී 1997 වසරේදී මෙලොවින් සමුගත්තාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමිය මෙලොවට මහගු සේවයක් (බ)
උතුම් දෙයක් ඇය සියල්ලන්ට ආදර්ශයක් (බ)
කිතුණු දහමේ ආදර්ශය මේ ලොව තුළ පැතිරේවා! (නි)
ලෝක වාසීන්ගේ ඇස් ඉදිරිපිටම අහිංසක ජනයාට ඇපකැපවූ ශාන්තුවරිය තෙරේසා මව් තුමිය ගෙ ආදර්ශය මොහොතින් මොහොත ආවර්ජනය කිරීම මිනිස් කම් ඇත්තෝ සිත් අවදි කරන්නේ නම් මනුෂ්යත්වයෙ ගමනට ඉලක්කයක් කර ගනිමු. (බ)
මම මුලින් හිතුවේ මේ පත්වීම් දෙන්නේ දෙයියෝ කියලා. බලනකොට එහෙම නෙවෙයි. (බ)
එතුමිය තම ජීවිත කාලෙදිම සාන්තුවරියක් වී සිටියා (බ)
අබේරත්නගේ කතාව මසුරන්.එහෙම සන්තුවරයක් ජීවත් වෙලා ඉන්න කෙනෙකුට(පාප් වහන්සේට) දෙන්න පුළුවන්ද. මගේ අම්මත් ආගමේ කෙනෙක් (බ)
සාන්ත තෙරේස තුමිය දිළින්දන් ලෙඩුන් වෙනුවෙන් එතුමියගේ මුළු ජිවිතයම කැප කාලය. කළ සේවය පමණක් නොව ප්රාතිහාර්යද සිදුකළාය මේ සියලු කරුණු බලා එතුමියට සාන්තුවරය දානය කරන ලදී. (බ)
සෝවාන් සහතිකය දෙන තැන් දැන් ලංකාවේ තියෙනවා. මෙයත් එවැන්නක්ද. (අ)