තායිලන්ත රජය පෙරැළිමේ උද්ඝෝෂණවලට එරෙහිවු තායිලන්ත පොලීසිය විපක්ෂයට සහය දෙමින් මාර්ග බාධක හා හෙල්මට් ඉවත් කැර රාජකාරීයේ යෙදී සිටී.
සූතෙප් තවුග්සුබාන් විපක්ෂ නායකගේ අරමුණ වී ඇත්තේ හිටපු අගමැති තක්ෂින් සිනවත්රාගේ දේශපාලන යන්ත්රය නැති කැර දැමීමයි.
ඔහුගේ සහෝදරිය වන අගමැති යිංලක් සිනවත්ත්රා සහෝදරයාගේ රූකඩයකි උද්ඝෝෂකයෝ කියති.
විපක්ෂ නායක සිය අධාරකරුවනට කියා ඇත්තේ බැංකොක් ප්රධාන පොලිස් කාර්යාලයයට කඩා පනින ලෙසයි.
රජය පෙරැළිමේ ප්රධාන මර්මස්ථානය එය බව උද්ඝෝෂකයෝ කියති.
පොලීසියේ ක්රියා කලාපය තායිලන්ත රජයේ බලය මාරු වීමේ පෙර නිමිත්තක් සේ සැළකේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලිනුත් මෙයට සමාන සිදුවීම් නිසා තායිලන්තේ ලොකු ලේ වැගිරීමක් වුනා. ආයෙත් ඒ වගේ දෙයක් වෙන්න යනවා වගේ. (ස)
අවි බලයෙන් ජන බලය සදාකාලිකව මෙල්ල කරන්න පුළුවන් කියල හිතාගෙන ඉන්න ලෝකයේ හැම ජනපීඩක ආණ්ඩුවකටම මේක පාඩමක්. මොකද තමන් ආරක්ෂා කරන්න අවි දීල තියෙන්නෙත් ජනතාවගෙන්ම කොටසකට. ජනතාවට දැනෙන දුක ප්රශ්න ඔවුන්ටත් අදාලයි. මොකද ඔවුනුත් ජනතාවගේම කොටසක් නිසා. තමන් ආරක්ෂා කරන්නේ තමාගේම පීඩකයා කියන එක ඔවුන් තේරුම් ගත්තු දාට ඔවුන් පොදු ජනතාව එක්ක එකතු වෙලා පීඩකයාට එරෙහිව නැගී සිටිනවා. ඒක වෙන්නේ කවද්ද කියන එක කාලය පිලිබඳ ගැටළුවක් විතරයි. (ස)
කොහේ කොහෙත් අළු යට ගිනි තිබිල කවදා හෝ ඇවිලෙනවා. (ස)
මෙන්ඩිස්,කටට මසුරන් දාන්න වටිනා කතාවක්නේ කියලා තියෙන්නේ (නි)
මෙන්ඩිස්,ඔබගේ කතාවට මමත් එකගයි. (නි)
අරාබි වසන්තය එන තුරු බලාගෙන හිටිය කට්ටියට මේ වගේ සිදුවීමකින්වත් සැනසිල්ලක් ලැබේවි නේද ?. (නදී)
මෙන්ඩිස් මේ තීරයට පහන් ටැඹක්. මේ වගේ අය වැඩි වැඩියෙන් යහපත් දේ ලියා මේ තීරය ආලෝකමත් කෙරේවා! (නි)
තායිලන්තයේ මේ ප්රශ්නය විසඳන්න අමාරු එකක්. බැංකොක් නගරය හා අවට බහුතරය දැනට ඉන්න අගමැතිගේ පක්ෂයේ. රටේ පිටිසර බහුතරය විපක්ෂයේ. බැංකොක් අය කරන දේවලින් රටේ ආර්ථිකයට ලොකු බලපෑමක් කරන්න පුළුවන්. නමුත් කව්රු හරිද වැරදිද කියලා අපට හිතන්න අමාරුයි (නි)
මෙන්ඩිස් මහත්තයගේ වැකි පෙළ රාමු කරලා පාර්ලිමේන්තුවේ ලොබියේ එල්ලන්න ඕනෑ. (ස)