තමිල්නාඩුවේ ටුටිකොරින් වෙරළට පැමිණ සිටි සිය දෙනකුගෙන් පමණ සමන්විත තල්මසුන් රංචුවකින් 45 දෙනකු පමණ මියගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. වෙරළටම පැමිණ යළි මුහුදට යා ගත නොහැකිව සිටි තල්මසුන් 35 දෙනකු පාසල් සිසුන් හා ගම්වාසීන් එක්ව නැවත මුහුදට තල්ලුකර යැවූ බව ද එම වාර්තාවල දැක්වේ.
තමිල්නාඩුව ආසන්න මුහුදු වෙරළේ තල්මසුන් සුලබව දක්නට ලැබුණ ද ඔවුන් මෙලෙස වෙරළට රංචු වශයෙන් පැමිණීම අසාමාන්‍ය තත්ත්වයක් බව පරිසරවේදීහු පෙන්වාදෙදති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකනේ අපි කියන්නේ ලංකා මුහුදු සීමාව උල්ලංගනය කරලා මාළු අල්ලන්න එන්න එපා කියලා (නි)
ඒකට තල්මසුන් මොනවා කරන්නද? ඔව්වා ඉතින් ජයලලිතාට ගිහින් කියන්න. (බ)