ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා එක්සත් රාජධානියේ නිල සංචාරයක නිරත වීම වැළැක්වීම සඳහා ඉදිරිපත් කළ පෙත්සමට මිලියන ගණනයකට වැඩි සංඛ්‍යාවක් අත්සන් තබා ඇතැයි වාර්තා වේ.
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා ඇමෙරිකාවට සංක්‍රමණිකයන් ඇතුළුවීම නවත්වමින් විධායක නියෝගයක් දීමත් සමඟ පෙත්සමට අත්සන් තබන ප්‍රමාණය වැඩි වී ඇතැයි ද ලොවු පරා විරෝධයක් ඇමෙරිකා ජනාධිපතිවරයාට එල්ල වී ඇතැයි ද බී.බී.සී පුවත් සේවය වාර්තා කරයි.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා එක්සත් රාජධානියේ නිල සංචාරයක යෙදෙන බව බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ මහත්මිය සිය ඇමෙරිකා සංචාරයේදී ප්‍රකාශ කළාය. කෙසේ වෙතත් එම සංචාරය අවලංගු කරන ලද ඉල්ලීම් ජනප්‍රිය තීරණ පමණක් යැයි බ්‍රිතාන්‍ය අගමැති කාර්යාලය නිවේදනය කර තිබිණි.
සංචාරය කල් දමන්නැයි බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂ නායක ජෙරමි කෝබින් මහතා බ්‍රිතාන්‍ය අගමැතිනියට දන්වා ඇතැයි බී.බී.සී පුවත් සේවය වාර්තා කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වුණාට යාවි .(බ)
එංගලන්තෙටත් ගොඩ යාමක් නැහැ .බී.බී.සී.එකෙත් ඉන්නේ සල්ලි වලට යටවුනු එංගලන්තෙට ආපු කළු සුද්දෝ හරි එංගලන්තේම සුද්දෝ හරි. දෙවියන්ගේම පිහිටයි යුරෝපෙට ම. (ර)
මේ වගේ කොන්ද පණ තියන ජනාධිපති කෙනෙක් ලොවටම ආදර්ශයකි. (බ)
ට්‍රම්ප් ජනාධිපති කෙළින්ම ත්රස්තවාදයට විරුද්ධ කෙනෙක්. මෙයාට හැමෝම විරුද්ධ ඒ නිසාද? (නි)
අනේ හැබෑට මෙහෙමත් වැඩ! (නි)
කොන්ද කෙලින් තබාගෙන වැඩකළ ලංකාවේ හිටපු නායකයෙක් සහ ට්‍රම්ප් මහතා ඉතිහාසගතවනු ඇත (නි)
එංගලන්තෙට ඔච්චර කලබල වෙන්න හේතුවක් නැහැනේ. එංගලන්ත ජාතිකයන්ට ඇමෙරිකාව තහනම් නැහැනේ. එංගලන්තේ හැමදාම කරන්නේ ඇමෙරිකාවේ වලිගය වගේ පස්සෙන් යන එකනේ. මේ පාරත් එහෙම කරාවි (නි)
අපේ කට්ටියට තමයි මෙයාව හොඳ බුද්ධිමත්, කොන්ද පන ඇති, ආදර්ශමත්, කෙළින් කතාකරන නායකයා. ඔහොම යමු. බලමු පස්සේ අපිට කොහොමද සළකන්නේ කියලා. (නි)
එංගලන්තේ ඉන්න කළු සුද්දෝ ටික ට්‍රම්ප් මහත්තයට හොඳටම බයවෙලා වගෙයි. (නි)
දැන් ට්‍රම්ප් බයවෙලා සංචාරය නතරකරයි (නි)
ට්‍රම්ප්ට ජයවේවා! ලංකාවට ඕනෑත් ඔය වගේ ජනපති කෙනෙක්. (නි)
පේනවා නේද පවතින ක්‍රමයක් වෙනස් කරන්න යනකොට අන්තවාදී අදහස් දරන අයගේ කෝපය සහ ඔවුන්ගේ ප්‍රභලත්වය. ඔවුන් හදන්නේ ඍජුව ඔවුන් ඉදිරියට නොයා ඔවුන් විසින් මෙහෙයවන එක එක වෘතීන්වල මිනිස්සුන්ව ඉදිරියට දාන්නයි. (ම)
හේවාවිතාරන, කෙසේ වෙතත් ට්‍රම්ප් හොරෙක් නොවෙයි. අපේ හිටපු අය වගේ පවුල් පාලනයට හෝ රට හොරකං කරන්නත් නොවෙයි ඇවිල්ල තියන්නේ. (බ)
අර ලංකාවෙත් 10ක් විතර විරෝධය පළකළාම බයට ලංකාවට එන්නේ නැති ට්‍රම්ප්, එංගලන්තයේ මිලියන ගණනක විරෝධයට මොනවා කරාවිද? (නි)
ට්‍රම්ප්ට විරුද්ධ අය මුස්ලිම් අන්තවදියෝ සහ හැම එකකටම කෝමටත් විරුද්ධ වෙන අය තමයි (බ)
රජින්ද! මේ අය විරෝධය පළ කරන්නේ අන්තවාදී අදහස් ක්‍රියාත්මක කිරීමට විරෝධය පල කිරීමට මිස පවතින ක්රමයේ වෙනසක් කරන්න හදන නිසා නොවේ! ට්‍රම්ප්ට කොහොමටත් ඇමෙරිකානු ක්‍රමය ඉදිරියට ගෙනියනවා හැරෙන්න ලංකාවේ ක්‍රමය ගෙනෙන්ඩ බැහැනේ ! (බ)