බහුතර මුස්ලිම් ජනතාවක් වෙසෙන රටවල් හතක වැසියන් ඇමෙරිකාවට ඇතුළුවුවහොත් ඔවුන් රඳවාගෙන පිටුවහල් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා නිකුත් කළ විධායක නියෝගය තාවකාලිකව නවත්වන ලෙස ෆෙඩරල් අධිකරණයක් සෙනසුරාදා නියෝගයක් නිකුත් කළේය.
ඇමෙරිකා සිවිල් නිදහස පිළිබඳ සංගමයක් ගොනු කළ පෙත්සමකට අවසර දෙමින් ඇමෙරිකාවේ දිසා අධිකරණ විනිසුරු ඈන් ඩොනලී මහත්මිය එම නියෝගය කළාය.
මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් හතකට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින් ඇමෙරිකා ජනාධිපතිවරයා දින 90 ක කාලයට අදාළ වන ලෙසින් නියෝගයක් දුන් අතර ඒත් සමඟම මේ වනවිට අර්බුද රැසක් නිර්මාණය වී ඇතැයි පැවසේ.
ඇමෙරිකා ජනාධිපතිවරයා විධායක නියෝගය පැනවීමත් සමඟ ඉරාන, ඉරාකය, ලිබියාව, සෝමාලියාව හා සූඩානය ඇතුළු රටවල පුරවැසියන්ට ගුවන් යානාවලට ගොඩවීමට නොහැකි වීමෙන් ඇමෙරිකාව පුරා ගුවන් තොටුපොළ වල ඉහත කී රටවල පුරවැසියන් සිර වී ඇතැයි වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකෙම එකතුවෙලා ඇමරිකාවට සම්බාධක පනවන්න ඕනෑලු හා හා මට මතක් වෙන්නේ රා බීපු මීයෙක් බළලාගේ කරේ සීනුවක් එල්ලන්න්න කතා කරපුහැටි මරේ මරු අදහස. (ම)
හොඳ වැඩක් ට්‍රම්ප් මහත්තයා. (ර)
ට්‍රම්ප්ගේ ජාතිවාදී ප්‍රතිපත්ති සහ ක්‍රියා කලාපයන් නිසා ලෝකෙට අසාධාරණයක් මිසක් සාධාරණයක් වෙන්නේ නැහැ. දැනටම ඇමෙරිකාව තුළම ජනතාව පිල් බෙදිලා. ජනපතිවරයාට විරුද්ධව උසාවි නියෝග ගන්නවා. (ම)
83 කළු ජූලියෙන් පස්සේ ලංකාවේ ජනතාව ඉගෙනගත්ත පාඩම මොකක්ද? අපි පාඩමක් ඉගැන්නුවා. ඒ මෙරට ඇතුළේ සිංහලයා පරදවන්න බැහැ කියලා. එ්ත් සිංහලයින්ට සිංහලයින් පාවාදෙන්න පුළුවන් කියා දැන් ඉගෙනගන්නවා. (නි)
ට්‍රම්ප් මහතා ගැන හිතද්දී අපිට අපි ගැනම ලැජ්ජයිලු. මොනවා කියනවද යාළුවේ? අපි මොනවා කියලා කරන්නද?
නිහාල්, ඇමරිකාවෙන් මිනිසුන්ට වුණ සෙත චීනෙන් හෝ රුසියාවෙන් වෙන්නේ නැත. අපට චීනෙන් හෝ රුසියාවෙන් තාක්ෂණික දැනුම ලැබෙන්නේ නැත. මේ දැනුම අපට ලබාගන්න උදවු වුණේ චීන්නු නොවේ. ඔවුන්ගෙන් ඇමරිකාව බාල බඩු හැදීම ඉගෙනගන්නවා ඇත. අන්න එනිසයි මම ඇමරිකාවට කැමති. (නි)
අනේ චමල් ලජ්ජා වෙන්න එපා! ඇමෙරිකානුවා අද ලෝකෙටම ලජ්ජා වෙලා තියෙන්නේ ! 83 කළු ජූලියෙන් පස්සේ ලංකාවේ ජනතාව ඉගෙන ගත්ත පාඩම නිසා එවැනි ජාතිවාදී ගින්දර අවුස්සනේ නැතිව ලෝකේ දරුණුම ත්‍රස්තවාදය පරද්දලා මුළු ලෝකෙටම ආදර්ශයක් දුන්නා නේද ? ඒක නිසා මේ ගෝත්රවාදී අදහස් වලට මුල්තැන නොදී අපේ මිනිස්සුන්ට ඇමෙරිකාවට පවා ත්‍රස්තවාදය පරදන හැටි පෙන්වන්න පුළුවන්! (බ)
ට්‍රම්ප් හරියන්නේ ලංකාවට! (නි)
ඕනෑම රටක යම්කිසි පිරිසක් ඉන්නවා ත්රස්තවාදයට කැමැත්තක් දක්වන. මොකද ඔවුන්ගේ පැවැත්මත් ඔතන අන්තර්ගතව තිබෙන නිසා. (නි)
ට්‍රම්ප් මහතා ගැන හිතද්දී අපිට අපි ගැනම ලැජ්ජයි (නි)
බමුණු ඇමරිකාවට බයේ මීයෙක් වගේ ඉන්නේ. ලංකාව හරි චීනය රුසියාව වගේ රටවලුත් අතිබලවත්. අවශ්‍ය වුණොත් බැරිවෙන්නේ නැහැ (නි)
ට්‍රම්ප් කියන්නේ නියම කෙළින් මිනිසෙක් (නි)
ගයාන්, ට්‍රම්ප් දැන් බයේලු ඉන්නේ (නි)
ලෝකෙම එකතුවෙලා ඇමරිකාවට සම්බාධක පනවන්න ඕනෑ (නි)
සියලුම ජාතිවාදීන්, අාගම්වාදීන්, අන්තවාදීන්. ත්රස්තවාදීන්, ගෝත්රවාදීන් විනාශ වේවා! සියලු මිනිසුන් සමාන බව පිළිගන්නා සැබෑ මිනිසුන් ඉතිරි වේවා! වෙන්නෙත් එ්කම තමා. ඉතිහාසය එ්කට සාක්ෂි දරනවා (නි)
මට නම් ඔහු මුළු ලෝකෙටම වඩා හොඳයි. අනික් ත්රස්තවාදීන්ගේ ත්රස්තකම් ඒ ඒ රටවලට පමණි. මොවුන්ගේ ත්රස්තකම් මුළු ලෝකයටමය. (නි)
ට්‍රම්ප් මහතාණනි, අපේ රටෙත් ඔහොම අය ඉන්නවා (නි)
මීට කලින් කරන්න තිබ්බ දෙයක් ට්‍රම්ප් පරක්කු වෙලා හරි කරපු එක වටිනවා (අ)
අයියෝ අර මෙහෙ වගේ උසාවියේ ලොක්කව අස්කළා නම් වැඩේ ගොඩනේ. ඕකට උපදෙස් ගන්න කට්ටිය මෙහෙ නම් ඉන්නවා. නිවාඩු පාඩුවේ සතියකට මෙහෙ ඇවිල්ලා යන්නකෝ ට්‍රම්ප් (නි)
ඔය මහත්තයාට උපදේශකලා නැද්ද? (නි)
ඇනගත්තා නේද පටන්ගත් ගමන්ම. ඔහුට සුදුසු ඇමෙරිකාව නොව ඊශ්රාලයයයි. (නි)
සහජීවන අජීර්ණකාරයෝ එහෙත් ඉන්නවා. (නි)