ඇමෙරිකාවේ 45 වැනි ජනාධිපති ලෙස රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ලබන 20 වැනි දා දිවුරුම් දීමට නියමිත අතර දිවුරුම් දීමේ උත්සවයට තමන් සහභාගී නොවන බවත් කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ මහතා දන්වා ඇත.
දිවුරුම්දීමේ උලෙළ පැවැත්වෙන්නේ ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරය. ට්‍රම්ප් මහතාගේ විශේෂ ආරාධනාව මත ලොව රාජ්‍ය නායකයන් රැසක් ඊට සහභාගී වීමට නියමිතය. කැනඩා අගමැතිවරයාට ද ආරාධනා ලැබී තිබේ.
ඇමෙරිකාවේ අසල්වැසියා වන්නේ කැනඩාව වන අතර, කැනඩා අගමැති කාර්යාලය පවසා ඇත්තේ අගමැති ටෘඩෝ මහතා දිවුරුම් දීමට සහභාගී නොවනු ඇති බවත්, එදින ඔහු කැනඩාව පුරා සංචාරය කරමින් ජනතාවගේ ගැටළු විමසීම සහ ඒවාට පිළිතුරු ලබා දීම කරනු ඇති බවත්ය.
ටෘඩෝ මහතාගේ අඩුව පුරවමින් කැනඩා රජය නියෝජනය කරමින් එරට රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් ට්‍රම්ප්ගේ දිවුරුම් දීමේ උලෙළට සහභාගී වනු ඇතැයි කැනඩා අගමැති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට දෙමළ ඩයස්පෝරාව සතුටු වේවි. ඔතනට ගිහිල්ල නිකන් ඡන්ද කඩා ගන්නේ මොකටද ? (අ)
ත්රස්තවාදයට උදව් කරපු කිසිම දේශපාලකයෙක් ට්‍රම්ප්ගේ දිවුරුම්දීමට එන්නේ නැහැ. මොකද ඔවුන්ගේ බලාපොරොත්තු සුන්වුණ නිසා (නි)
ට්‍රම්ප් සමග සෙල්ලම් බැරිබව කවුරු කවුරුත් මතක තබා ගත්තොත් හොඳයි. කොන්ද පන ඇති නායකයෙකි. (නි)
කැනඩාවත් ලෝකයේ අනික් රටවල අභ්‍යන්තර කටයුතු වලට අැඟිලි ගහන්න හදනවා වගෙයි. (නි)
මේ දවස්වල් කැනඩාව පුරා සංචාරය කරන්නේ කොහොමද, කැනඩාව පුරා හොඳටම හිම වැටෙන කාලේ. අනෙක කැනඩාවේ ඉඳලා එන්න පැය දෙකක් නැත්නම් තුනක් තමයි යන්නේ. එයා නාවත් ට්‍රම්ප් ජනාධිපති තනතුරේ දිවුරුම් දෙනවාමයි. අපේ රටට එහෙම ආරාධනා කරලා නැද්ද? (නි)
කැනඩාවට ස්නෝ වැටුනාට වැඩකටයුතු නවතින්නේ නෑ .. ඕනනම් ඕන තැනකට යන්න පුලුවන්. (අ)
කැනඩාවේ දමිළයන්ට තියෙන බය නිසා වන්න ඕනෑ මෙයා යන්නේ නැත්තෙ. ගියොත් මිලියන ගානක ඡන්ද අහිමිවෙයි ලබන ඡන්දයේදී (නි)
හොඳට බලාගෙන ඉන්න, ලංකාවට හොඳට සළකාවි! (නි)
ඇමරිකාවට ලෝකවාසීන්ගේ හිත්වල ටිකක් හරි ඉතිරිවෙලා තියෙන හොඳ නමත්, ට්‍රම්ප් නිසා නැතිවෙන දවස වැඩි ඈතක නැහැ. (අ)
හුසේන් මොහමඩ්, ඇයි බයවුණාද?
පොල් 1800 ක් ගහලා සුභ පතලා යාලුවෙමු (නි)