දකුණු ඉන්දියාවේ ට්‍රිචි නුවර ගුවන් තොටුපොළේ දී බ්‍රහස්පතින්දා (26) උදේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 131 යානයේ කුරුල්ලකු හැපීම හේතුවෙන් යානය ආපසු පියාසර කිරීම පැය හතකින් පමණ ප්‍රමාද වූ බව හින්දු පුවත්පත පවසයි.
යානය ට්‍රිචි ගුවන්තොටුපොළට ගොඩ බස්වද්දී එහි වම් එන්ජිමේ කුරුල්ලා හැපුණු ද යානයට අනතුරකින් තොරව ගොඩබැස්සවීමට හැකියාව ලැබුණු බවත් එරට ගුවන් තොටුපොළ බලධාරන් පවසා ඇත. යානය අළුත්වැඩියා කිරීමට කොළඹින් ඉංජිනේරුවන් පිරිසක් ට්‍රිචි ගුවන්තොටුපොළට ගිය බව ද හින්දු පුවත්පත පවසයි. යානය යළි කොළඹ බලා පියාසර කර ඇත්තේ සවස 5.20 ට පමණය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අය හදපු එක හොඳයි (බ)
සාමාන්‍යයෙන් ජෙට් එන්ජිමක කුරුල්ලන් වදින්නේ පොලවේ සිට අඩි දහසේ සීමාවේදීය. එනම් එන්ජිම උපරිම ධාරිතාවෙන් ක්‍රියා කරන නග්ගන හෝ බස්සන අවස්ථාවෙදියි. ලෝකයේ විශාලතම ගුවන් යානය වන එයාර්බස් ඒ 380 යානයේ උපරිම බර කිලෝ හයක කුරුල්ලෙක් වැදීමෙන් අනතුරක් සිදු නොවන බවට සහතික කර ඇත.(ම)
මම කල්පනා කළේ මත්තලදී අලියෙක් හැපුනොත් එහෙම මාස පහකින්වත් වැඩේ ගොඩ දාගන්නවා බොරු ? (බ)
එහෙනම් එකෙත් වී ගබඩා කරමු.(හේ)
නමින්ම පේනවා පිටබැද්දර ජයා වන්නියේ කියලා (නි)
ඒ රටේ නම් ඒ ගුවන් තොටුපොළේ වී ගබඩා කරන්නේ නැතුව ඇති . (නි)
පුදුමය කියන්නේ මේක මත්තල වුණා නම් අපේ අය කියන කතන්දර බලන්න තිබුනා. දැන් සද්ද නැහැ. (නි)
මත්තලදී හැපුනා නම් අහන්න තිබුණා හොඳ කවි ටිකක් (නි)
බලන්නකෝ අපේ අයගේ අදහස්... (නි)
එතකොට පිටිගල, අඩි දහසකට පහළින් පියාසර කරන කපුටන්, මොනරුන්, පරවියන් වැනි පක්ෂීන් ගුවන් යානා වල හැපෙන්නෙම නැද්ද? (නි)