ජේසුස් වහන්සේගේ දේහය තැන්පත් කර ඇතැයි කියන ස්ථානයක් වසර ගණනාවකට පසු ජෙරුසෙලමින් සොයා ගැනීමට විද්‍යාඥයන් පිරිසක් සමත්ව ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
එම ස්ථානය කිරි ගරුඬවලින් ආරක්ෂා කර තිබූ බව කියති. එම දේවස්ථානයේ පරීක්ෂණ කටයුතුවල නියැලි විද්‍යාඥයන් කියනුයේ මෙවර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දේහය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් දැනට නිරාවරණය වූ නව තොරතුරු අනුව සොයාගැනීමට හැකිවනු ඇති බවයි.
මෙම කිරි ගරුඬ ආවරණය ඉවත් කැරුණේ 1810 වසරින් පසු පළමු වරට බවත් වාර්තාවේ.
කිරි ගරුඬ ආවරණය ඉවත් කිරීමෙන් පසු එම ස්ථානයේ පටු තීරයක ජේසුස් වහන්සේගේ සිතුවමක් ද දැකිය හැකි බව කියති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශානි ඔයා බෞද්ධයෙක් වෙන්නේ කෝමද? බෞදේධයෝ දෙය්යෝ ලෝකේ මෙව්වා කියල විශ්වාස කරන අය නෙමේ නේ?,,බුදුන් වහන්සේ කිවේ මිනිසා මආ ගන්නේ මිනිසා විසින් මිසක්,,දෙය්යෙකුටවත් බ්රහ්මයෙකුටාත් මවන්න වත් විනාශ කරන්නවත් බඈ කියලනේ,,,ඔයා අමුතුම බෞද්ධයෙක් වගේ? (බ)
සාගර, බොහෝ දෙනෙක් භක්තියෙන් අන්ධවෙලා හැසිරෙන නිසා ජේසුතුමා ජීවමානව සිටියත් දකින්නේ නැහැ. (නි)
අපි ඉවසීමෙන් බලා සිටිමු මොකද වෙන්නේ කියලා (නි)
මටත් ආසයි ජේසුස් වහන්සේගේ සොහොන බලන්න (නි)
හොඳ සොයා ගැනීමක්.(හේ)
ජිවතුන් අතර මිස මළවුන් අතර ක්‍රිස්තුස් වහන්සේව සොයන්න එපා ....! කවදාවත් හමුවන්නේ නැහැ ....(හේ)
"සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි".සියලු සස්තෘ වරුන්ගේ ධර්මය හදවතින් දැකීමට උත්සහ ගන්න.ධර්මයේ හැසිරෙන්න, එවිට ධාතුන්වහන්සේලාට වඩා යමක් ඔබ දකී.(හේ)
බුදුන් වහන්සේ ගේ ධාතූන්වහන්සේ හොයා ගෙන ඉවරයි, දැන් ජේසුතුමාගේ එකත් හරි,,කවදාහරි අල්ලාහ් තුමාගේත් හොයා ගනීවි.. එ්ත් මිනිසාගේ කෘරකමේ වත් ,,නොසන්ඩාල වැඩවත් ඉවරයක් නෑ,,(බ)
ජේසු ,ජේසු, ඔබ ඉන්නවා.මට පේනවා ජේසු.....(බ)
ඉතිහාස ගතවන සොයාගැනීමක්. කිතුනු බැතිමතුන්ගේ වන්දනාමාන තවත් වැඩිවනු ඇත. (බ)
දෙව් ස්වාමින් වහන්සේ තවමත් ජීවමානයි . ඔබ සැමට ජේසු පිහිටයි (ම)
යේසුස් වහන්සේගේ දෙවැනි පැමිණීම ඉතා ආසන්නයි. මේ ගැන බයිබලයේ අවසන් පොතේ වැදගත් පණිවිඩයක් ඔබට දැකිය හැකිය. (ම)
ක්‍රිස්තුස් වහන්සේගේ සොහොන ගැන කෙසේ වෙතත් උන්වහන්සේ මරණයෙන් නැගිට ස්වර්ගයට එසවී ගිය බව අප දන්නවා. දැන් උන්වහන්සේ ස්වර්ගයේ යම් මෙහෙවරක නිරතව සිටින අතර ඉතා ඉක්මනින් දෙවැනි වරට යළි එන්නේ තම සෙනඟ කැටුව යාමටය. (ම)
මේ දක්වා තියෙන්නේ අලුත් සොයා ගැනීමක් නෙමේ .ජෙරුසලමේ පරණ නගරගේ ඩමස්කස් ගේට්ටුවෙන් ඇතුළුවෙලා කල්වාරි කන්දේ ජේසුස් වහන්සේව කුරුසයේ අනගැසූ ස්ථානයේම පිහිටි සොහොන්ගෙයයි.අනික ලිපියේම තියනවා 1810 කිරිගරුඩ ආවරණය ඉවත් කරලා තියනවා කියලා .(ම)
මම බෞද්ධයෙක් වෙමි. මෙම ඉතිහාස ගතවන මෙම පුවත මම දේවත්වයෙන් සලකමි .ජේසු පිහිටයි. (බ)
ලංකාදීපයට හුගක් ස්තුතියි අපේ ප්‍රතිචාර වලට දක්වන සැලකිල්ලට සහ මෙවැනි විදෙස් පුවත් වලින් අපව පෝෂණය කරනවාට. (බ)
ලොව පුරා කිතුණු බැතිමතුන් වෙනුවෙන් අමරණිය සොයාගැනීමක්. බොදුනු අපටත් බොහොම සතුටුයි. (බ)