සතුටින් හා සැප පහසුවෙන් ජීවත් වන්නට සුදුසුම රට ඕස්ටේ්රලියාව බව නවතම සමීක්ෂණයකින් හෙළිව ඇත.
වසරක් පාසා ජීවන තත්ත්වය මැනීම සදහා වන අන්තර්ජාතික සංවිධානය පවත්වන මේ සමික්ෂණයෙන් ඕස්ටේ්රලියාව ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ පිටපිට තුන්වැනි වරටය. සමීක්ණය සිදු කිරීමට සංරචාක ලෙස භාවිතා කර ඇත්තේ ඒක පුද්ගල ආදායම,රැකියා අවස්ථා,නිවාස පහසුකම්,සෞඛ්‍ය පහසුකම්”ආයු අපේක්ෂාව ආදියයි.
දෙවැනි හා තෙවන ස්ථාන හිමිව ඇත්තේ පිළිවෙලින් ස්වීඩනයට හා කැනඩාවටය.ඇමරිකාවට හිමිව ඇත්තේ හය වැනි ස්ථානයයි.එසේ වුවද ඇමරිකා වැසියන් අන් රටවලට සාපේක්ෂව ඉහළ මට්ටමේ පහසුකම් භුක්ති විදින බව සමීක්ෂණය සිදු කළ ආයතනය කියයි.සමීක්ෂණයයෙන් තෝරාගෙන ඇති රටවල් 36 අතරට එකම දකුණු ආසියාතික රටක් ඇතුළත්ව නොමැති වීම විශේෂත්වයකි. ආසියාවේ බලවතුන් වන රුසියාව,චීනය,ඉන්දියාව යන රටවල්ද මේ රටවල් 36 අතර නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව හොද නැද්ද
ලංකාවේ කට්ටිය ගොඩාක් යන්නේ ඔස්ට්‍රලියාවට තමයි
මම නම් කැමතිම රට තමයි එංගලන්තය
100% ඇත්ත
මම ලාංකිකයෙක් ලංකාව තමයි හොදම රට
මමත් පිලි ගන්නවා ඒක (දී)
ඒ කතාවනම් 100% ඇත්ත (දී)
මොන ප්‍රශ්න තිබුනත් ලංකාව දාහෙන් සම්පතයි (නි)
එත කොට අපේ ධර්මදීපය හොඳ නැද්ද? ඉන්දියන් සාගරේ මුතු ඇටේ නරකද ? ආසියාවේ ආශ්චර්යවත් ශ්‍රී ලංකාව තේරුනේ නැද්ද ? මම හිතන්නේ අර රටවල් පගාව දීලා ඇති (නි)
මේක තමයි මේ කට්ටිය බෝට්ටු වලින් එහෙම යන්න හදන්නේ,මමත් යන්න ඕනෑ බලන්න (නි)
ඒක නිසා නේන්නම් අපි මේ බෝට්ටුවල නෑගගෙන යන්නෙ අනේ අපිවත් ඔහෙට ගන්න තව ටිකක් කල් ජීවත් වෙන්න.(ස)
අනේ බලන්නකෝ මම මෙතෙක් කල් හිතාගෙන හිටියේ ලංකාවේ හම්බන්තොට කියලා (නි)
අයියෝ කට්ටියට වැරදිලා වගේ. ලංකාව තමා ලෝකේ හොඳම රට සැනසීමෙන් ජීවත් වෙන්න. පෙනෙන්නේ නැද්ද ලංකාවේ ආශ්චර්යය. (නි)
නමුත් ලෝකයේ වැඩියෙන්ම බත් කන අහවල් වර්ගයේ අය ඉන්න රට ශ්‍රී ලංකාවයි (නි)
ඕක බොරු බලු කිස්ථානයයි. ඕහොම කියන්නේ බෝට්ටු මුදලාලි කෙනෙක්.(නදී)
මෙම ලිපිය කියවා ඕස්ටේ්රලියාවට එන්නට හදිසිවෙන්න එපා.මෙහෙටත් මේ දිනවල ආර්ථික අවපාතයක ලකුණු දැනෙමින් තිබේ. බුරුතු පිටින් රැකියා වලින් ඉවත්කරමින් සිටිනවා.පසුගිය වසර කිහිපය තුල ස්වභාවික ගෑස්, යකඩ,රත්රන්,ගල් අගුරු වැනි පොළොවෙන් ලබාගන්නා සම්පත් චීනයට විකිණීම සදහා මහා පරිමාණයෙන් පතල් කැනීම් කල අතර එම රැකියාවල් වල නියුතු අයට විශාල ලෙස වැටුප් ගෙවීම සහ අලුත් රැකියා බිහිවීම සිදුවිය.එහෙත් මේ වනවිට මේවට තිබෙන ඉල්ලුම වේගයෙන් පහත වැටීම නිසා තත්වය වේගයෙන් වෙනස් වෙමින් තිබේ.එම නිසා සුන්දර ලෝකයක් ලබන්නට ගේ දොර ඉඩකඩම් විකුණා ලක්ෂ ගණන් හොර ඒජන්සිකරුවන්ට දී මෙහෙට එන්නට හදන්න එපා. නීත්‍යනුකුල ලෙස එන්නට හැකිනම් පමණක් එන්න.අන්තිමට අපිට තියෙන්නේ අපේ රට පමණි. "තිබහට වතුර බොන්නට සුලු ලිඳ විතර කිසිවිට පිහිට නැත ගැඹුරැති මහ සයුර දුකකට පිහිට පොඩි මිනිහෙකුගෙන් විතර ලොකුවට සිටින අයගෙන් නැත කිසිම වර" (නි)