දූෂණ චෝදනා එල්ලවී බන්ධනාගාර ගතව සිට නිදහස්වූ ඉන්දියාවේ තමිල්නාඩු ප්රාන්ත මහ ඇමැතිනී ජයලලිතා ජයරාම් අද සිය ධූරයේ නැවත දිවුරුම් දුන්නාය.
අධිකරණයෙන් වරදකරුකොට බන්ධනාගාර ගතව සිටියදී ඒ.ඩී. එම්.කේ පක්ෂයේ පන්නීර් සෙල්වම් මහ ඇමැති ධූරයට පත්ව සිටි අතර ඔහු සිකුරාදා ඉල්ලා අස්විය.
ජයලලිතා ජයරාම් පසුගියදා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට එරට අධිකරණය තීන්දු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උඹ මොන දේකට පත් උනත් අපට කමක් නැ ලංකාවේ වැඩවලට අත දාන්න එන්න එපා. අවොත් උඹට වෙන්නෙත් රජීවූ උන්නැහැට උන දේමයි (නදී)
බලගතු ඉන්දියාවේත් නීතියේ හිඩැස් තියෙනවා එහෙනම්! (නදී)
ඒ ඉතින් ඉන්දියාවේ! ඒකට අපේ? (නි)
ඉන්දියාවේ අධිකරණය ස්වාදීනයි කියලා අපි කෑගැහැව්වට එහෙත් මෙහෙ වගේමයි අප්පා.(නදී)
ආනේ! සිරි ලංකාවේ වගේමයි (නි)
ලංකාවේ වගේමයි.කිසි වෙනසක් නැහැ. (නදී)
හොරකම එහෙමමයි.ඔප්පුකර ගන්න බැරිවුණා. දේපළ වල වර්ධනය අවුරුද්දට 10% වැඩිවුණාට එය ඔප්පුකළේ නැහැනේ! (නි)
එහෙනම් අපේ සමහරුන්ටත් හොඳයි (නි)
කොහොමහරි මෙයාලා බේරෙනවා. හැබැයි එලොවදි බේරෙනවා බොරු. (නි)
අනවබෝධයෙන් හොරුන්ට ආවඩන කට්ටිය එහෙත් ඉන්නවා, මෙහෙත් ඉන්නවා. (නි)
දැන් අපේ සමහර කට්ටියත් පෝලිමේ යාවි මෙයා අල්ලපු පෙරකදෝරුවාව මුලිච්චි වෙන්න. (බ)