ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිනී ජයලලිතා ජයරාම් ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අසත්‍ය ප්‍රචාර පැතිරවීයැයි කියන දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
ඉන් එක් අයෙකු ඇගේ රෝග තත්ත්වය පිළිබඳ අසත්‍ය හඬ පටයක් අන්තර්ජාලයට එක් කර ඇත.තවත් 40 දෙනෙකුට විරුද්ධව පරීක්ෂණ සිදුකරන බව පොලිසිය පවසයි.
ජයලලිතා සැප්තැම්බර් 22 වැනි දා රෝහල්ගත කළාය.ඇගේ රෝගී තත්වය පිළිබඳව මේ වන තෙක් හරි පැහැදිලි කිරීමක් සිදු නොකිරීම අසත්‍ය ප්‍රචාර බහුල වීමට හේතුව බව මාධ්‍ය පවසයි. ඇගේ ආධාරකරුවෝ රෝහල ඉදිරිපිට මෙන්ම පුජනිය ස්ථාන වලද ඇය වෙනුවෙන් පුජා පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාව නම් කවදාවත් හදන්න බැහැ. (නි)
වෙලා තියෙන දේ මාධ්‍යයට ප්‍රසිද්ධ කළා නම් මේ කතා අහන්න වෙන්නෙ නැහැනේ (නි)
ඉතින් කෙළින්ම කිවුවා නම් ඉවරනේ වෙලා තියෙන්නේ මොකක්ද කියලා (නි)
ඇත්තටම මේයාට මොකද වෙලාතියෙන්නෙ (අ)
මේ මනුස්සය මැරිලා සති කීපයක් වෙනවා දැනට ..? මාධ්‍ය හරහා නොකියන්නේ මිනිසුන් භූමිතෙල් හලාගෙන ගිනිතියා ගන්නවට ඒක නවත්වන්නයි ..එක පාර නොකියා මාස තුනක් පමණ ගියාම ..අළු ටික අරගෙන ඇවිත් නේරංජනා ගගට දමයි.. ? මිනිසුන්ගේ මනසින් වියැකිලා ගියාම ..?එ්තරමට මෝඩ මිනිසුන් කට්ටියක් ඉන්දියාවේ ඉන්නේ මිනිසෙකු මැරෙනවා කියන්නේ ස්වභාවික දෙයක් ..එකටත් පෝලිමේ විරෝධ පාල ඇගට ගිනිතියා ගන්නවා..? (බ)
ලංකාවට තිබුන එක තුවාලයක් සනීප උනා වගේ දැනෙනවා. (ර)
කියල දැම්ම නම් ඉවරනේ අගේ කරන්නේ නැතුව, (බ)