ශ්‍රී ලංකාවේ පැවති තිස් වසරක යුද්ධයේ අවසන් අදියරේදී සිදුවීයැයි පවසන යුද අපරාධ සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ ගොඩනැඟී ඇති හෝ ගොඩ නඟා ඇති මතය පසුබිම් කොට ඒ පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද විද්වත් කමිටුවේ වාර්තාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීම පිළිබඳව බ්‍රිතාන්‍ය රජය සතුටු වන බව බ්‍රිතාන්‍යයේ විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩල කටයුතු පිලිබඳ රාජ්‍ය අමාත්‍ය හියුගෝ ස්විරේ පැවසිය.
පසුගිය කාල වකවානුවේ ශ්‍රී ලංකාවේ යුද අපරාධ සහ මානව හිමිකම් කඩ වුවාද කියා සොයාබැලීම උදෙසා පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට 2014 මාර්තු මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරුණ යෝජනාවට බ්‍රිතාන්‍ය රජයද හවුල් කරවෙක් විය.
මේ පිළිබඳව නිකුත් කර ඇති නිවේදනයේ මෙලෙස සඳහන්ව ඇත.
" මම මෙම වැදගත් වාර්තාව ප්‍රකාශයට පත්කිරීම සාදරයෙන් පිළිගනිමි. ඒ පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට සහ මෙම වාර්තාව සකස් කිරීම සඳහා කටයුතු කළ සියලු දෙනාට බ්‍රිතාන්‍ය රජයේ කෘතඥතාවය පුද කිරීමට කැමැත්තෙමි. වාර්තාවේ සඳහන් කරුණු සහ නිර්දේශ සම්බන්ධයෙන් විස්තරාත්මක අධ්‍යයනයක් සිදුකර ශ්‍රී ලංකා රජය මෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ද සමඟ එක්ව ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ගයන් පිළිබඳව සම්මතික තීරණයක් ලබාගැනීමට අවශ්‍ය සහයෝගයක් සැපයීමට අපි බලාපොරොත්තු වෙමු. ශ්‍රී ලංකාව තුළ සියලු ජන කොටස් අතරේ සංහිඳියාවක් වර්ධනය වී මානව අයිතීය සුරැකෙන කල්පවත්නා සාමයක් ඇතිවනු දැකීම බ්‍රිතාන්‍ය රජයේ අභිලාශය බවද සඳහන් කරමි."

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුදාර, කරුණාකරලා නොදන්නා දේවල් වලට ප්‍රතිචාර නොදා ඉන්න. ඔයා නම් පිටරට යනවා කියලා නාගදීපෙටවත් නොගිය කෙනෙක් වගේ පෙනෙන්නේ. මේ රටවල තිබෙන මානව හිමිකම මොකක්ද? මෙහෙ හැම ආයතනයක්ම පාලනය කරන්නේ සුද්දෝ. ඔවුන් තාක්ෂණික වැඩ වලට අදක්ෂ නිසා එම රැකියාවල්ද වහල් තත්වයට පත්කරලා (නි)
සමීර,ඔයා ඔහේ චිරාත් කාලයක් හිටියාට මාරිටත් හපන් ළිඳක ඉඳලා තියෙන්නෙ මට පෙනෙන විදිහට. එන්ගලන්තය, ඇමරිකාව කියන්නෙ ඉතාම තද විදියට ජාතිවාදය තියන රටවල්. නීතිය නම් ඔක්කොටම එකයි කියලා කියන්නෙ, ඒත් ගෙම්බො නොවන අය දන්නවා ඇත්ත (නි)
අපේ රටේ මිනිස්සුන්ට සංවර්ධනය ගැන තේරෙන්නේ නැහැ පරිප්පු ,සිනි අඩු කළා නම් මේ මිනිස්සුන්ට ඇති (බ)
අලුතෙන් ආපු යාලුවන්ගේ වැඩ තෙරෙයි වැඩි කල් නොගොස් (අ)
අපිට ඇයි අපේ පාඩුවේ ඉන්න දෙන්න බැරි? (නි)
ඕවා දෙනු පරහට - තමා සම්මතයේ පිහිටා සිට (නි)
අපි මරාගන්නේ ඇයි? ජනාධිපතිතුමා, අගමැතිතුමා,මංගල ඇමතිතුමා කියනවානේ වාර්තාව රටට හොඳයි කියලා.මහින්ද මහතා මොනවාද කියන්නේ කියලාත් බලමු (නි)
අයර්ලන්තයේ වෙච්ච දේවල් ගැන අවුරුදු 30ක් තිස්සේ මොකුත් හෙව්වේ නැහැ. අපිට බණ කියන්න එනවා. ආපසු යටත් විජිතයකට පත්කරන්නද හදන්නේ. (නි)
සුද්දන්ට ආවඩන අය මතක තියාගන්න. ඔය සුද්දෝ අපේ රට හුරාගෙන කෑවා. ඔය දුම්රිය, පාරවල්,පාලම් බෝක්කු හැදුවේ අපිට ආදරේට නෙමෙයි. (නි)
මොහාන් ,, නියමයි !!! (ම)
චන්දන මානව හිමිකම් රකින්න උපදෙස් දෙද්දි මෝඩකමට බටහිරට බනිනවා නෙමෙයි, 2009 කලින් බල්ලොවගේ හිටපු අය මානව හිමිකම් රකින්න උපදෙස් දෙන එකටයි බනින්නේ. එක තේරෙන්නේ නැත්තන් ඔයත් ගොනෙක් වගේ මෙතන කොටන්න එන්න එපා. (අ)
බ්‍රිතානයේ ඉන්න සිංහලයෝ ඇත්තටම රටට ආදරේ නම් බ්‍රිතාන්‍ය පුරවැසිකම ගිනි තියල අයෙත් ලංකාවට එන්න (බ)
මාරී, ළිඳක් ඇතුළේ හිටියාට කමක් නැහැ,ළිං මැඩියන්ගේ සද්දය නොදා ඉන්න. බ්‍රිතාන්‍යයේ සුද්දන්ට කල්ලන්ට කියා නීති දෙකක් නැහැ.කට අරින්න පෙර බටහිර නීතිරීති දැනගෙන අදහස් දක්වන්න. අපි මෙහෙ චිරාත් කාලයක් ඉඳගෙන මේ කියන්නේ. (නි)
මාරි දන්න දෙයක් කතා කරන්න? ජීවිතේට බටහිර රටට ගිහින් තියෙනවද? ඔබ කියන විදිහෙ නීති 2ක් නෑ.. හැබැයි සුද්දන්ගෙ රටේ කල්ලෙක් ජනාධිපති වුණා
මේ රටේ ඉන්න සිංහලයෝ නිදි. මේ වගේ ප්‍රකාශයක් කරාම සියල්ල එකතු වී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉස්සරහට ගොස් මෙම එක පාර්ශවික ප්‍රකාශය හෙලා දැකිය යුතුයි. අපේ සිංහලයෝ ටික තමන්ට යහ මග යන්න ශිල්ප ශාශ්ත්රය දුන් පාසල් මෑණියන්ගේ නමින් 'ආදී සිසු' සංවිධාන හදාගෙන විදුහලේ නමින් අමු බේබද්දන් සේ බිබී බාල් නටනවා හැරෙන්න වෙන මොනාද කරන්නේ? (අ)
සුද්දන්ට අපේ රට ස්ථාවරව තිබෙනවා බලන් ඉන්නම බැහෙ මොකක් හෝ කරදරයක් කරනවා අනුන් ගැන සොයන්න කලින් තමන්ගේ රටේ ප්රජාතන්ත්ර වාදය හරියට ස්ථාපිත කරන්න. එහෙ සුද්දන්ට එක නීතියකුත් කල්ලන්ට තව නීතියක් ක්‍රියාත්මක වෙන්නේ (අ)
පරණ තුවාල පාරා ලබන නරක සතුටක් (ම)
මේ වාර්ථාව පිළිගත නොහැක.(හේ)
හිතා ගන්න බෑ අපිට මොකක්ද මේ වෙන්න යන්නේ කියලා.(හේ)
අපට කෙලවෙනකොට සතුටු රටවල්... මෙයාලා 1505 ඉදන් කරපුවට වන්දි ඉල්ලන්න ඕනෙ. (ම)
අපේ නිෂ්පාදන ගන්න හරි ඉන්නේ ඇමරිකාව, එංගලන්තය, කැනඩාව, යුරෝපා සංගමය, ජපානය, ඕස්ට්‍රේලියාව වගේ රටවල් විතරයි.. හැමෝම පනින්න හදන්නෙත් මේ රටවලට.. නමුත් මේ රටවල් අපේ රටේ මානව හිමිකම් රකින්න උපදෙස් දෙද්දි මෝඩකමට බටහිරට බනිනවා (ම)