ජනෙල් නැති එහෙත් ජනෙල් නැතැයි අඩුවක් දැනෙන්නේද නැති අපූරු ගුවන්යානයක සංකල්පයක් ඉදිරිපත් කිරීමට බ්‍රිතාන්‍යය සමාගමක් කටයුතු කර තිබේ.
මෙම ගුවන්යානයේ ජනෙල් වෙනුවට ඇත්තේ ගුවන්යානයේ එක් කොණක සිට අනෙක් කොණ දක්වා විහිදෙන විසල් අධි තාක්ෂණික තිරයකි.ගුවන්යානයේ පිටත සවිකර ඇති කැමරා වලින් ගනු ලබන ඡායාරූපයන් හා වීඩියෝවන් එම තිරය මත නිරතුරුව දර්ශනය වේ.එම දසුන් මගීන්ගේ නෙතට රසඳුනක්ම වේ.වෙනදා මෙන් කවුළුවක් ළග ඇති ආසනයකට පොර කෑමට වුවමනාවක් නැත. සියලූම දෙනාට ගුවනේ සුන්දරත්වය නෙත පිරෙන්නටම දැක ගන්නට හැකිය.
කිසිවෙකුට අන්තර්ජාලයේ සැරීමට අවශ්‍ය වුවේ නම් ඊටද පහසුකම් මේ තිරයේ ඇත.කරන්නට ඇත්තේ තමන් ඉදිරියේ ඇති තිරයේ කොටසක් ස්පර්ෂ කිරීම පමණකි.එවිට එම ස්පර්ෂ කළ තැනැත්තා ඉදිරියේ ඇති තිරයේ කුඩා කොටසක් සාමාන්‍ය පරිගණක තිරයක් බවට හැරේ.
යානය මැද ගමන් කරන මගීන්ද අමතක කර නැත.ඔවුන්ට ඉදිරිපසින් ඇති අසුන් වල හිස් රදවනයන්ගේ පසුපසින් තිරයන් සවිකර ඇත.ඔවුන්ටද අන්තර්ජාලයේ සැරීමට හෝ ගුවනේ ඡායාරූප ගන්නා කැමරා වලින් ලැඛෙන දසුන් නරඹමින් ගමනේ යෙදීමට හෝ හැකිය.
අපූරු වුවද මෙය සංකල්පයකටම පමණක් සීමා වනු ඇති බවක් පෙනෙන්නට ඇතත් විශේෂඥයින් පවසන්නේ මෙවැනි තාක්ෂණයක් ගුවන්යානා වලට හඳුන්වාදිය හැකි නම්
ගුවන්යානා නිශ්පාදනය වියදම් ඛෙහෙවින් අඩු කර ගත හැකි බවයි.තවද මෙම තිර බරින් අඩු නිසා ඉන්ධන ඉතිරියද ඉහළ යන බව ඔවුන් පෙන්වා දේ.
මෙම සංකල්පය ඉදිරිපත් කර ඇති සීපීඅයි නම් සමාගම තමන් දැනටමත් මෙම තිර නිපදවීම සදහා වන පර්යේෂණ කටයුතු ආරම්භ කර ඇති බවද පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදයි.මේ වැඩේ සාර්ථක වේවා.(හේ)
කේ. සිරි ඔබගේ කියමනට මමත් එකඟයි. එක්කෙනෙක් දෙන්නෙක් කරන වැරදි වලට තමන් උපන් රටට නිගා කරන්න උත්ස්සහ කරන්න එපා. කෙසේවෙතත් මෙවැනි අලුත් නිර්මාණයක් සොයා ගත්ත එම සමාගමට මාගේ සුබ පැතුම්! (අ)
අපිත් හදමු ඔය වගේ ජනෙල් නැති දොරවල් පවා වැඩිය නැති දුම්රිය.... එතකොට එලිය කොකු වල එල්ලිලා යන අයව ඇතුලට පේනවා,,,,, (අ)
ඇත්තටම වැඩේනම් සුපිරි........(අ)....
මීට වඩා හොදයි ඝණ වීදුරුවකින් යානය හැදුවනම්.කැමරා මොකටද තිර මොකටද එතකොට.(අ)
ලකී, ගුවන්යානා ගමන් කරන්නේ දුම්රිය පාරවල් උඩ නොවේ. ගුවනෙයි. ඒ නිසා බර අඩු අමුද්‍රව්‍ය වලිනුයි සාදන්නේ. ඔබ කියන විදියට ජනෙල් දැම්මොත් එය සැමදා බිම තියන්න වෙයි. මොළය තිබුනාට වැඩක් නැහැ, එය පාවිච්චි කරන්න ඉගෙනගන්න. (නි)
අපි මේ ජනේලයෙන් වැටෙන ඉර එළිය ටිකත් සැර වැඩි නිසා ඒක වහන්න බලනවා. වලාකුළු වලින් උඩට ගියාට පස්සේ තමයි තේරෙන්නේ ඇස් වලට මොන තරම් අමාරුද කියලා ඉර එළිය. ඕක හොඳයි ගුවන් තොටුපළින් යන වෙලාටයි ආපහු බාන වෙලාවටයි විතරක්. පැය 14 ක් 16 ක් යන්න වුණාම කොහොමද මේකේ? (නි)
ඒ අත් දැකීම නියමයි.(හේ)
ත්‍රාසජනක අත්දැකීමක් වෙයි.(හේ)
මේ විදියට ගුවන් යානා ටිකම හැදුවානම් නියමයි.(හේ)
ඕකේ මිල කොහොමද ? (හේ)
කේ සිරි මහතාගේ අදහසට මගේ ස්තිතුය අගේයි,(අ)..
ජනෙල නැති ගුවන් යානය අපේ බුලත් කන ගුවන් මගීන්ට සහනයක් වෙයි , (හේ)
මේ දෙයින් අවට සිරි නරඹන්න පුළුවන් වෙයි.(හේ)
මෙන්න කරනවා නම් වැඩ! (නි)
අපේ නෝනා ගුවනින් යද්දී ජනෙල් අයිනේ ඉන්නේ නැහැ. පහළින් වලාකුළු දැක්කම ඔලුව කැරකිල්ල හැදිලා වමනය යනවා කියලා. දැන් නම් ඉතින් ගිහින් හමාරයි. එක්කෝ බස් එකේ යන්න වෙනවා. නැත්නම් වමනය දදා යන්න වෙනවා. (නි)
මේක අදහසක් වුණාට තවම නිර්මාණය කළ ගුවන් යානයක් නොවෙයි නේද? (නි)
ජනෙල් නැති ගුවන් යානා අපිට එපා! කාන්සියට බුලත් විටක් කාලා කෙළ ගහන්නෙවත්, පොඩි එකාට වමනය ගියොත් වමනය කරවන්නෙවත් නැතුව ඔච්චර දුරක් යන්නේ කොහොමද? (නි)
වැඩේ නම් ඉතින් නියමයි. කේ.සිරිගේ කතාවටත් මම එකඟ වෙනවා. (නි)
මට නම් බයයි (නදී)
අපි අපි ගැනම පහත්කර සිතීම මොනතරම් කණගාටුදායකද? (නි)
පෙර තිබුණු අදහසක් වැඩිදියුණු කරනවා කියලයි මට හිතෙන්නේ (නි)
මේක නම් පුදුමාකාරයි (නි)
නන්දන පනාගොඩ මිලානෝ, මේ කියන්නේ පිටතට සවිකළ කැමරා ගණනාවකින් ඒ අවස්ථාවේදීම ලබාගන්න ජනේලයෙන් පිටත සජීවී පින්තුරයක් ගැන. මාරු කරන්න පුළුවන් කලින් ගබඩා කළ නිකම්ම ස්ක්‍රීන් එකක් නෙමෙයි (නි)
දකුණු කොරියානු පර්යේෂකයන් ජනෙල් නොමැති නිවාස සඳහා මෙවැනිම සංකල්පයක් 2002 වර්ෂයේදී ස්කයිප් තාක්ෂණය යොදාගෙන පර්යේෂණ මට්ටමෙන් අත්හදා බලා තිබුනා නේද? (නි)
අපේ කට්ටිය අඩියක් එහෙම දාල ඕකෙන් එලියට පනින්න හරි එහෙම නැත්නම් ඔතනින් බර සැහැල්ලු කරගන්න හරි හැදුවොත් තමයි ප්‍රශ්නේ.. (ර)
මේක දැනට විහිළුවක් උනාට අනාගතේ සැබෑවක්ම වෙනවා. (ර)
බන්දුල කියන දේවල් අපේ සාමාන්‍ය මිනිස්සුන්ට කෙසේ වෙතත් කඩේ යන තැන සමහරුන්ට නම් සිද්ධ වෙන්න ඉඩ තියනවා. මතක ඇතිව වැසිකිලියේ දොර ගැන අනතුරු අඟවන්න බන්දුල. (නදී)
මේ හා සමානව ශ්‍රී ලංකාවේ කර්මාන්ත ප්‍රදර්ශනයකදී වට සිනමාව කියලා රවුම් තිරයක පෙන්නුවා රූපවාහිණී දසුන්. (නදී)
කෙසේ වෙතත් මෙවැනි ගුවන් යානයක් ඉතාලිය සහ ලංකාව අතර නම් යොදවන්න එපා. ගොඩක් අය මෙහෙන් නගින්නේ 'ටෑන්ක් ෆුල්' දමාගෙන. මේ අය වලාකුල් මත ඇවිදින්න උත්සහ කරයි. (ර)
පිටිගලගේ කතාව සහතික ඇත්ත. ඉතාලියෙන් ලංකාවට එන සමහරු එන්නෙත් ෆුල් ටෑන්ක් ගහගෙන ඊට පස්සෙත් ආයේ ඇතුලේදීත් ඉල්ලනවා. ඔය දේ වෙන්නේ විශේෂයෙන් ඍජු ගමන් සිදු කරන ගුවන් යානා වලදී. ඔය දේ හොඳ වුනාට අපේ ඇස් දෙකෙන් දකින තරම් සුන්දරව බලන්න බැහැ අවට. (නදී)
බන්දුල පෙරේරලාගේ කට්ටිය එහෙම කරලා පුරුදු අයනේ මතෙක ඇතිනේ (නදී)
මෙය අලුත් දෙයක් නොවේ. හිටපු ඉතාලි අගමැති සිල්වියෝ බෙර්ලුස්කොනි මහතාගේ පුද්ගලික ජෙට් යානයේ නිදන කොටසේ බිත්ති සහ සිවිලිම ආවරණය කර ඇත්තේ රූපවාහිනි 'ලෙඩ්' තිරයකින් නොවේද? අවශ්‍ය තේමාවක් (උදා: අහස, මුහුද) එයට යොදාගත හැකියි. (නි)
අකුණු ගහද්දි කට්ටිය කෑගහයිද ? වහිද්දි කුඩ ඉල්ලයිද ? මේ වගේ අලුත් දේවල් ඉතින් සුද්දෝ හොයාගත්තේ නැත්නම් අපි කවදා හිතල කරන්නද නේද ? (නදී)
සමහර අය දාන කොමේන්ට් හරි පුදුමයි. කොයි වේලාවේද ලංකාව හැල්ලුවට ලක් කරන්නේ කියල බලාගෙන ඉන්නේ. ශ්‍රී ලංකික අපි, අපි ගැනම පහත් කර සිතීම මොන තරම් කනගාටුදායකද? මේ හීනමානය අපෙන් කවදා නැතිවෙයිද? රට මොනතරම් දියුණු කලත් මිනිස්සුන්ගේ හිත දියුණු උනේ නැතිනම් වැඩක් නෑ. (ර)
අනේ කේසිරි ඔයා සුරංඟනා ලෝකවල පා උනාට අනිත් මිනිස්සු පොලවේ පය ගහලා ජීවත් වෙනවා. (නදී)
මේක සාර්ථක වෙයිද? (නි)
නියමයිනේ! මෙන්න වැඩ! (නි)
ඔබ හරි සිරි, ලංකාවේම මිනිස්සු ලංකාවට ලැජ්ජා කරනවා. දවසින් දවස අපි පිරිහෙන්න ප්‍රධාන හේතුව ඕක තමා. (නි)
මේක නම් නියමයි (නි)
පිටිගලගේ කතාව ඇත්ත (නි)
කේ සිරි මහතාගේ අදහසට මගේ ස්තුතිය අගේයි,..(අ)