ඉන්දියාවේ ලක්නව්හි සුල්තාන්පුර්හි ප්‍රසිද්ධියේ පැවැත්වෙමින් තිබූ දේශපාලන වාද පිටියක වේදිකාව මතට තම සිරුරට පෙට්‍රල් තවරාගෙන පැනගත් පුද්ගලයෙකු විවාදයේ යෙදී සිටි දේශපාලඥයෙකුද බදාගෙන සිරුරට ගිනි තබාගත්තේය.
රැස්ව සිටියෝ වහා දෙදෙනා දෙපසට කිරීමට උත්සාහ කළහ.නමුත් දෙදෙනාම වසාගෙන බුර බුරා ඇවිලෙන්නට පටන් ගත් හෙයින් එය අපහසු විය.
අවසානයේ ගින්න නිවා දෙදෙනාම රෝහල් ගත කරනු ලැබූහ.දෙදෙනාම පිළිස්සුම් තුවාල නිසා බරපතල තත්ත්වයේ පසුවන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
මේ දිනවල ඉන්දියාවේ පැවැත්වන පාර්ලිමෙන්තු මැතිවරණය අරබයා මෙවන් දේශපාලන විවාද පිටි ප්‍රසිද්ධියේ පැවැත්වීම සිදුවේ.ඒවා ඉන්දියා රූපවාහිනී නාලිකා වලින් පටිගත කර පසුව විකාශනයද කරයි.
වේදිකාව මතට පැනගත් පුද්ගලයා හදුනාගැනීමට පොලිසිය සමත්ව තිඛෙන අතර ඔහු ගිනිතබා ගැනීමට හේතුව අනාවරණය කර ගැනීමට තවමත් හැකිව නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියන බොරු අහල අහල එපාම වෙලා තමයි මෙහෙම දෙයක් කරන්න ඇත්තේ. (ස)
මේකත් ලංකාවට බෝ වුණොත්, අනේ අපොයි අනිවාර්යෙන් පෙට්‍රල් මිල ඉහල යනවා විතරක් නොවෙයි හිඟයකුත් ඇතිවෙනවා. (ස)
අපිටත් දැන් බොරුකාරයෝ කියන දේවල් අහල ඇතිවෙලා ඉන්නේ ..? (ස)
අපේ මිනිස්සු කරන්නේ කෙනෙකු හෝ දෙයක් මට්ටු කරන්න තමන් විසින්ම ප්‍රසිදියේ ගිනි තිය ගන්න එකනේ. අර මනුස්සය කරපු දෙයින් ගතයුතු දෙයක් තියෙනවා ඔය වේදිකාවල බොරුවට ගිරිය පුප්පන් කෑ කෝ ගහන අපේ අයටත් (අ)
ලංකාවෙත් මේක කරන්න ඕනෑ (නි)