නවසීලන්තයට පැමිණි බි්රතාන්යයේ චාල්ස් කුමරු සහ ඔහුගේ බිරිය කැමිලා පාකර් ආර්යාවට ගොමවලින් ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටි තරුණයකු පෙරේදා (12) අත්අඩංගුවට ගැනීමට වෙලිංටන් නුවර පොලිස් නිලධාරීහු සමත් වූහ.
සෑම් බැරැක්නෝව් නමැති එම නවසීලන්ත ජාතිකයා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු, රාජකීය යුවළට කිට්ටු වීමෙන් වැළැකී සිටින්නැයි යන කොන්දේසිය මත ඔහුට ඇප නියම කෙරුණි.
සෑම් බැරැුක්නෝව් රාජාණ්ඩු විරෝධියකු යැයි පොලිසිය පවසයි.
තමා අත්අඩංගුවට පත් නොවුණා නම්, නිසැකවම චාල්ස් කුමරුට ගොම දියකර ප්‍රහාරයක් එල්ල කිරීමට සැලැසුම් කර සිටි බව අධිකරණයෙන් පිටව යද්දී සෑම් බැරැුක්නෝව් මාධ්‍යවේදීන්ට පවසා ඇත.
මහ රැජිනගේ රාජප්රාප්තියේ 60 වැනි සංවත්සරය සැමැරීමට, චාල්ස් කුමරු සහ පැමිලා ආර්යාව ඕස්ටේ්රලියාවේ සහ නවසීලන්තයේ සංචාරය කරති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගහන්න හැදුවා විතරනේ...........(ස)
හපොයි ගොමද? දැන් ලංකාවේ අයත් පුරුදුවෙයි ඔය ක්‍රමවේදය. (නි)
ගොම හොඳ වැඩියි (ස)
ලංකාවේ ගොම එහෙම නෙමෙයි නේද? (නි)
අනේ අපේ කෙනෙකුත් එන වෙලාවක් බලලා ගහන්නකෝ. (නි)
නවසීලන්තේ ගොඩක් එලහරක් ඉන්න නිසා පහසුවෙන්ම ගොම පහරක් එල්ලකර හැකියි (ස)
අපේ අයත් ඕක පටන් ගනීවිද දන්නේ නැ . කොපිකරන්න දක්ෂයොනේ...චාල්ස්ගේ වෙලාව හොඳයි (ස)
වඩා නිවැරදි වන්නේ ගොම නොව අශ්ව වසුරු බාල්දියක් බවයි.(ස)
තව ගොම සංග්‍රහ ලබන්න සුදුසු අය ඉන්නවා. (නි)
ලංකාවේ නම් හුගක් කට්ටිය ගොම නාගෙනනේ ඉන්නේ. (නි)