චීනයේ සමලිංගික විවාහ තහනම් කරමින් එරට උසාවියක් නියෝගයක් නිකුත් කර තිබේ.
චැන්ග්ෂා නගරයේ වෙන්ලින්(27) සහ මින්ග්ලෑන්(37) නම් පිරිමි යුවළ සිය විවාහය ලියාපදිංචි කිරීම සදහා අයදුම් කර ඇති අතර එය ප්‍රතික්ෂේප වී තිබේ. ඉන්පසු එයට විරුද්ධව බලධාරීන්ට එරෙහිව නඩු පවරා තිබේ. එම නඩුවේ අවසන් තීන්දුව ලෙස එම තීරණය ලබා දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම චීනයේ මෙවන් නඩුවක් අධිකරණයකදී විභාගයට ගැනුණු ප්‍රථම අවස්ථාව මෙය බව එරට මාධ්‍ය සදහන් කරයි. ඔවුන් දෙදෙනාට සහය පළ කිරීමට බොහෝ පිරිසක් අධිකරණ භූමියට පැමිණ සිටියහ.
චීනයේ එවන් ගැටළු උග්‍ර වෙමින් පවතින බව වාර්තා වේ. එමෙන්ම චීනයේ රුපවාහිනී වල සමලිංගික දර්ශන පෙන්වීම ද තහනම් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රවී, දන්නා දෙයක් කතාකරන්න. ඒඩ්ස් වැනි සමාජ රෝග විෂම ලිංගික හැසිරීම් වලින් වුණත් ඇතිවෙනවා. රූපසිංහ, සමලිංගිකත්වය ජානමය වෙනස්කමක් මිස රෝගයක් නෙමෙයි කියලා හොයාගත්තේ මීට අවුරුදු 25-30 කලින්. ඔබ වගේ අයගේ අදහස් වලින් පෙනෙන්නේ මේ රටේ ලිංගික අධ්‍යාපනයේ අසාර්ථකත්වය පමණයි (නි)
හරි දේ හරි. වැරදි දේ වැරදියි. සමලිංගිකත්වය හොඳ දෙයක් කියලා මම හිතන්නේ නැහැ (නි)
තාක්ෂණය දියුණුවීමත් එක්ක මිනිසුන්ගේ මනසත් අලුත්වෙලා. ඒ නිසා මේ වගේ දේවල් ලෝකයේ සිද්ධවෙනවා. (නි)
ජනගහනය කොටිගන්නක් ඉන්නා චීනයේ එහෙම කලාට ලංකාවේ එහෙම කරන්න බෑ (අ)
ලංකාවේ මිනිසුන්ගේ මෝඩකම මේ අදහස් වලින්ම පේනවා. මිනිස්සු හැමෝම එක බව තේරුම් ගන්න, ගරු කරන්න ඔලුවක් මේ කපේදී එන්නේ නැහැ. ඒ වුණාට මහා ලොකු බෞද්ධයන්ලු (නි)
ඔය සමලිංගිකයන්ට අපහාස කරන, ඒවාට විරුද්ධ බොහෝ දෙනෙක්ගේ පාසල් කාලය ගැන රහස් ඇති. සමලිංගික කියනා දෙය අද ලෝකයේ සාමාන්‍ය දෙයක් (නි)
සමලිංගිකයින් කියන්නේත් අපේ සමාජයේ අපි වගේම මිනිසුන් කොටසක් (නි)
මගේ මතය නම්, අපි ලෝක මතයට හිසනමා අපේ රටෙත් සමලිංගික විවාහ නීතිගත කළයුතුයි. ඔය සදාචාරය ගැන කතාකිරීමෙන් වැඩක් නැහැ. (නි)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
සියලුම මිනිසුන්ට එකහා සමානව සැළකිය යුතුයි. සෑම මනුෂ්‍යයෙකුටම එක හා සමානව අයිතිවාසිකම් හිමිවිය යුතුයි. කෙනෙකුගේ ලිංගික දිශානතිය මත කෙනෙකුට වෙනස් ලෙස සැළකීම වැරදියි. (නි)
රිචී ඒ පිළිබඳව හොඳට දන්නවා වගේ (නි)
නුවන් ඔබ දන්නා දෙයක් නැහැ. අන්තර්ජාලය මඟින් විපරම්කර බලන්න. සමලිංගිකයන් අද ලෝකයේ සියයට 28 කට වඩා වැඩියි. එනිසා එ්කත් දේශපාලනීකරණය වෙලා (නි)
නාමල්, ඔබ කී පරිදි සමලිංගිකත්වය රෝගයක් නොවන බව සමාජාවබෝධයක් ලබූවෙකුට තේරුම් යන සරල කරුණකි. නමුත් එය රෝගයක් තරමටම ව්‍යාප්ත වී ඇත්තේ සන්නිවේදනය නිසාත් මිනිස් අසිමිත ආසාවන් සහ මෝඩකම නිසාත්ය. (නි)
දියුණු රටවල් සහ බටහිර යුරෝපයේ, ඇමරිකාවේ සමලිංගික විවාහ සහ සමලිංගික ක්‍රියා නීතිගත කර තිබේ. එ් අද ලෝකයට අවශ්‍ය දෙයක් සහ ලෝකයේ ජනතාවගෙන් බහුතරයක් සමලිංගිකයන් නිසාය. ඔවුන්ට වන අසාධාරනය වළක්වාලීමට එය එසේ වියයුතුය යන්නයි මගේ අදහස. ලංකාවේ වුවත් සමලිංගික විවාහ සහ ඇසුර නීතිගත කළයුතුය කියා මම සිතනවා (නි)
මිනිස්සු මේ වගේ අසහනාකාරී දේවල්වලට පෙළඹෙන්නේ ඉහළයන ජීවන වියදම දරාගැනීමට නොහැකි නිසා ඇතිවන මානසික ආතතියෙන්. ලංකාවේ ඉක්මනින් බඩු මිල පහත හෙළීමට කටයුතු කරනමෙන් ඉල්ලා සිටිනවා. (නි)
නුවන්, යුරෝපයේ රටවල සතුන් සමඟ සංවාසය නීතිගත කරන්න කියා දෙයක් කොහෙවත් සිදුවුයේ නැහැ. එහෙත් ලංකාවේ නම් ඔහොම දේවල් හොර රහසේ සිදුවන බව ලාංකික බහුතරයන් දන්නවා. එපමණක් නොව ලංකාවේ සමලිංගිකයන් ප්‍රමාණයද ඉතා ඉහළ බව කවුරුත් දන්නා රහසක්. ඒ වාගේම ලංකාව අවුරුදු 80 පැනපු වයසක අම්මලාටත් බලහත්කාරකම් කරන අමනුස්ස තිරිසන් මිනිසුන් ඉන්නා රටක් බව දිනපතා මම පුවත්පත් වලින් දැක තියෙනවා. තමාගේ වැරැද්ද වහගන්නට යුරෝපයට බොරුවට ඇඟිල්ල දික්කරන්න කලින් තමා ඉන්නා රටේ සිදුවන දේවල් විමසිල්ලෙන් බලන්න (නි)
සම ලිංගිකයන් මගින් ඒඩ්ස් රෝගය බෝවෙනවා පමණක් නොව පැතිරීමද සිදුවෙනවා මෙම පුරුද්ද තියන අය ළඟ ඉතා අප්‍රසන්න දුගදක් තිබනවා එම නිසා සමාජයේ පිළිකුලට භාජනය වෙනවා (බ)
රිචි බාලසුරිය,යුරෝපයේ රටක සතුන් සමග සංවාසය නීතිගත කරන්න කියල ඉල්ලුව නමුත් ලැබුනේ නැහැ! දැන් අපි එකත් ලංකාවේ කරන්න බලමුද? (බ)
සිග්මන් ප්‍රොයිඩ් නමැති මනෝ විශේෂඥයාගේ මතයට අනුව නම් ආදරය නමැති හැඟීම ප්‍රතිවිරුද්ධ ලිංගිකයන්ගේ හැඟීම් නිසා සාමාන්‍ය මනුෂ්‍යයා තුළ හටගැනෙන මනෝමය තත්වයකි. සරලව කිවුවොත් ආදරය යනු ගැහැණු සහ පිරිමින් තුල ලිංගික හැඟීම් නිසා හටගැනෙන්නකි. එසේම විකෘති කාමුක හැඟීම් පාලනය වී තිබෙන්නේ අපි විසින් ඇතිකරගෙන තිබෙන සංස්කෘතියක් නිසා නොවේද? මෙවැනි පාලනයක් මිනිසාට අනවශ්‍ය යැයි කියන්නේ එවැනි විකෘති කාමුකයන්ම නොවේද? ඕනෑම ආයතනයකට, සමාජයකට හෝ රටකට පාලනයක් අවශ්‍ය නොවේද? සමලිංගිකත්වයට බොහෝ දෙනෙකු අකමැති සමාජය විනාශ මුඛය කරා ගෙනයන නිසාය. සමලිංගිකත්වයට අපි සියලු දෙනා විරුද්ධ වියයුතුයි. (නි)
රිචි බාලසුරිය, සමලිංගිකයන් ලෝක ජනගහණයෙන් 10% ක්වත් නැහැ (නි)
සම්මතය කියන්නේ භාවිතයේ තිබෙන දෙයක්. ඉස්සර එක ගෙයි කෑම සම්මතයක්. අද එහෙම නැහැ. යම් දිනෙක අද අසම්මත කියන දේ සම්මතයන් වෙන්න පුළුවන්. (නි)
ඒ ගැන සැකසංකා ඇති කරගන්න එපා රිචී බාලසූරිය. අපේ රට මේ යන විදිහට හරිම ඉක්මණට ඒ තත්වයට එයි. (නි)
ලෝක අර්බුදයකද ? (ම)
ඔය දියුණුයැයි කියාගන්නා බොහොමයක් රටවල් දෙවරක් නොසිතා අසම්මත දේවල් සම්මත කර ගන්නවා ,කාලයාගේ ඇවෑමෙන් පල විපාක ලැබුනම විලාප තියනවා .(ම)
ජනගහනය පාලනය කරන්න හොදම විසදුම (ම)
හා දැන් බලමුකෝ මානව හිමිකම් සංවිධාන මොකද කියන්නේ කියලා. චීනෙට විරුද්ධව කතාකරන්න කවුරුත් බයයි. (නි)